දුම්වැටි තහනම
ශ්‍රීලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත
එසේම ජනයාට ප්‍රවේශ වීමට හැකියාව තිබෙන ස්ථානයක දුම්කොළ නිෂ්පාදන හෝ මධ්‍යසාර බෙදාහැරීමේ විකුණුම් යන්ත්‍ර සහ ස්වයංසේවා ක්‍රම ක්‍රියාත්මක කිරීමටද කිසිඳු තැනැත්තෙකුට නොහැක.තවද දුම්කොළ නිෂ්පාදනයන් අඩංගු හැම පැකැට්ටුවකම සෞඛ්‍යට හානිකරබවට අනතුරු ඇඟවීමක් සහ එක් එක් දුම්කොළ නිෂ්පාදනවල අඩංගු තාර හා නිකොටින් ප්‍රමාණය පිළිබඳව සඳහන් කිරීමකින් තොරව ඒ නිෂ්පාදන විකිණීමද පනත මඟින් තහනම් කර ඇත. එසේම එම ලේබලය පහසුවෙන් කියවිය හැකි අයුරින් පැහැදිලිව පෙනෙන සේ දැක්විය යුතු අතර විවිධ ප්‍රමාණයේ පැකැට්ටු වලට අදාළ ප්‍රමාණයේ ලේබල් නියම කරනු ලැබිය යුතුය.මෙම විදිවිධානය කඩකරන කවරෙකු හෝ රුපියල් 2000 නොඉක්මවන දඩයකට හෝ වසරකට නොවැඩි සිරදඬුවමකට හෝ දඩය හා සිරදඬුවම යන දෙකටම යටත් වන බව පනතේ සඳහන්වේ.
එසේම ලංකාවෙන් පිටත සිට ලංකාවටදුම්කොළ හෝ මධ්‍යසාර පිළිබඳ දැන්වීම් ජනමාධ්‍යය තුළින් ප්‍රචාරණය කිරීමද පනතට අනුව වරදකි. මෙම විදිවිධානය කඩකරන යම් තැනැත්තෙකු මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන නඩුවිභාගයකින් පසු වරදකරු කරනු ලැබීමෙන් රුපියල් මිලියන දෙකකට නොවැඩි දඩයකට යටත් විය යුතුය.
පනතට අනුව දුම්පානය කළහැකි හා නොකලහැකි ස්ථාන
පනතට අනුව දුම්පානය කළහැකි ස්ථාන මෙන්ම දුම්පානය නොකළහැකි ස්ථානද දක්වා ඇත.කාමර තිහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති හෝටලයක,ආගන්තුක නිවාසයක,තාවකාලික නවාතැන් පොළක,අවම වශයෙන් පුද්ගලයන් තිහකට වාඩිවී සිටීමට ඉඩකඩ ඇති යම් ආපන ශාලාවක හෝ සමාජ ශාලාවක,යම් ගුවන් තොටුපොළක ඒවායෙහිද දුම්පානය කළ හැක්කේ ඒ සඳහා අනන්‍ය ලෙස වෙන්කරන ලද අවස්ථාචෝචිත පරිදි කොටු කරන ලද ස්ථානයක හෝ ප්‍රදේශයක බව පෙන්වා දී තිබේ.එසේම එම ප්‍රදේශයට ප්‍රමාණවත් හා නියමිත පරිදි ප්‍රමිතියට අනුව වාතාශ්‍රය ලබාදිය යුතු බවද පනතේ සඳහන්වේ. මෙසේ නොකරන තැනත්තන් උපවගන්තිවල විදිවිධාන උල්ලංඝනය කරන නිසා පනත යටතේ වරදකරුවෙකු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට පවත්වන නඩු විභාගයකින් පසුව වරදකරු කිරීමේදී රුපියල් 2000 ට වැඩි නොවන දඩයකට හෝ අවුරුදු එකකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම යන දෙකටම ඔහු යටත්විය යුතුය. පනත් වගන්තියේ කාර්යය සඳහා පොදු ස්ථානයක් යනුවෙන් මහජනයාට අයිතියක් වශයෙන් හෝ අන්‍යාකාරයකට ප්‍රවේශවිය හැකිවූ ද යම් ස්ථානයක් අදහස්වේ.
දුම්පානය තහනම් යැයි පනත මඟින් දක්වා ඇති ස්ථාන වනුයේ,රජයේ දෙපාර්තමේන්තු,ව්‍යවස්ථාපිත අදිකාරි,ව්‍යවස්ථාපිත මණ්ඩල,කාර්යාල පරිශ්‍ර,බැංකු,අධිකරණ ශාලා,ශ්‍රවණාගාර,ක්‍රීඩා සංකීර්ණ, ආරෝග්‍යශාලා,සායන,බෙහෙත් ශාලා,විද්‍යාගාර,පාසල්,විශ්ව විද්‍යාල,වෙනත් අධ්‍යාපනික ස්ථාන, පුස්තකාල,කෞතුකාගාර,ආගමික ස්ථාන,හෝටල්,ආගන්තුක නිවාස,තාවකාලික නවාතැන් පොළවල්, නේවාසිකාගාර,ආපනශාලා,සමාජ ශාලා,අන්තර්ජාල මධ්‍යස්ථාන,චිත්‍රපට ශාලා,නාට්‍ය රඟහල්,සුපිරි වෙළඳසැල්,ගුවන්තොටුපොළ,දුම්රිය ස්ථාන,බස්නැවතුම් පොළවල්,විවේකාගාර,පොදු වැසිකිළි ගොඩනැගිලි,තනා ඇති ස්ථාන හා විදුලි සෝපාන දක්වා ඇත.
පනත ක්‍රියාත්මක කිරීමේදී ඇතිවූ ගැටලු.
දුම්කොළ නිෂ්පාදන භාවිතයට පුරුදු වූ ජනතාව මෙන්ම සාමාන්‍ය ජනතාවටද මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ගැටලුවකට මුහුණ පෑමට සිදුවිය.එනම් දුම්පානය කළයුතු හා නොකළයුතු ස්ථාන නොදැන සිටීමයි. පොලිස් නිලධාරින් පවා නිසිපරිදි දැනුවත් නොවූ බව ඒ දිනවල ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කළායැයි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු බොහෝ දෙනෙකු නිදහස් කෙරුණු හෙයිනි.මෙයට හේතුව දුම්වැටි සහ මධ්‍යසාර පිළිබඳ පනත ගැන නොදැන සිටීමයි.ජනමාධ්‍ය යොදාගෙන සියලු දෙනාටම හොඳ අධ්‍යාපනයක් ලබාදීම තුළින් මෙම ගැටලුව විසඳා ගැනීම හොඳ ක්‍රමයකි.
උපුටා ගැනීම:(දෙසතිය 2007 මැයි කලාපය).

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home