12 Aug 2011

ලිනක්ස්



සමාගම / විකාශකයා Many
වැඩසටහන් කරන ලද්දේ Various
මෙ.ප පෙළපත Unix-like
වැඩකරන තත්ත්වය වත්මන්
මූලාශ්‍ර ආකෘතිය Free and open source software
අලෙවිකරණ ඉලක්කය Desktops, servers, embedded devices
ලැබිය හැකි භාෂා බහුභාෂමය
ලැබිය හැකි ක්‍රමලේඛන භාෂා Many
සහයදක්වන කරළි DEC Alpha, ARM, AVR32, Blackfin, ETRAX CRIS, FR-V, H8/300, Itanium, M32R, m68k, Microblaze, MIPS, MN103, PA-RISC, PowerPC, s390, S+core, SuperH, SPARC, TILE64, Unicore32, x86, Xtensa
කර්නල් වර්ගය Monolithic
පරිශ්‍රීලකස්ථාන Various
සාමාන්‍ය පරිශ්‍රීලක අතුරු මුහුණත Many
බලපත්‍රය Various including GNU General Public License, BSD License, Apache License, MIT License, and others--on condition that such licenses are compatible with the GNU General Public License (GPLv2)

ලිනක්ස් (Linux) (ග්නූ/ලිනක්ස් ලෙසද හැඳින්වේ) යුනික්ස් හා සමාන පරිගණක මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕඑස් එක්ස් මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට, ලබා ගැනීමට, බෙදා හැරීමට හා වෙනස් කිරීමට ඉඩ සලසයි.
Tux.svgආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. නමුත් පසු කාලීන ව IBM, Sun Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන ව ලිනක්ස් වැඩතල මෙහෙයුම් පද්ධතියක් ලෙස ප්‍රචලිතව ඇත.]. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම හා නිදහස මෙහි සාර්තකත්වයට හේතුවී ඇත.

ඉතිහාසය

1983 වර්ශයේදී, Richard Stallman GNU Project යන ව්‍යාපාරය ආරම්භ විය. එහි අරමුණ වුයේ නිදහස්‍ සහ විවෘත පරිඝණක මෘදුකාංග සම්පූර්ණ (FOSS) විතරක් භාවිතා කර යුනික්ස්-වගේ මෙහෙයුම් පද්ධතියක් නිර්මානය කිරීමයි. 1990 ගනන්වල මුලදී, GNU ව්‍යාපාරය ෙමම පද්ධතිය සදහා අවශම උපාංග නිර්මාණය හා එනතු කිරීම කළා.

තාක්ෂණික සහාය

ලිනක්ස් මෙහෙයුම් පද්ධතීන් සඳහා තාක්ෂණික සහාය ලබාදීම සඳහා ගෙවීමක් කර ආයතනයක් මගින් හෝ මිලියන සංඛ්‍යාතයක් වන ලිනක්ස් පරිශීලකයන් ගෙන් online forums, newsgroups සහ mailing lists මගින් නොමිලේ සහය ලබා ගත හැක.
ව්‍යාපාරික රාමුවේ දී තාක්ෂණික සේවාවන් සඳහා යම් මුදලක් අය කරනු ලැබේ. මේ නිසා විශේෂයෙන් ව්‍යාපාරික භාවිතය සඳහා වෙනමම පැකේජ ලබාදීමට සමහර ලිනක්ස් ආශ්‍රිත සේවා ලබාදෙන ආයතන ක්‍රියා කරයි. මේ සමඟ ම එම විශේෂ ලිනක්ස් පැකේජයට අනන්‍ය වූ පරිපාලන මෘදුකාංග ලබාදීමෙන් ලිනක්ස් භාවිතය පහසුකර දී ඇත.

@කසුන් තාරක




Labels:

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home