වේළුපිල්ලේ ප‍්‍රභාකරන්
| වේළුපිල්ලේ ප‍්‍රභාකරන් | |
|---|---|
නොවැම්බර් 2006 | |
| Born | 1954 නොවැම්බර් මාසයේ 26 වැල්වැටිතුරෙයි, ශ්‍රී ලංකාව |
| Died | 2009 මැයි 18මැයි 18 2009 (වයස 54) නන්දිකඩාල් කලපුව, මුලතිව්, ශ්‍රී ලංකා |
| Cause | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වෙඩි තැබීම |
| Motive | ශ්‍රී ලාංකික දමිළ ජාතිවාදය |
| Charge(s) | නීතිය උල්ලංඝනය කිරීම විරුද්ධව ජීවය සහ සුවය, ත්‍රස්තවාදය, මනුෂ්‍ය ඝාතනය, සංවිධානාත්මක අපරාධ සහ බිහිසුණු ක්‍රියා කිරීම ද්‍රෝහීකම |
| Penalty | අත්අඩංගුවට ගැනීම වරෙන්තු නිකුත් කිරීම කොළඹ ඉහළ අධිකරණය Death warrant issued by Chennai |
| Status | අභාවප්‍රාප්ත |
| Spouse | මදිවදනී එරම්බු |
| Parents | පියා: තිරුවෙන්දකාදම් වේළුපිල්ලේi මව මෙන් රකිනවා:වල්ලිපුරම් පාර්වතී |
| Children | චාල්ස් ලුකස් ඇන්තනී ද්වාරගා බාලචන්ද්‍රන් |
කොටි සංවිධානයේ ධඡය
පවුල් පසුබිම
තිරුවෙන්දකාදම් වේළුපිල්ලේ යනු වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පියාය. ඔහු 1924 වර්ෂයේ ජනවාරි මාසයේදී සිංගප්පූරුවේ උපන් අයෙකි. ප්‍රභාකරන්ගේ මව වල්ලිපුරම් පාර්වතීය. ඇය ශ්‍රීලංකාවේ උපන් කාන්තාවකි. 1947 දී විවාහපත් වූ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඊට පෙර සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ වී ඔහු සේවය කළේය. විවාහයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඔහු රජයේ ලිපිකරුවකු ලෙස සේවය ඇරඹීය. තමන්ට අවුරුදු 58 දී ඔහු රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබුවේ ඉඩම් නිලධාරියකු වශයෙනි.අධ්‍යාපනය
පියාට ලැබුණු රැකියා ස්‌ථාන මාරුවක් නිසා කුඩා ප්‍රභාකරන් ඇතුළු පවුලේ සාමාජිකයෝ අවුරුදු දෙකක්‌ම මඩකලපුවේ ජීවත් වූහ. එම නිසා දෙවැනි ශ්‍රේණිය දක්‌වා එහි පාසලකට ගොස් අකුරු කිරීමට ප්‍රභාකරන්ට සිදුවිය.ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරෙයි මහා විද්‍යාලය, දහස් ගණන් දරු දැරියන්ගේ නුවන් පෑදූ පාසලකි. එහිදී අ.පො.ස. (සා.පෙළ) දක්‌වා අධ්‍යාපනය ලැබුව ද ප්‍රභාකරන්ගේ සිත යොමුවූයේ ත්‍රස්‌තවාදී ක්‍රියා වෙතය. හුදෙකලාව සිටීමට නිතර උත්සුක වූ ඔහු කරාටේ, ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගි විය. ඒ අතර විප්ලවවාදී චරිත පිළිබඳ ලියෑවුණු පොත්පත් ද කියෑවීය.
වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැඩිමල් සහෝදරයා වූයේ මනෝකරන් වේලුපිල්ලේය. (1948) ඔහුගේ බිරිය වනජාදේවිය. වැඩිමහල් සහෝදරි ජෙගදිස්‌වරිය (1949) ඇගේ සැමියා මාතියාපරණම්ය. දෙවැනි සහෝදරිය විනෝදනීය. (1952) ඇයගේ සැමියා රාසේන්දිරන්ය.
විවාහය
කොටි සංවිධානයේ සෙසු නාඹරයන්ට විවාහවීමට ඉඩ නොදුන් වේලුපිල්ලේ ප්‍රභාකරන් 1984 ඔක්‌තෝබර් මස 01 වැනිදා විවාහ විය. තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුගන් කෝවිලේදී ඔවුන්ගේ විවාහය සිදුකෙරිණි. ඔහුගේ භාර්යාව වූයේ වී. කේ. එරම්බු සහ සින්නම්මා යුවළගේ රූමත් දියණිය මදිවදනීය.ප්‍රභාකරන් මදිවදිනි යුවළට දරුවන් තිදෙනෙකි. පළමුවැන්නා 1985 අප්‍රේල් 18 වැනිදා උපන් චාල්ස් ලුකස් ඇන්තනීය. පවුලේ දෙවැනියා ද්වාරගා දියණියයි. ඇය 1986 ජුනි මස 2 වැනිදා උපන්නීය. බාලචන්ද්‍රන් පවුලේ බාලයාය. ඔහු 1996 ජනවාරි මස 10 වැනිදා උපන් අයෙකි.
රටේ සෙසු දරුවන්ගේ අධ්‍යාපන අයිතියට බාධා කළ ප්‍රභාකරන් තම දරුවන්ට ඉතා හොඳින් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළේය. ඔහුගේ දරුවන් අධ්‍යාපනය හදාරේ ද ශ්‍රී ලංකා රජයේ පාසල් විෂය මාලාවයි. වැඩිමහල් දරුවන් දෙදෙනාට විදෙස් උසස් අධ්‍යාපනයක් ලබාදීමට ද ප්‍රභාකරන් සමත් විය
කොටි සංවිධානයේ ආරම්භයේ පසුබිම
- 1954 ජනවාරි 18 - කොතලාවල - නේරු ගිවිසුම
- 1956 ජුනි 15 - සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සඳහා වූ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීම. ෆෙඩරල් පක්‍ෂය විසින් සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්වීම
- 1956 අගෝස්තු 16 - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඇරඹීම
- 1957 ජුලි 25 - බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම
- 1957 ඔක්‌තෝබර් 03 - ගිවිසුමට එරෙහිව ජේ.ආර්. ජයවර්ධන විසින් නුවර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීම
- 1958 ජනවාරි 19 - "ශ්‍රී" විරෝධී ව්‍යාපාරය - ෆෙඩරල් පක්‍ෂය
- 1958 අගෝස්තු 14 - දෙමළ භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම
- 1972 - දෙමළ එක්සත් පෙරමුණ බිහිවීම
එල්.ටී.ටී.ඊ සංවිධානය හා ඊළාම් රාජ්‍යය පිළිබඳ සංකල්පය
- 1976 මැයි 05 දින දෙමළ සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් එකතුවූ 40-50 පිරිසක් විසින් වඩුක්කෝඩෛ ප‍්‍රදේශයේ පැවැත්වූ සමුළුව එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවීමේ ආරම්භක නිමිත්ත විය.
- 1976 වඩුක්කෝඩෛ සමුළුවේ තීරණයක් අනුව බිහිවූ ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ සන්නද්ධ ඒකකය ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය ගොඩනගන ලදී.
- 1975 ජුලි 27 දින එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීම.
- 1983 ජුලි 23 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙක් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කිරීම.
- 1987 ජුලි 29 දින - ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම
- 1987 - එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සිය පළමු මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කිරීම
- 1987 ජුලි - ඉන්දියන් හමුදාව ශ්රී ලංකාවට පැමිණීම
- 2000 පෙබරවාරි - නොර්වේ සාම මැදිහත්කරුවා ලෙස කරළියට පැමිණීම
- 2000 දෙසැම්බර් - එල්.ටී.ටී.ඊය විසින් සටන් විරාමයක් ප‍්‍රකාශයට පත්කිරිම හා සාම සාකච්ඡා සඳහා සූදානම් වීම
- 2001 අපේ‍්‍රල් 24 - එල්.ටී.ටී.ඊ ය විසින් සටන් විරාමය අවසන් කිරීම
- 2001 ජුලි - කටුනායක ගුවන් තොටුපළට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම
- 2002 පෙබරවාරි - රනිල් - ප්‍රභා අවබෝධතා ගිවිසුම
සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ අවධීන්
- 1983- 1987 දක්‌වා - පළමු ඊලාම් යුද්ධය
- 1990 - 1993 දක්‌වා - දෙවන ඊලාම් යුද්ධය
- 1995 - 2002 දක්‌වා - තෙවන ඊලාම් යුද්ධය
- 2006 සිට - හතරවන ඊලාම් යුද්ධය
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උපත
-
- 1970 දී ප්‍රභාකරන් තවත් තරුණ පිරිසක් හා එක්ව යාපනය වැල්වටිතුරෙයි නගරයේ නවතා තුබූ ලංගම බසයකට ගිනි තබති.
- 1975 ජූලි 27 වැනිදා ප්‍රභාකරන් යාපනය නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරයි.
- 1976 මැයි 05 වැනිදා දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිහි විය. එල්ටීටීඊයේ මුල් නායකයා වූයේ උමා මහේෂ්වරන් ය. සන්නද්ධ අංශය භාරව කටයුතු කළේ වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ය.
- 1978 දී යාපනය නගරාධිපති මරා දැමීම හා එහි වගකීම ප‍්‍රභාකරන් විසින් බාර ගැනීම. මේ බව එල්.ටි.ටී.ඊ.ය පළමුවරට ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එම නිවේදනය යතුරු ලියනය කර තිබුණේ එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය හෙබවූ අමිර්තලිංගම් මහතාගේ කාර්යාලයේදී බව පසුව හෙළිවිය.
- 1979 දී උමා මහේෂ්වරන් එල්ටීටීඊ නායකත්වයෙන් ඉවත් වෙයි. ඉන්පසු වේළුපිල්ලේ ප‍්‍රභාකරන් එල්ටීටීඊයේ නායකත්වයට පත්වෙයි.
මෙම වැරදිවලට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන ලද්දේ ප්‍රභාකරන් නොවේ කරිකාලන්ය. ඒ දවස ඔහු ජනප්‍රිය වී සිටියේ ඒ නමින්ය. 1972 ප්‍රභාකරන්ගේ මිතුරන් තිදෙනකු සමඟ කුඩා බෝම්බ තැනුවේය. ඉන් එකක් පුපුරා ගොස් ඔහුගේ දකුණු කකුල පිළිස්‌සී කළු පැහැ ගැන්විණි. එදින සිට ඔහු කරිකාලන් (කළු පාද ඇති මිනිසා) ලෙස ද ප්‍රසිද්ධ විය.
ආණ්‌ඩුවේ රැකියාවක් සොයා ලබාගැනීමට හැකිවන අයුරින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ප්‍රභාගේ පියා කටයුතු කළේය. ඔහු ගුරුවරයකු ගෙදරට ගෙන්වා ප්‍රභාකරන්ට අධ්‍යාපනය ලබාදෙන ලදී. ගුරුවරයා දෙමළ ජාතිවාදියෙකි. දෙමළ ජනතාවගේ අනාගතය ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වෙන්වීම තුළින් යෑයි ඔහු ප්‍රභාකරන්ට කාවැද්දුවේය. "ආයුධ සන්නද්ධ අරගලයේ අවශ්‍යතාව ගැන මගේ සිත තුළට කාවැද්දුවේත් ඒ පිළිබඳව විශ්වාසය තබන ලෙසට මා පෙළඹවූයේත් එම ගුරුවරයාය. "ප්‍රභාකරන්ගේ දුරාවබෝධ මනසක ඇතුළාන්තය" නමැති පොත රචනා කළ එම්. ආර්. නාරායන් ස්‌වාමිගේ එම කෘතියේ ප්‍රභාගේ ප්‍රකාශ සඳහන් වන්නේ එලෙසින්ය. "කුප්‍රකට වඩුක්‌කෝඩෙයි" ප්‍රකාශය දෙමළ නායකයන් 40 ක් 50 කගේ සහභාගිත්වයෙන් 1976 මැයි මස 5 වැනිදා එළිදක්‌වන ලදී. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්. ටී. ටී. ඊ.) නිල වශයෙන් ඉන්පසුව බිහිවන්නේ දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ සන්නද්ධ අංශය ලෙසින්ය.
ද්‍රවිඩ ජනතාවගේ විමුක්‌තිය සඳහා යෑයි පිsහිටුවා ගත් ත්‍රස්‌තවාදී කොටි සංවිධානය එම ගමන ආරම්භ කළේ 1975 ජූලි 27 වැනිදා යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා මහතා පන්නාලෙයි කෝවිල් බිමේදී ඝාතනය කරමින්ය. ඔහුට වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ප්‍රභාකරන් (කරිකාලන්) විසින්ය. එල්. ටී. ටී. ඊ. සංවිධානය පිහිටුවීම නිසා ප්‍රභාකරන්ට මිතුරන් පිරිසක් හඳුනාගත හැකි විය
එල්.ටී.ටී.ඊ. ව්‍යාප්තිය
-
- 1983 දී ඇති වූ කළු ජූලිය නිසා ප‍්‍රභාකරන්ට ඉන්දියාවේ සහය ලැබීම
-
- 1984 දී ඉන්දියාවේ ‘‘රෝ’’ සංවිධානයේ මැදිහත්වීමෙන් එල්ටීටීඊය. ගරිල්ලා සටන් පුහුණුව ලබයි. දහස් ගණනින් දෙමළ තරුණයෝ එල්ටීටීඊයට බඳවා ගැනීම
-
- 1987 ජූලි 05 වැනිදා කොටි පළමුවරට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කරති. එහිදී නෙල්ලිඅඩි කඳවුරේ සිටි සෙබළු 17 දෙනෙක් මියයෑම
-
- 1987- 1990 කාලයේදී එල්ටීටීඊ සංවිධානය නැගෙනහිර පළාතේ පාලනය සියතට ගැනීම
-
- 1993 වන විට ප්‍රභාකරන් කොටි ගුවන් හමුදාවක් ද අරඹයි. ගුවන් යානා නාශක මිසයිල, නවීන අවිආයුධ වලින් සමන්විත ලොව අංක එකේ ගරිල්ලා සංවිධානය බවට එල්.ටී.ටී.ය අතට පත්වීම
-
- 1983, 1988, 1994 හා 2006 වසර වලදී එල්ටීටීඊ සංවිධානයට නායකත්වය දෙමින් ඊළම්යුද්ධ හතරක් ඇරඹීම
ප්රභාකරන්ට ඇන්ටන් බාලසිංහම් මුණගැසුණේ 1979 වසරේදී මදුරාසියේදීය. බාලසිංහම්ගේ ශ්‍රී ලාංකීය බිරිය මියගිය පසු ඕස්ට්‍රේලියානු ඇඩෙලරා සමඟ විවාහ වී ලන්ඩනයේ විසූහ. ඔහු කලක් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ද සේවය කළේය. 1978 දී එල්. ටී. ටී.ඊ. ය වෙනුවෙන් ඔහු ලියූ "සමාජවාදී ඊළාමයක් කරා" (ඔදආරාs Sදජස්‌කසිඑ Eaක්‌ප) ලිපිය කියවූ ප්‍රභාකරන්ට ඇන්ටන් බාලසිංහම් පිළිබඳ උනන්දුවක් ඇතිවිය. ඔවුන් දෙදෙනාගේ හමුවීමට මුල් වූයේ එම ලිපියයි.
කිට්‌ටු හෙවත් සතාසිවන් ක්‍රිෂ්ණකුමාර් ප්‍රභාගේ පාසල් මිතුරෙකි. මහත්තයා ඩිලන්, ෙච්ට්‌මිද ඔහුගේ ගජ මිතුරෝ වූහ. ප්‍රභාකරන් වැඩිපුර ප්‍රිය කළේ රිවෝල්වරයක් හෙවත් කුඩා පිස්‌තෝලයක් භාවිත කිරීමටය. ඔහු වෙඩි තැබීමට දක්‍ෂයකු වූ බව කියෑවේ. ඔහු දක්‌ෂයකු වූයේ තනියම ඉගෙන ගෙනය. ලන්ඩනයේ පළවූ "වෙඩි තබන්නට ඔබ ඉගෙන ගන්න" (ඔeaජය ශදමිeකෙ Sයදදඑසබට) කෘතිය ඒ සඳහා ඔහුට ප්‍රබල රුකුලක් විය. ප්‍රභාකරන් පිස්‌තෝලයක් මුලින්ම මිලට ගත්තේ ඉතා අමාරුවෙනි. ඒ 70 දශකයේ මුල් කාලයේය. ඔහුට අටදෙනකුගෙන් යුතු කල්ලියක් සිටියහ. පිස්‌තෝලයක් මිලට ගැනීම ඔවුනගේ මූලික අරමුණ වූහ. ඔවුන් හැම මාසයකම ප්‍රභාට රුපියල් 25 බැගින් ලබාදී ඒ සඳහා මුදල් ඉතිරි කළහ. ඔවුන්ගේ මුදල් එකතුව රුපියල් 40 ක් විය. ප්‍රභා සිය සහෝදරියගේ මඟුල් මුද්ද හොරෙන් විකුණා රුපියල් 70 ක් ලබාගත්තේය. යාපනයේ මැරයකුගෙන් රුපියල් 150 කට රිවෝල්වරයක් මිලට ගැනීමට එම පිsරිස එලෙස ක්‍රියා කළහ.
සයනයිඩ් කරල
ප්‍රභාකරන් තම සාමාජිකයන්ගේ ගෙලෙහි සයනයිඩ් කරලක් එල්ලුවේය. ඔහු ඒ සඳහා ආභාශය ලැබුවේ සිවකුමාර් නමැත්තකුගෙනි. ඔහු යාපනයේදී ඇමැතිවරයකුද, නගරාධිපති ඝාතනයට ප්‍රභාට සහය වූවෙකි. යාපනයේ බැංකුවක් කොල්ලකෑමට ගත් උත්සාහයේදී පොලිසිය ඔහු ලුහුබඳින්නට විය. ගෙලෙහි බැඳ තිබූ සයනයිඩ් කරලක් ගිල දැමීමෙන් ජීවිතයට සමුදී පොලිසියෙන් බේරීමට ඔහුට හැකියාව ලැබුණේය. ප්‍රභාකරන් ආදර්ශයට ගත්තේ එම සිදුවීමය.ඉන්දීය අත්අඩංගුවට පත්විම
ප්‍රභාකරන් ඉන්දියාවට පැන ගියේ 1981 ජුනි මාසයේදීය. ඔහු එහිදී ඉන්දීය අත්අඩංගුවට පත්විය. එහිදී අවි පුහුණුව ලැබීමට ද ඔහුට හැකිවිය. විවාහයද ඉන්දියාවේදී සිදුකෙරිණි. එල්. ටී. ටී. ඊ. සංවිධානය යුද හමුදාව වෙත දැවැන්ත ප්‍රහාරයක් පළමු වරට එල්ල කළේ 1983 ජූලි මස 23 වැනිදාය. යාපනය විශ්වවිද්‍යාල මාවතේ කින්නවේලි හංදියේදී ගසක සිට එල්. ටී. ටී. ඊ. කාඩරයකු එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් යුද හමුදා සොල්දාදුවෝ 13 දෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ. ප්‍රභාකරන්, කිට්‌ටු, රන්ජන් ඇතුළු පිරිස මෙම ප්‍රහාරයට සහභාගි වූහ. ඉන්පසු ඔවුහු එම ස්‌ථානය තමන්ගේ අමරණීය ස්‌ථානයක් ලෙස සලකා සිහිවටන ඵලකයක් ද ඉදි කළහ. පසු කලක එය කඩා බිඳ දමා ඇති අයුරු එම ස්‌ථානයේදී දැකගත හැකිවිය. එම සොල්දාදුවන් ඝාතනය නිසා සුප්‍රකට කළු ජූලිය ද ඇතිවිය.කොටි සංවිධානයේ තහනමේ ඉතිහාසය
- 1983 මාර්තු මාසයේදී හදිසි නීතිය යටතේ කොටි සංවිධානය නීති විරෝධී සංවිධානයක් ලෙස තහනම් කැරුණි.
- 1989 හදිසි නීතිය ඉවත් කිරීමත් සමඟම කොටි තහනම ඉවත් කෙරුණි.
- 1998 ජනවාරි 25 දළදා මාලිගාවට එල්ල වූ කොටි ප‍්‍රහාරයෙන් පසු කොටි සංවිධානය තහනම් විය.
- 2002 එජාප ආණ්ඩුව බලයට පත්වූ පසු නෝර්වේ රජයේ මැදිහත්වීමෙන් ඇතිවූ සටන් විරාම ගිවිසුම යටතේ කොටි සංවිධානයට පැනවූ තහනම ඉවත් කෙරුණි.
@ktdmk

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home