13 Aug 2011

අන්තර්ජාතික අභ්‍යාවකාශ නැවතුම්පොළ-සම්පත් ස්ථානීයකරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය

අන්තර්ජාතික අභ්‍යාවකාශ නැවතුම්පොළ පෘථිවියට දළ වශයෙන් 360km උන්නතාංශයකින් පිහිටි කක්ෂයක රඳවා ඇත. මෙවන් කාක්ෂික බොහෝ විට පහත් පෘථිවි කාක්ෂික නම් වන අතර සත්‍ය උන්නතාංශය වායුගෝලීය තල්ලුව හා යලි ජවය ලබා ගැනීම් නිසා විචල්‍ය වේ. නැවතුම්පොළ පෘථිවිය වටා විනාඩි 90කින් පමණ පරිභ්‍රමණය වේ එය 1998 නො‍වැම්බර් 20 සාර්යාගේ ගොඩබැස්ස වීමේ සිට 2007 අගෝස්තු දක්වා කාලය තුලදී පරිභ්‍රමණ 50000 කට වඩා සම්පූර්ණ කර ඇත. 2010 වසරේ කල්පිරීමේ දිනය වන විට සම්පීඩිත මොඩියුල 10 ක් ISSහි එකතු කිරීමට නියමිතව ඇත ඒවා නම්,
1.සාර්යා
2. සෙවඩා
3.ඩෙස්ටිනි
4.යුනිටි - පෙර නෝඩ් 1 ලෙස හැඳින්‍විණි.
5.හාටත් - පෙර නෝඩ් 2 ලෙස හැඳින්විණි.
6. නොඩ් 3
7. කොළම්බස්
8. කිබ්‍රෝ
9.MLM
10. RM
තවත් මේ හැර කුඩා සම්පීඩිත ඒකක රාශියක් ඒවාට ඇමිණෙනු ඇත.
  • සෝයුස් - ස්ථාවර ජීව යාත්‍රා 2-මාස 6 ක ආවර්ත කාලයක් සහිතව
  • ප්‍රෝග්‍රෙස් ප්‍රවාහන යානා - 2ක් හෝ වැඩිපුර
  • ක්වෙස්ට් , පයාර්ස් - ගුවන් අඟුල්
එමෙන්ම ආවර්තීයව
  • බහු කාර්ය ලෙජිස්ටික මොඩියුල
  • ස්වයංක්‍රීය ප්‍රවාහන රථ
  • H – II ප්‍රවාහන රථ.
ISS සම්පූර්ණ වූ විට රාමුවකට සවි වූ සම්පීඩිත සන්නිවේදන මොඩියුල ගොන්නකින් සහ විශාල ප්‍රභා වෝල්ටීය සූර්ය කෝෂ පාලන මොඩියුල යුගල් 4 කින් සමන් විත වනු ඇත. සම්පීඩිත මොඩියුල හා රාමුව ලම්බක වනු ඇත. රාමුව තාරකා පුවරුවේ සිට ද්වාරය දක්වා විහිදෙන අතර ජනාවාස විය හැකි කලාපය ඉදිරි - පසුපස අක්ෂය ඔස්සේ විහිදේ. ගොඩ නැඟීම අතරතුරේ දී නැවතුම් පොලේ පිහටීම වෙනස් විය හැකි වුව ද සූර්ය කෝෂ ඒවායේ නිශ්චිත ස්ථානවල පිහිට වූ විට ඉදිරි පසුපස අක්ෂය ප්‍රවේග දෛශිකයට සමාන්තර වනු ඇත. පියාසැරි එකලස් කිරීම හා සංවිධානයට අමතරව දැවැන්ත ව්‍යාපෘතීන් 2010 දක්වා සිදු කිරීමට අමතර අභ්‍යාවකාශ යානා ආසන්න වශයෙන් 30 ක් අවශ්‍යව ඇත. පරීක්ෂණාත්මක උපකරණ , ඉන්ධන හා ආහාර පාන ISS වෙත රැගෙන ඒම ෂටලය (Shuttle), රුසියානු progress යානය , යුරෝපීය ATV (පවතින බහාලුම) හා ජපාන HTV මගින් සිදු කෙරේ.

@කසුන් තාරක

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home