මයික්‍රෝ කාර් සමාගම
| වර්ගය | Public |
|---|---|
| කර්මාන්තය (Industry) | මෝටර් රථ කර්‍මාන්තය |
| ආරම්භය | 1995 |
| මූලස්ථානය (Headquarters) | පෑලියගොඩ, ශ්‍රී ලංකාව |
| සේවය කරන උදවිය | ආචාර්‍ර්ය ලෝරන්ස් පෙරේරා, නිර්මාතෘ C.P.ගුහාශංක, අධ්‍යක්ෂක මණ්ඩල සාමජික සබ්‍රි වහිඩ්, අධ්‍යක්ෂක මණ්ඩල සාමජික රෝයි ද සිල්වා, අධ්‍යක්ෂක මණ්ඩල සාමජික. |
| නිපැයුම් | මයික්‍රෝ ප්‍රිවිලෙජ් මයික්‍රෝ MPV ජූනියර් III මයික්‍රෝ ට්‍රෙන්ඩ් මයික්‍රෝ MX7 මයික්‍රෝ රෙක්ස්ටන් II මයික්‍රෝ කයිරොන් මයික්‍රෝ ඇක්ටියොන් මයික්‍රෝ ඇක්ටියොන් ස්පොර්ට් මයික්‍රෝ ඩබල්-ඩෙකර් මයික්‍රෝ ප්‍රයිම්ඕවර් මයික්‍රෝ ඇග්‍රි |
| වෙබ්අඩවිය | www.microcars.lk |
60% දේශීය අමුද්‍රව්ය්‍ය භාවිතා කොට, ශ්‍රී ලංකාවේ පලමු මෝටර් රථය ලෙස නිර්මාණය කොට නිපදවන ලද්දේ මයික්‍රෝ මොටර් රථයයි. 1999 දී එහි මූලාකෘතිය නිපදවන ලද අතර එහි මංගල පරීක්ෂන ධාවනය එම වසරේ දෙසැම්බරයේදී සිදු කරන ලදී. එහි බඳ කොටස් හැඩකාර අයුරින් කෘත්‍රීම මැට්ටෙන් මොඩලයක් ලෙස තනා එහි සංයුක්තය අවසන් තත්ව පරීක්ෂාවට වසර 2000 ජුනි මසදී ලක් කරන ලදී.
මයික්‍රෝ සමාගමේ පලමු මොටර් රථය, ඉතා දීර්ඝ ක්‍රියාවලියකින් අනතුරුව 2003 දී ශ්‍රී ලංකා මෝටර් රථ දෙපාර්තුමේන්තුවේ නිළ වශයෙන් ලියාපදිංචි කරන ලදී.
මයික්‍රෝ ප්‍රිවිලෙජ්
දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද පලමු මොටර් රථය වන්නේ මයික්‍රෝ ප්‍රිවිලෙජ් රථයයි. මෙම රථය සැලසුම් කිරීමේ ප්‍රධාන අරමුණු ලෙස ශ්‍රී ලංකාවේ බහුතරයකට මිලදී ගත හැකි, ආරක්ෂාකාරී, ලාභදායී හා පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක් සැලසීම යන කාරණා දැක්විය හැක.මෙම රථය 1000cc සිලින්ඩර 4 කින් යුතු EFI ගැසොලින් එන්ජිමකින් බලගැන්වී ඇත. එය ස්යංක්‍රීය නොවන ගියර් 5ක ගියර් පද්ධතියකින් යුතුවේ. ඒ හැරුනු විට අනෙකුත් සාමාන්‍ය මොටර් රථයක් සතු පහසුකම් වලින් යුක්ත වේ. ඒවා නම්...
- පළිඟු දීප්ත ප්‍රධාන ලාම්පු
- වායු සමීකරන පද්ධතිය
- 13" රෝද රිම් පද්ධතිය
- රේඩියෝ CD/කැසට් ප්ලේයරය
- විද්යුත් වීදුරු ජනේල පද්ධතිය
- දුරස්ථ පාලකය සහිත මධ්‍යගත දොරගුල් පද්ධතිය
මයික්‍රෝ ට්‍රෙන්ඩ්
මයික්‍රෝ ට්‍රෙන්ඩ් රථය ඉතා හුරුබුහුටි නගරයට ගැලපෙන්නා වූ මෝටර් රථයකි. එය ඉතාලියේ පිනින්ෆරිනා හා හෙෆෙයි මොටර් රථ සමාගම විසිනි. 2003 ජනවාරියේදී මෙම රථය හඳුන්වාදුන් අතර අප්‍රේල් හිදී විකිනුම් ආරම්ඹ කරන ලදී.මයික්‍රෝ ඇක්ටියොන්
මයික්‍රෝ සමාගමේ SUV වර්ගයේ නිපැයුමකි. ලීටර් 2.0 ධාරිතාවෙන් යුත් ඉන්ටර් කූලර් ටර්බෝ ඩීසල් එන්ජිම(3rd Generation VGT A200XVT) අශ්ව බල 141 හා මිනිත්තුවට වට 4000ක බලයක් උත්පාදනය කරයි. ගියර් 6කින් යුතු ස්වයංක්‍රීය / ටිප්-ට්‍රොනික් ගියර් පද්ධතිය හෝ ස්වයංක්‍රීය නොවන ගියර් 5කින් යුතු ගියර් පද්ධතියකින් සමන්විත වේ. 4 වීල් රථයක් වන මෙය ධාවනය වන අතරතුර 2 වීල් තත්වට පත් කිරීමට හැකියව ඇත.මයික්‍රෝ ඇක්ටියොන් ස්පොර්ට්
පික් අප් වර්ගයේ රථයකි. මයික්‍රෝ ඇක්ටියොන් රථයේ සැලසුමට නිපදවන ලද ඩබල් කැබ් රියකි.මයික්‍රෝ ඩබල්-ඩෙකර් බස් රථය
සුඛෝපභෝගී බස් රථයකි. මයික්‍රෝ කාර් සමාගමේඅප්‍රධාන අරමුණ වනුයේ මගීන්ගේ සුව පහසුව සැලසීමයි. මීට අමතරව..- මගීන්ට පහසුවෙන් බස් රථයට ගොඩ විය හැකි පරිදි නිපදවන ලද පොලවට ආසන්න රථයේ බිම කොටස.
- නවීණ තාක්ෂණය හා ආරක්ෂාව.
- ABS බ්‍රේක් පද්ධතිය.
- සම්පූර්ණ වායු සමීකරන පද්ධතිය.
- ස්වයංක්‍රීය දොර පද්ධතිය.
මයික්‍රෝ රෙක්ස්ටන් II
දකුනු කොරියානු සැන්ග්යොන්ග් මෝටර් රථ සමාගම සමග එක්ව කල මයික්‍රෝ සමාගමේ තවත් SUV වර්ගයේ නිපැයුමකි. සැන්ග්යොන්ග් රෙක්ස්ටන් රථයේම මාදිලියක් වන නමුත් අභ්‍යන්තරය දේශීය වශයෙන් වෙනස්කම් වලට ලක් කර ඇත. ගියර් පද්ධතිය ටිප්-ට්‍රොනික් වන අතර බෙන්ස් රථයේ ලීටර 2.7 ඩීසල් එන්ජිමකින් බල ගැන්වී ඇත.මයික්‍රෝ MPV
මයික්‍රෝ සමාගම ආරම්භයේම නිෂ්පාදනය කරන ලද, සමාගම සතු ප්‍රථම mini වර්ගයේ වෑන් රථයයි.වර්ථමානයේදී මයික්‍රෝ සමාගම, කොරියාවේ සැන්ග්යොන්ග් මෝටර් රථ සමග එක්ව ශ්‍රී ලංකාව තුල SUV Sport utility vehicle රථ එකලස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතී. මර්සිඩිස් බෙන්ස් රථ එන්ජිම මගින් බලගැන්වෙන මෙම රථ මාදිලි වන්නේ..
උපුටා ගැනීමකි..
- http://www.microcars.lk - නිල වෙබ් අඩවිය
- http://www.nation.lk/2008/08/17/busi7.htm - මයික්‍රෝ කාර් සමාගම පලමු ඩබල්-ඩෙකර් බස් රථ නිපදවයි
ඉදිරිපත් කිරීම @කසුන් තාරක
Labels: මයික්‍රෝ කාර්

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home