10 Aug 2011

තොරතුරු තාක්‍ෂණය, දේශීයකරණය සහ රටේ අනාගතය

 තොරතුරු තාක්‍ෂණය දේශීයකරණය දැන්‌ සැම තැනම කතා කරන මාතෘකාවක්‌ වෙලා. පහුගිය කාලය තුළ Mozilla Firefox, ලිනක්‌ස්‌ මෙහෙයුම්‌ පද්‌ධති වගේම Microsoft Windows Vista සහ MS Office 2007 පැකේජයන්‌ පවා සිංහලට පැමිණීම මෙහිලා විශේෂ කොට දක්‌වන්‌න පුලුවන්‌. එමෙන්‌ම නුදුරු අනාගතයේදී තව තවත්‌ වටිනා මෘදුකාංග දේශීයකරණය වෙනු ඇති.
ඉංග්‍රීසි මෘදුකාංග වලට සිංහල අතුරු මුහුණත්‌ (interface) සැකසීම දේශීයකරණයට ප්‍රමාණවත්‌ නොවේ. අපගේ දැක්‌ම අනුව දේශීයකරණය දෙයාකාරයකින්‌ සිදුවිය යුතු යි. පළමුව දේශීය ඵලදායිතාව නැංවීම සඳහා අවශ්‍ය තොරතුරු තාක්‍ෂණය දැනුම ඉහල දැමිය යුතුය. ගොවිපලේ සිට කර්‌මාන්‌ත සහ කාර්‌යාලීය මට්‌ටම දක්‌වා තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම මේ යටතට වැටේ. භාෂාව මේ සඳහා විශාල බාධකයක්‌ විය හැකි බැවින්‌ දේශීයකරණයට සිදු කිරීමේදී ඒ ඒ අංශයන්‌ගෙන්‌ රටට සිදුව ඍජු සහ වක්‍ර බලපෑම්‌ අනුව ඒවාට ප්‍රමුඛතාවය ලබා දී ක්‍රියාත්‌මක කළ යුතුය.
දෙවන කොටසට අයිති වනුයේ තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීම සඳහා තාක්‍ෂණවේදීන්‌ සැකසීමේ කාර්‌යයයි. මේ සඳහා ක්‍රමවත්‌ අධ්‍යාපන ක්‍රමයක්‌ සැකසීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම්‌ ශිෂ්‍ය ශිෂ්‍යාවන්‌ට සහ දැනට එම ක්‍ෂේත්‍රෙය්‌ නියැලෙන අයට ලබාදීම අනිවාර්‌ය වේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස්‌ පෙළ සඳහා අතිරේක විෂයක්‌ ලෙස තොරතුරු තාක්‍ෂණය(ICT සහ GIT) හඳුන්‌වා දීම මෙහි ලා අගය කළ යුතු ක්‍රියාමාර්‌ගයකි. එසේම නව විෂය නිර්‌දේශය යටතේ උසස්‌ පෙළ ප්‍රධාන විෂයක්‌ ලෙස තොරතුරු තාක්‍ෂණය (IT) ඉගැන්‌වීමට ආරම්‌භ කිරීම වඩාත්‌ අගය කළ යුතුය. ඉතා වටිනා අගය කළයුතු විෂය නිර්‌දේශයකින්‌ එය සමන්‌විතය.
අපගේ දැක්‌මට අනුව දැනට අරටුව ශක්‌තිමත්‌ව සැකසෙමින්‌ පවතී. අනෙකුත්‌ බාහිර කරුණු ද, එයට අවශ්‍ය කරන ශක්‌තිය ද ලබාදේ නම්‌ ත්‍රස්‌තවාදයෙන්‌ මිදුනු අපේ රටට අහිමිව ගිය ආර්‌ථික ස්‌ථානයද නැවත හිමිකරදීමට අනාගත පරපුරට හැකි වනු නොඅනුමානය.
වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Input Method Editor) ස්ථාපනය කරගැනීම
භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් (Language Interface Pack - LIP) යනු, වින්ඩෝස් විස්ටා වැනි යම් මෙහෙයුම් පද්ධතියක හෝ මයික්‍රෝසොෆ්ට් වර්ඩ් වැනි පරිගණක වැඩසටහනක මුහුණත, භාවිත කරන්නාගේ දේශීය භාෂාවෙන් හැඩ කිරීමට සමත්වන මෘදුකාංගයකි. යම් මූලික භාෂාවක් (සාමාන්‍යයෙන් ඉංග්‍රීසි බස) පදනම් කරගෙන පරිගණකය තුල මෙහෙයුම් පද්ධතියක් හෝ පරිගණක වැඩසටහනක් ස්ථාපනය කළ පසු ඒ මත මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් ස්ථාපනය කිරීමෙන් මුල් මෙහෙයුම් පද්ධතියේ හෝ පරිගණක වැඩසටහනේ වදන් සහ හැඩතල සැලකිය යුතු ලෙස අදාල දේශීය භාෂා‍ව වෙත පරිවර්තනය වීම සිදුවේ.
මේ වන විට වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සහ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලය සඳහා සිංහල භාෂාව වෙනුවෙන් වූ මෙවැනි භාෂා අතුරු මුහුණත් ඇසුරුමක් හඳුන්වා දී තිබේ. මෙය ස්ථාපනය කළ විට ඔබේ පරිගණකයේ සහ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ මූලික මෙනු, බොත්තම්, උපදෙස් සහ විස්තර සැලකිය යුතු ලෙස සිංහල මාධ්‍යයෙන් දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මෙහිදී සිදුවනුයේ මෙම මෘදුකාංග වලදී භාවිත වූ ඉංග්‍රීසි වචන සඳහා සිංහල වදන් පෙලක් මුසු කිරීමයි. මෙම කාර්යය සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය, විශ්ව විද්‍යාල ප්‍රජාව සහ දේශීය භාෂා විශාරදයින් මයික්‍රෝසොෆ්ට් ආයතනය සමඟ අත් වැල් බැඳගන්නා ලදී.
මෙම වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම හෝ මයික්‍රෝසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම ස්ථාපනය කිරීම සඳහා සිංහල-දෙමළ ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Sinhala Tamil Input Method Editor - IME) පරිගණකය තුල ස්ථාපනය කරතිබීම යෝග්‍ය වේ.

@ktdmkasun

Labels:

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home