10 Oct 2013

ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව - Gustav Gun


කාල තුවක්කු යනු යුද අවස්ථාවන්හි ඉතා වැදගත් කාර්යයක් ඉටුකරන අවියකි මෙය යුධ ප්‍රහාර සදහා ක්‍රමවත්ව යොදා ගන්නේ පළමු වැනි
ලෝක යුද්ධ සමයේ සිට බව සදනන් වේ . කාල තුවක්කු වල අතීතය ඈතට දිව යන්නකි . දෙවන ලෝක යුධ සමයේ නිපදවා ඇති ගුස්ටාව් ගන් (Gustav Gun) නැමති කාලතුවක්කුව එතෙක් මෙතෙක් ලොව නිපදවා ඇති විශාලතම කාලතුවක්කුව වේ . මේ ඒ ගැන සොයා බැලීමකි .

මෙය Railway Gun එකකි . තුවක්කුව විශාල නිසා ප්‍රවාහනය පහසු කරනු පිණිස තුවක්කුව වෙනුවෙන්ම සැකසූ දුම්රිය එන්ජිමක් සහිත යන්ත්‍රයක ස්ථාපිත කර ඇත . තැනින් තැනට ‍රැගෙන යාමට රේල් පාර ඉදිකිරීමටද සිදුව ඇත .

මෙය ක්‍රියා කරවීම සදහා එකවර 500 ක හමුදා පිරිසක් අවශ්‍යය වී ඇතැයි කියවේ . තුවක්කුව භාර අණදෙන නිලධාරියා මේජර් ජෙනරාල් නිලයේ නිලධාරියෙක් වී ඇත .
තුවක්කුවේ මුලු බර යාන්ත්‍රික කොටස් සමග ටොන් 1350 හා දිගින් අඩි 155 අගල් 2 (මීටර් 47.3) සදහන්

තුවක්කුවේ කැලිබරය (බටයේ ධාරිතාව) මිලි මීටර් 800 ක් (අඟල් 31.5 ) විය .
එම උණ්ඩ වෙඩි තැබීම සඳහා එක වරකට වෙඩි බෙහෙත් කිලෝ ග්‍රෑම් 1360 ක් සහිත චාජර් එකක් යොදවන ලද අතර කිලෝ ග්‍රෑම් 4800 සහ කිලෝ ග්‍රෑම් 7500 යන වර්ග දෙකේ උණ්ඩ වෙඩි තබා ඇත .

මෙයින් කිලෝමීටර් 47ක පමණ දුරකට වෙඩි තියන්නට හැකියාව තිබී ඇත . මේ උන්ඩයක ප්‍රබලත්වය කෙතරම්දයත් කිලෝ 4800 උණ්ඩය මගින් අඩි 30 ක විෂ්කම්බය තිබෙන අඩි 30 ක් ගැඹුරු ආවාටයක් හටගන්නා බව සදහන් . එමෙන්ම අඩි 264 ක් ඝනකම කොන්ක්‍රීට් එකක් විනිවිද යන්න පුළුවන් හැකියාව තිබී ඇත උණ්ඩය තුවක්කුවෙන් පිටවෙන්නේ තත්පරයකට අඩි 2750 ක වේගයෙන් යැයි සදහන් වේ .

‘ගුස්ටාව් ගන්’ මෙය නිපදවා ඇත්තේ 1930 දෙවන ලෝක යුධ සමයේය . ‍ෆ්‍රීඩ්‍රික් කූප් මෙහි නිර්මාතෘ වේ . කූප් පවුලේ ශ්‍රේෂ්ඨ නිර්මාපකයකු වූ ‘ගුස්ටාව්’ නමින් තුවක්කුව නම් කර ඇත . මෙය නිර්මාණයට හිට්ලර් උනන්දු වී ඇත්තේ එවකට ප්‍රංශය විසින් දෙශසීමාවේ ඉදිකර තිබූ (මැගිනොර්ට් ලයින් ෆෝර්ට්) නැමති බංකර් ක්‍රමය විනාශ කිරීමට බව සදහන්ය .
මේ වර්ගයේ තුවක්කු 2ක් නිර්මාණය කර ඇත හිට්ලර් මෙයින් තුවක්කු 3ක් ඇණයුම් කලත් 3න් වෙනි තුවක්කුව නිමකිරීමට පෙර ජර්මනිය පරාජයට පත්වී ඇත . බ්‍රිතාන්‍ය හමුදාව විසින් නිර්මාණය කරමින් තිබූ තුන්වැන්න කර්මාන්ත ශාලාව තුලදීම විනාශකාර ඇත . පළමුවැන්න එහි නිර්මාතෘගේ වියදමින් නිමවන ලදී දෙවැන්න නිමකිරීම සදහා ජර්මන් මාර්ක් මිලියන 7 ක වියදමක් දරා ඇත . දෙවැනි තුවක්කුව එහි නිර්මාතෘගේ බිරිඳගේ නමින් ‘ඩෝරා’ කියලා නම් කරන ලදී .
ජර්මනිය යුද්ධයෙන් පරදවීගන යන විට මේ තුවක්කු දෙකම පුපුරව විනාශකර ඇතැයි සදහන් වේ .

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home