රැකියාවට නැතිවම බැරි යහගති
ජීවිතය එක තැන පල් වෙන ජලාශයක තත්ත්වයට පත්කර ගැනීමට
කවුරුත් කැමැති නැහැ. එහෙත් වැඩි දෙනා නොදැනුවත්වම එම තත්ත්වයට පත්වී
සිටිනවා. එවැනි ජීවිතයකට හිමිකම් කියන්නන්ට සාර්ථකත්වය ළඟා කර ගත නොහැකි
ඉලක්කයක්. ගෘහ ජීවිතය වාගේම වෘත්තීය ජීවිතයත් සාර්ථකව පවත්වා ගෙන යන්නට
පුරුදු පුහුණු කරගත යුතු යහ ගති ගුණ රාශියක් තිබෙනවා. පහතින් දැක් වෙන්නේ
වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයට නැතිවම බාරි කරුණු කිහිපයක්.
* කාලයත් සමග අලුත් වෙන්න. තමන්ට අදාළ අංශයෙහි අලුතින්
සිදුවෙන දේ ගැන නිරතුරු දැනුවත් වන්න. ප‍්‍රවීණයන් සමග, මිතුරන් සමග,
සමකාලීනයන් සමග දැනුම බෙදා ගන්න.
* අලුත් දේ ඉගෙන ගන්න තමන් නිරත වී සිටින
කාර්යයෙහි පමණක් නොව වෙනත් අංශ ගැන දැනුම වැඩි දියුණු කර ගැනීමට නිරතුරුවම
උත්සාහ කරන්න. ගමන් බිමන් යාමේදී ගත වෙන කාලයේදී කිසියම් ඉගෙනීම් කටයුත්තක
යෙදෙන්න.
* හොඳ සම්බන්ධීකරණයක් ලිවීමේ, කතා කිරීමේ හැකියාව ද රැකියාවේ
සාර්ථකත්වයට තදින්ම බලපායි. රැස්වීම් ආදියට උනන්දු වෙන් සහභාගි වෙන්න.
රැස්වීම්වලදී පවත් වන කතා හැකිනම් පටිගතකර තම කතාවෙහි ඇති දුර්වලතා හඳුනා
ගන්න.
* අලුත් යෝජනා අලුත් අදහස් ඉදිරිපත් කරන්න ප‍්‍රයෝජනවත්
යෝජනා සිතෙහි සිර කර නොගෙන ඒවා ඉදිරිපත් කරන්න. ඔබේ යෝජනාවලටත් ආයතනයේ ඉඩක්
ලැබේවි. එක්වරම අදහස්, යෝජනාවලට පිළිගැනීමක් නොලැබුණත් කෙදිනක හෝ
අවස්ථාවක් ලැබෙන්නට පුළුවන්. වටිනා අදහස් අමතක වෙනවාට පොතක ලියා ගන්න.
යමක් පවසන විට බුද්ධිමත්ව කතා කරන්න. ප‍්‍රධානියාට විරෝධතාවයක් දක්වන විට
ප‍්‍රසිද්ධියේ එය නොපවසා පෞද්ගලිකව පවසන්න. වෙනත් අය සිටින තැනකදී
විරෝධතාවය පළ කිරීම නිසා ප‍්‍රධානියාගේ ප‍්‍රතිරූපයට හානි සිදුවෙයි.
ප‍්‍රධානියකු සමග කතා කිරීමට යා යුත්තේ කතා කරන කරුණ ගැන හොඳ අවබෝධයක්
ඇතිවයි. ප‍්‍රධානියාගේ වටිනා කාලය අනවශ්‍ය කතා බහෙන් උදුරා නොගන්න.
* වැරැදි පිළිගන්න තමන් අතින් වරදක් සිදුවුණු විට එය
ප‍්‍රධානියා පෙන්වන තුරු බලා නොසිටින්න. තමන් කර ඇත්තේ නිවැරැදි කර ගත
නොහැකි වරදක් නම් මතු අනාගතයේ එම වරද සිදු නොකිරීමට වග බලා ගන්න.
සාමූහිකත්වය ද වෘත්තීය සාර්ථකත්වයට නැතිවම බැරි අංගයකි. සුබවාදී සිතුවිලි
ජීවිතයේ කොටසක් බවට පත් කරන්න. පැවසිය යුතු දේ පැවසීමට තරම් ආත්ම ශක්තියක්
ඇත්තේ සුබ වාදී සිතුවිලි ඇති අයටයි.
වැදගත් අවස්ථාවන්ට තද පැහැ ඇඳුම් කෙනකු දුටු සැනින් ඔහු /
ඇය ගැන නිගමනයකට එළඹීමට පෙනුම,සිරුරෙන් කෙරෙන කතා බහ ( බොඩි ලැන්ග්වේජ්) කට
හඬෙහි ස්වභාවය, කරන කතා බහ තදින්ම බලපායි.තැනට ඔබින ලෙස කතා බහ කරන,
කොණ්ඩා සැකසුම, ඇඳුම් පැලඳුම්, හොඳින් ගැළපෙන්නට අඳින අය නිතරම කොතැන ගියත්
කැපී පෙනෙයි. විශේෂයෙන් කාර්යාලයෙන් පිටත දී කාර්යාල වැඩකට වෙනත් අයකු
හමුවිමේදී වඩාත් හොඳ පෙනුමකින් යාමට වග බලා ගත යුතුයි. දුඹුරු, අළු, නේවි (
කළු නිල් ) හා කළු රැකියා ස්ථානයට අඳින ඇඳුම් කට්ටල අතරේ අනිවාර්යයෙන්ම
තිබිය යුතුයි. තරමක විශාල බෑගයක් රැගෙන යාමෙන් අවශ්‍ය සියල්ල එහි දැමීමට
හැකිවේවි. තද පැහැ ඇඳුම් කෙනකුගේ ප‍්‍රතිරූපය සවිමත් කරයි. ෆෙමිනා ඇසුරිනි

1 Comments:
අපූරු අදහස් ටික.
ජයම වේවා!
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home