23 Jun 2012

ආදරයේ නියම අරුත


ඔබ ඇයගේ පළමු හෝ අවසන් පෙම්වතා නොවිය හැකිය. එකම පෙම්වතාද නොවිය හැකිය.
ඇය කලින් ආදරය කරන්නට ඇත. පසුවටත් ආදරය කරන්නට ඉඩ ඇත.
ඒත් . . . 
දැන් ඇය ඔබට ආදරය කරන්නේ නම්, තවත් කතා කුමටද ?
ඇය පරිපූර්ණ ගැහැණියක් නොවේ, ඔබද පරිපූර්ණ නැත.
ඔබ දෙදෙනාට කවදාවත් පරිපුර්ණ විය නොහැකිය.
එහෙත් . . . 
ඔබට සිනාවක් ගෙන ඒමට ඇයට හැකිනම්,
ඔබට දෙවරක් සිතන්නට ඉඩ සලසයිනම්,
මිනිසකු ලෙස වැරදි සිදුවීමට ඉඩ ඇති බව පිළිගනියි නම්,
ඔබේ තුරුලට ඇය ගෙන ඇයට හැකි තරම් ආදරේ ලබා දෙන්න. ඇයට රිදවන්න එපා. ඇය වෙනස් කරන්නට තැත් කරන්නත් එපා. ඇය විශ්ලේෂණය කරන්නට යන්නත් එපා. ඇයට දෙන්න බැරි තරම් දේ ඇයගෙන් බලාපොරොත්තු වන්න එපා.


ඇය ඔබට සතුට ගෙන එද්දී සිනා වෙන්න.


ආදරයේ නියම අරුත එයයි.


~ බොබ් මාර්ලි ~

1 Comments:

At 25 June 2012 at 10:05 , Blogger Tharurasi Fernando said...

'' ආදරය ගැන අර්ථවත් අදහසක්... මේ ටික තේරුම් ගන්න බැරි නිසානෙ අපි ආදරය නිසා දුක් විඳින්නෙ... බොබ් මා‍ලීගෙ ගීතවල තේරුම හරි වටිනවා නේද?''

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home