ලෝකයේ ප්‍රසිද්ධ කෝටිපතියන් පස් දෙනෙකුගේ ජිවිතයෙන් බිඳක්.
“පාසල් කාලය බෙහෙවින්ම සුන්දරයි” යනුවෙන් හැමදෙනාම පවසයි. නමුත් එක්වරක් හෝ මෙම ලිපිය කියවන කෙනෙකු මවිතයෙන් මවිතයට පත්වනු ඇත. ලෝකයේ ඉතා ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ කෝටිපතියන්ගේ ලයිස්තුව ගත් කළ ඔවුන්ගෙන් යම් අයෙකු හෝ උසස් පාසලක අධ්‍යාපනයක් ලබා නොගත් පුද්ගලයන් බව ඔබ පිළිගන්නවාද? එය එසේය. ඔවුන් හට සොඳුරු පාසල් කාලයක් තිබී නොමැත. ජීවිතයේ කටුක අත්දැකීම් වලින් පන්නරය ලැබු මොවුන් අද ජිවිතය ජයගෙන තිබේ.

සර් රිචඩ් බ්‍රැන්සන් (Sri Richard Branson)
ඔහු වයස අවුරුදු (16) දී ව්‍යපාරික ලෝකය වෙත පිවිසෙමින්, ප්‍රථම වරට ගීත පටිගත කිරීමේ ආයතනයක් සහ ගීත ලේබලයක් ලොවට හඳුන්වදී ඇත. මේ වනවිට ඔහු ලෝකයේ රටවල් (30)ක සමාගම් (200)ක හිමිකරුවා වන අතර එයට ගුවන් සමාගම්, සංගීත නිෂ්පදන ආයතන, ජංගම දුරකතන නිෂ්පාදන ආයතන ඇතුලත් වේ. මේ වන විට ඔහු ලැබූ තක්සේරු ගත දළ වත්කම ඇමරිකනු ඩොලර් බිලියන (6.8)කි.

කාල් ලින්ඩ්නර්, ජේර්. (Carl Linder, Jr.)
මෙම කෝටිපතියා උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහුගේ පවුලට අයත්ව තිබූ නැවුම් කිරි නිෂ්පාදනය කර බෙදා හැරීමේ ව්‍යාපාරයට එක් විය. 1984 දී ඔහු Chiquita නම් ජාත්‍යන්තර වෙළඳනාමය ලොවට හඳුන්වා දුන් අතර එය 2001 දක්වා පවත්වා ගෙන යන ලදී. ඔහුගේ තක්සේරු ගත දළ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන (1.7) කි.

ෆැන්කොයිස් පිනවුල්ට් (Francois Pinault)
ඔහු ප්‍රංශයේ ජීවත්වන තෙවන ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වයි. ඔහු සතුව Gucci, Christie’s auctioneers, Samsonite, and Puma යන ලෝකයේ සුඛෝපබෝගී වෙළඳනාමයන්ගේ හිමිකරුවාය. ෆැන්කොයිස් පාසල් අධ්‍යාපනය හැරගොස් ඔහුගේ පියාගේ දැව කර්මාන්තයට එක් වී ඇත. ඔහුගේ තක්සේරුගත වත්කම ඇමරිකානු ඩොලර් බිලියන (8.7)කි.

කින් කොරියන් (Kirk Kerkorian)
ඇමරිකානු දෙමාපියන්ටදාව කැලි ෆෝනියාවේ උපත ලැබූ මෙම ධනවත් ව්‍යාපාරිකයා 8වෙනි ශ්‍රේණියේ පාසල් අධ්‍යාපනයට සමුදෙමින් අතිදක්ෂ ප්‍රසිද්ධ බොක්ෂින් ක්‍රීඩකයෙකු බවට පත්ව ඇත. ඔහුගේ තක්සේරුගත දළ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන (3.1)කි.

ඇමැන්කියෝ ඔටේගා (Amancio Ortega)
සාරා (Zara), මසිමෝ ඩටී (Massimo Dutti) වැනි මෝස්තර වෙළඳනාමයන් කිහිපයක හිමිකරුවා වන මොහු වයස අවුරුදු 14 දී ව්‍යාපරික ලෝකයට පිවිසෙමින් කමිස ගබඩාවක් පවත්වා ගෙන ගොස් ඇත. මේ වනවිට ස්පාඥයේ ධනවත්ම පුද්ගලයා මොහුය. ඔහුගේ තක්සේරු ගත දළ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන (31)කි.
උපුටාගැනීම (රීඩර්ස් ඩයිජස්ට් සඟරාවෙනි)
3 Comments:
//කාල් ලින්ඩ්නර්, ජේර්. (Carl Linder, Jr.)//
සහෝ, jr. ලෙස යොදන්නේ ජූනියර් (කණිෂ්ඨ) යන්න ඇඟවීමටයි !!!
මේක ඇත්තටම ආදර්ශවත් ලිපියක්... මළපොතේ අකුරක් බැරිව වුනත් උනන්දුව, කැපවීම තියේ නම් ඉහළම තැනට යන්න පුළුවන් කියලා මේ ලිපියෙනුත් හොඳ ආදර්ශයක් දෙනවා... ස්තුතියි මේ තොරතුරු බෙදා ගත්තාට !
patta ne........
mama mage blog akatath ad kala.godaaaaaaaaaaaaaak wadagath lipiyak.hetath anawa.
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home