5 Mar 2012

~ ඉරාන ජනාධිපති: මහ්මුද් අහ්මදිනජාඩ් ~

►ඔහුගේ මාසික ආදායම ඇමරිකානු ඩොලර් 1200ක් පමණ වේ.
එය සංවර්ධිත රටක සාමාන්‍ය පුද්ගලයෙකුගේ මාසික ආදායමටත් වඩා අඩු වැටුපකි.

►ඔහු ජීවත්වන්නේ තම පියා විසින් තනන ලද වසර 40 පැරණි කුඩා නිවසකය.

►සරල ආහාර ප්‍රියකරන්නෙකි.ඔහු හට විශේෂ සූපවේදීන් නැත.
ප්‍රියතම ආහාරය:තම බිරිද විසින් පිළියෙල කරන ලද කුමක් හෝ ආහාරයක්..

►අධ්‍යාපනය: ඉරානයේ විද්‍යා සහ තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන ඉංජිනේරු සහ සැලසුම්කරණය පිළිබද ආචාර්ය උපාධිධාරියෙකි.
PhD in Transportation Engineering and Planning from Iran University of Science and Technology.

►ඔහුගේ බැංකු ගිණුමේ ශේෂය "0" කි.

►ඔහු සතුව ඉරානයේ නිෂ්පදනය කරන ලද පැරණි කාරයක් වූ අතර ඔහු එයද විකුණා ලද සියලුම මුදල් තම මහජනතාවට පරිත්‍යාග කරන ලදී.

►ඔහු තමා ජනාධිපති වීමෙන් පසු ලද පෞද්ගලික ජෙට් යානයද ඉරාන ජාතික ගුවන් සේවය වෙත පරිත්‍යාග කල අතර දැන් ඔහු ජාතික ගුවන් සේවයෙහි සාමාන්‍ය මගීන් සමග ගමන් කරයි...

►යාඤා සදහා සහභාගී වීමේදි ඔහු හට විශේෂිත ආසන පිළියෙල කර නොගන්නා අතර ඔහු ඊට සාමාන්‍ය පුරවැසියෙකු ලෙස සහභගී වෙයි.

►ඉන්ධන වලින් කිසි අඩුවක් නොවුවත්, ආරක්ෂාව පිළිබද කෙතරම් සැකසංකා පැවතියත් ඔහු පාරෙහි සිය වාහනයෙන් ගමන් ගන්නාවිට පරිවාර රථ කිසිත් යොදානොගන්නේය.

►ඉරාන ජනතාවගේ වදනින්ම පැවසුවහොත් "අපේ ජනාධිපතිතුමා අප අතරින් ගමන් කරන විට අපි දන්නේ නැහැ ඒ සරල වාහනයේ සිටින්නේ අපේ ජනාධිපතිතුමා කියලා. මොකද ඔහුහට ඔහුගේ රථය පිරිවරාගෙන යන පරිවාර රථ නැති නිසා."

►ඔහු තම නිවසෙහි හෝ ජනාධිපති කාර්යාලයෙහි මිල අධික තිර රෙදි භාවිතකිරීම ප්‍රිය නොකරන අතර, ජනාධිපති වීමෙන් පසු ඒ සියල්ල ටෙහෙරානයේ පල්ලියක් වෙත ලබා දුන්නේය.

►ඔහු හට නිදාගැනීම සදහා සුවපහසු ඇදක් නොමැති අතර ඔහු නිදාගන්නේ බිමය.
ඔහු තරු 5 හේ හෝටල් ප්‍රියනොකරන අතර හෝටල් වල සිටීමට සිදුවන විටදී පවා බිම නිදාගැනීමට ප්‍රියකරයි.

►සෑම උදෑසනකම නින්දෙන් අවදිවූ පසු කණ්නාඩිය ඉදිරියට ගොස් තමාටම පවසාගන්නේ "ඔබගේ එකම අරමුණ ඉරාන ජනතාවට සේවය කිරීමයි" යන්නයි.

ස්තුතිය - වජිර ප්‍රේමතිලක

1 Comments:

At 9 March 2012 at 19:17 , Anonymous Anonymous said...

ITHIN LANKAWETH E WAGEMANE.

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home