2 Mar 2012

අයකුගේ කතාබහ ඇසූරින් ඔහූගේ චරිතය

යම් අයකුගේ කතාබහ ඇසූරින් ඔහූගේ චරිතය පිළිබඳව තීරණය කළ හැක. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බොහොමයක් පූද්ගලයින්ට අපූරු කතාවිලාශයක් සතුව තිබිණ. ඇතැම් විට ඔවූහූ එතරම් ආකර්ශණීය පෙනූමක් තිබූ අය නොවූ අතර තම කතාවෙන්ම ජනතාවගේ ආදරය දිනාගත්හ. මහත්මාගාන්ධිතුමා ඒබ්‍රහම් ලින්කන් එවැනි පූද්ගලයින් දෙදෙනකි.

ඇතැමූන්ට උපතින්ම මිහිරි කටහඬක් හිමිවෙයි. එය වාසනාවකි. එහෙත් කොතරම් කටහඬ මිහිරි වූවද නිවැරදි ලෙස භාෂාව හසූරන්නට නොහැකි නම් එය අවාසනාවනකි. ඔබ නිතර කතා කරන්නේ ද්වේශසහගතව නම් කෝපයෙන් නම් ඔබේ බස් වහර රළු නම් ඔබ පිළිබඳව ප්‍රසන්න හැඟීමක් අනෙකාගේ සිතේ ඇති නොවේ. ඔබ ස්වභාවයෙන්ම රළු කටහඬක් ඇත්තෙකු නම් එයින්ද කම් නැත. මඳ සිනහවක් මූවඟට නගා ගනිමින් කතා කරන්න. එයින් ඔබේ කටහඬ මෘදු වෙයි. එසේම නිතරම සූබවාදී දැ පමණක් කතා කරන්න අනෙකාට කාරුණිකව කතා කරන්න. සත්‍ය සහ නිවැරදි දේ පමණක් කතා කරන්න. අනෙකාට ද කතා කරන්නට ඉඩ ලබාදෙමින් කතා කරන්න ඔබ ප්‍රියශීලි පෞරුෂයක් ඇත්තෙකු ලෙස මිනිසූන් ඔබට ගරු කරාවි.



නිරන්තරව පතපොත කියවමින් ඔබේ දෑනූම අලූත් කර ගැනීමත් වැදගත්. එයින් ඔබේ කතාව සාරවත් වේවි.



පිරිසක් හමූවේ නොබියව සහ ප්‍රසන්නව කතා කරන්නට ඔබට හැකි නම් එයින් ඔබේ පෞරුෂයේ ශක්තිමත් බව පෙන්නූම් කරනවා. ඒනිසා ප්‍රසිද්ධියේ කතා කිරීමට හැකි වන සේ කතාව පූහූණූ වන්න.



ඔබට මවූබසට අමතරව වෙනත් භාෂාවන්ද කතා කළ හැකි වීම අගෙයි. එහෙත් භාෂා කිහිපයක් එකට පටලවා ගනිමින් කතා කිරීම නම් දුර්වලකමක් ඔබ භාවිත කරන්නේ කුමන භාෂාවක් යන්නට වඩා වැදගත් වන්නේ ඔබ එය කෙතරම් හොඳින් හසූරුවන්නේද යන්නයි.



ඔබේ කතාව සමග ආචාරශීලීත්වය මූසූ කරන්න එවිට ඔබගේ කතාවට අනෙක් මිනිසූන් ආකර්ශනය වේවි. කතාව සේම අවැසි තැන්හි නිහඬව සිටීමටත් ඔබ ඉගෙන ගත යූතුයි. එයින් ඔබේ පෞරුෂය ඔප් නැංවෙයි.



සිත්ගන්නා පෞරුෂයක් ගොඩ නගාගන්නට වෙහෙසෙන ඔබ සිත්ගන්නා කතා විලාශයක් ඇති කර ගත යූතු බව මතක තබාගන්න.






සූපිරි මනස අධ්‍යක්ෂිකා
පෞරුෂ සංවර්ධන,
ව්‍යාපාර ප්‍රවර්ධන උපදේශිකා
සමන්ති දේශප්‍රිය

2 Comments:

At 2 March 2012 at 10:36 , Blogger බට්ටි said...

ඉතාම වැදගත් කරුණු ටිකක්. මමත් හිතන්නේ අපි දේශකයෙකු වෙනවට වඩා හොද අසන්නෙකු වෙන එක තමයි දියුණුවේ රහස කියලා.

 
At 4 March 2012 at 18:04 , Blogger රයිටර් said...

වටින කතාවක්... කතාව හදවතේ කැඩපතයි කියල අහල තියනවා...

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home