16 Feb 2012

පිරිමින් කැමති ගැහැනු ගති

alt

ඔබ තරුණයින්ගේ ආකර්ශනය හොදින් තිබෙන තරුණියක්ද? ඔබට ඔබේ පෙම්වතා / සැමියා ගේ ආකර්ශනය හොදින්ම තිබෙනවාද?බොහෝ තරුණියන්, කනේතාවන් සිතන්නේ පිරිමින් කාන්තාවන්ට ආකර්ශනය වන්නේ සුන්දර රූ සපුව නිසා බවයි. නමුත් එය එතරම් නිවැරදි අදහසක් නම් නොවෙයි. රූ සපුවට වඩා පිරිමින් කාන්තාවන්ට ආකර්ශනය වන කාන්තාවන්ගේ ගුණාංග තිබෙන බව ඔබ දන්නවාද
මේ කියන ගති ලක්ෂණ ඔබටත් තිබෙනවා නම් ඔබට වඩා සිය ගුණයකින් සුන්දර කාන්තාවක් ඉදිරියේදී වුවත් ඔබේ පෙම්වතා / සැමියා ඔබෙන් ඈත්වන්නේ නැහැ. එහෙමනම් ඒ මොනවාද කියා දැනගන්න ඔබ දැන් බොහොම කැමැත්තෙන් ඇති.මෙන්න මේවායි පිරිමින් ආකර්ශනය කරවන ගැහැනු ගති.

 

alt

1. නිරහංකාර බව - 
       පිරිමියකු කාන්තාවකගෙන් දකින්න කැමතිම ගතිතුණයක් තමයි නිරහංකාර බව කියන්නේ. කොතරම් සුන්දර තරුණියක වුවත් පුහු ආඩම්බරය, මාන්නය තිබෙනවා නම් පිරිමින් ඇගෙන් ඈත්වීම වළක්වන්න බැහැ. විශේෂයෙන්ම තමන්ගේ තනතුර, වත්පොහොසත්කම, බලපුලුවන්කාරකම පෙම්වතා ඉදිරියේ පෙන්වන්න හදනවා නම් එය ඔහු ඔබෙන් ගව් ගානක් ඈතට දුරස් කරවන්නක් බව මතක තබා ගන්න. ඔබ නිරහංකාර තැනැත්තියක් නම්  ඔහුව ඔබවෙත රදවා ගන්න එයම වුවත් සෑහෙනවා.

 

 

2. චාම්බව -

       මුහුනේ මේක්-අප් උලාගෙන, විච්චූරණ ඇදුම් පැළදුම් වලින් සැරසුනාම පිරිමින් ආකර්ශනය වෙනවා කියලයි ඇතැම් කාන්තාවන් හිතන්නේ. නමුත් ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදියි. මෙයින් අදහස් කරන්නේ නෑ පිරිමින් ලස්සනට ඉන්න, ලස්සනට අදින පළදින කාන්තාවන්ට කැමති නැහැ කියලා. ඇත්තටම පිරිමින් කැමතියි ලස්සනට ඉන්න, ලස්සනට අදින පළදින තරුණියන්ට. නමුත් උවමනාවට වඩා මේක්-අප් කර මුහුණ වෙස් මුහුණක් කර ගත්තු, තමන්ට ගැලපෙන්නේ නැති ව්ච්චූරණ ඇදුම් අදිනවට නම් පිරිමින් පොඩ්ඩක්වත් කැමති නැහැ.මුහුණට ගැලපෙන්න පොඩි මේක්- අප් එකකින් ඔබේ මුහුණ සුන්දර කර ගන්නවාට ඔහු බොහොම කැමතියි. ඒ වගේම ඔබේ සිරුරට ගැලපෙන, තැනට ගැලපෙන විදියට ඇදුමි පැළදුම් විලාසිතා වලටත් ඔහු කැමතියි.  ඔබෙන් දිස්වන චාම් සුන්දරත්වයට ඔහු ආදරය කරාවි, ආකර්ශනය වේවි.

 

 

alt

3. අවංක බව -

       තමන්ගේ පෙම්වතිය / බිරිද තමන්ට හැමවිටම අවංකව විශ්වාසවන්තව ඉදීවි කියන බලාපොරොත්තුව, විශ්වාසය හැම පිරිමියකුම තුළ තිබෙනවා.ඒ විශවාසය ඔබ ආරක්ෂා කරන තරමටම ඔහු ඔබට බැදේවි. හැකි හැම විටම ඔහුට අවංක වෙන්න, අවංකව කටයුතු කරන්න. ඔහු ඔබෙන් සිදුනොවේයයි බලාපොරොත්තු වන දෙයක් ඔහු නැති තැනකදී කිරීමෙන් වැළකී ඉන්න හැකි හැම විටකදීම උත්සාය කරන්න.ඔබෙන් එවැනි වරදක් වුණොත් ඔහු ඒ ගැන විමසන විටකදී ඇත්තම කීම වඩා හොදයි. ඔහු ඉන් ඒ මොහොතේ කෝප වන්න පුලුවන්.නමුත් ඔහු එම කරුණ ගැන දැනගෙන ඔබෙන් විමසුවේ නම් ඔබ බොරුවක් කීමෙන් ඊට වඩා ලොකු හානියක් වෙන්න පුලුවන්. ඇතැම් විට එයින් ඔහු ඔබ ගැන තබා තිබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවී යන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා හැකි තරම් අවංකව කටයුතු කරන්න.

 
 
alt
4. කාරුණික බව -
       පිරිමියකුට තමන්ගේ බිරිද /පෙම්වතිය විටෙක මවක්, මිතුරියක්, සොයුරියක්ද වෙනවා. ඒ විවිධ චරිත වලින් ලැබෙන ආදරය, කරුණාව ඔබගෙන් ඔහුට දැනෙනවිට ඔහු තුළ ඔබට ඇති බැදීම තවත් වැඩි වෙනවා. ඒනිසා ඔබ ඔහුට පෙම්වතියක,බිරිදක පමණක්ම නොවී මවක්, මිතුරියක්,සොයුරියකි ලෙසින් ආදරය කරුණාව දක්වන්න. තරහින් කියන වචන දහසකට වඩා ඔබ ආදරයෙන් කියන එක වචනයකට ඔහු ඔබට අවනත වේවි. ඔබේ කාරුණික බව ඔහුඔබ වෙතට බැද තබන ශක්තිමත් රැහැනක් බව මතක තබා ගන්න.
 
5. සංවර බව -
       ගැහැනියක තුළ ඇති හැදිච්චකම‍ට පිරිමින් බෙහෙවින්ම කැමතියි. නිතරම කියවන, මහා හඩින් සිනාසෙන, දගලන තරුණියන්ට පිරිමින් එතරම් කැමති නැහැ. සංවර ගති පැවතුම් ඇති තරුණියන්ට පිරිමින් වඩාත් ඇලුම් කරනවා. මෙයින් අදහස් කරන්නේ නැහැ ඔබ සිනානොවී, කතා නොකර  බුම්මලෙන සිටිය යුතුයි කියලා.සිනහව කියන්නේ පිරිමින් ආකර්ශනය කරන කාන්තාව සතු හොදම ආයුධයක්. නමුත් ඒ හිනාව ආකර්ශනීය විය යුතුයි.ඔබ පෙමිවතා ඉදිරියේදී ටිකක් දගකාර වනවාට ඔහු කරමතියි. ඒත් සමාජයේදී ඕනෑවට වඩා දගලනවාට නම් ඔහු කැමතිවෙන එකක් නැහැ. ඒ වගේම ඔබ ඔහු ඉදිරියේදී දොඩමලු වෙනවාටත් ඔහුගේ අකමැත්තක් නැහැ. නමුත් සමාජය ඉදිරියේදී ඔබ වාචාලව හැසිරෙනවාට නම් ඔහු කිසිසේත්ම කැමති වන එකක් නැහැ. ඒ නිසා ඒ ගැනත් ටිකක් සැලකිලිමති වෙන්න.

Labels:

5 Comments:

At 17 February 2012 at 05:55 , Blogger ‍සොඳුරු සිතැති මිනිසා said...

me hama gathi gunayakma hama gahaniyak lagama, me widiyatama thiyanawa nam lokaya mona tharam lassana thanak wewida neda sahodarayoo?? :)

 
At 17 February 2012 at 06:34 , Anonymous Anonymous said...

ekane...mun ehema nathi ekane aula saho...

 
At 9 May 2012 at 15:43 , Blogger Kushan said...

ලෝකයෙ සර්ව සම්පුර්ණ ගැහැනියක් හෝ පිරිමියෙක් පෙරත්,දැනුත්,බිහිවී නැත අනාගතයෙත් බිහිවන්නෙ නැත...

 
At 17 May 2012 at 02:03 , Blogger සුදු මුවා said...

අවන්කවම කැමති මේවට තමා, එත් මේ ගතිගුණ හොයන එක තමා අමාරුව.

 
At 5 August 2012 at 15:00 , Anonymous Anonymous said...

Me tika nam aththa...

@sudu muwa labena muwa patikkiwa mehma karaganna try ekak denna...full perfect aya kawuruth nene

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home