විකාර විලාසිතා
ඇඳුම් ඇඳීම නොහොත් විළි
වසා ගැනීම ශිෂ්ටාචාරයේ දියුණු ප‍්‍රධාන ලක්ෂණයයි. පොදුවේ සිදුවන්නාවූ මේ
දියුණුවට කැටයම් වන්නේ මෝස්තර හෙවත් නොයෙක් විලාසිතා. විලාසිතා යනු වෙන ම
ලෝකයක්. ඇඳුම් ඇඳීමෙන් පටන් ගත් මිනිසා මේ ලොවට අවතීර්ණ වන්නේ ඉබේම.
හුදෙකලා නොවීම මෝස්තරයේ විකාරයට නොහොත් වෙනස්වීමට ප‍්‍රමුඛ සාධකය ලෙස
හඳුනාගත හැකි යි.විකාරය හෙවත් වෙනස් වීම විකෘතියටත්,ප‍්‍රකෘතියටත්
සිදුවන්නක්.එය කාල අවකාශයේ හිස් තැන් පුරවන්නක්.වෙනස් නොවන එකම දේත්
වෙනස්වීමයි. එසේ නම් විලාසිතාවේ ආරම්භය විකාශනය හා විකාරයට පත් වීම දෙස අප
බලන්නේ කෙසේ ද?හැඩ බැලීම පෘථග්ජනයාගේ ආත්මීය ලක්ෂණයක්. කැඩපත තම ආත්මය
රූපකායට හරවා ප‍්‍රතිබිම්භයක් ලෙස තමාට ම පෙන්වන පරාවර්තනයක්. නිරුවතින්
බැලූ හැඩ ඇඳුමකින් සිරුර වසා බැලීමේ අදහස හේතුකොට ගෙන උපදින්නෙ මෝස්තරය.
දියුණු සංස්කෘතියකට හිමිකම් කියන සිරුර වසා ගැනීමේ උපක‍්‍රමය ජන සමාජයකද
නිරුවත වසන් කරන්නක්. එහෙත් නිරුවත වැසූ පමණින් පෘථග්ජනයා ඉන් සෑහීමකට පත්
වී ද? නැත. සිරුරේ ගැළපීම ඉක්මවා ගිය අනුකාරකවාදී බව පෘථග්ජනයාගේ සහජාශාව
සමඟ බද්ධ වෙයි.දේශීයත්වය හා සංස්කෘතිය අතර තිබෙන්නේ ලේ නෑකමක්. එයින්
කියැවෙන්නේ දේශීය සංස්කෘතිය රටක,රාජ්‍යයක උරුමය යන්න යි.දේශීය සංස්කෘතිය
නම් වූ සමාජ දේහයේ මූලික රුධිරනාලයට යටත් විජිත සමයේ සිට වැළඳුණු විවිධ
රෝගාබාධ හේතුකොටගෙන විකාරයේ විකෘතිතාවලට ලක් වූ බව නොරහසක්. එක් එක්
අවධීන්වල ශී‍්‍ර ලාංකික අනන්‍යතාවට එක් වූ දේශීය මෝස්තරය නොයෙකුත් බලපෑම්
හමුවේ විකෘතව යන සැටි අද ද දැකිය හැකි ප‍්‍රවණතාවක්. මෝස්තරයේ සුජාත බවට
යුරෝපීයයන්ගෙන් එල්ල වන බලපෑම බෙහෙවින් ආක‍්‍රමශීලී වෙස් ගත්තක්. වේගයෙන්
සිදුවන ගෝලීයකරණය හමුවේ ඉතා ලෙහෙසින් අනුගත විය හැකි විෂයයක් වන්නේ ද
විලාසිතාව.පරගැති චින්තනයේ ගති ස්වභාවය මුල් බැසගත් ජන සමාජයක දේශීය
සංස්කෘතියානුබද්ධ විලාසිතාව අවජාතක බවින් කිළිටි වන අයුරු සෝචනීය යි. ජන
විඥානයේ ඌන සබුද්ධික බව හේතුකොට ගෙන වැරැද්දෙන් නිවැරැද්ද තෝරා - බේරා
ගැනීම දුෂ්කර වී තිබෙන තාක් ඇඳුමෙන් කවර මිනිසකු හෝ ගැහැනියක කවර
සංස්කෘතියකට අයත් දැයි සොයා ගැනීම දුෂ්කැර වෙයි. ඒ අතින් ඉන්දියාව දේශීය
අභිමානය ඉතා ඉහළින් රකින අසල්වැසියෙක්.
අප අඳින්නේ කුමක්ද යන්න
පිළිබඳ දිනපතාම අප ගන්නා තීන්දු- තීරණ යම් දුරකට අලුත්ම විලාසිතාවලින්
පාලනය වෙයි. අන්තිමේදී අපට අඳීන්නට ඇඟලුමක් මිලදී ගන්නට සිදුවෙයි. ඒ වන
විටත් අප විලාසිතා රැල්ලට හසුවී හමාරයි. කාන්තාවන් සාමාන්‍යයි සලකන වත්මන්
ඇඳුම පවා එක් කාලයකදී අලුත්ම මෝස්තරය වී තිබෙන්නට ඇති. එකල එය නවතම
නිමාවකින් යුක්ත යැයි කියන්නටත් ඇති. පිරිමින්ගේ කමිසය සහ ටයි පටිය
ශතවර්ෂයකට කලින් සමාජ ගත වී ජනපි‍්‍රය තම විලාසිතාවක්. 1920 ගණන්වල එළිදුටු
කතුන්ගේ අත් දිග ඇඳුම අදත් කාන්තා පරපුර රුචියෙන් වැළඳගන්නා මෝස්තරයක්.
විලාසිතා නිෂ්පාදකයන්ගේ සිතැඟිවලට අනුබල දෙන මූලික ආශාවන් දෙකක් වන්නේ
නව්‍යතාව හා අනුකූලතාව. අලුත් ඇඳුමක් අඳින්නට හැමෝම වාගේ දක්වන්නේ
සහජාශාවක්. අලුත් ඇඳුමක් අඳින්නට පරණ ඇඳුම දිරාපත් වන්නටම අවශ්‍ය නැහැ.
වෙනසකට ආස නැත්තේ කවුද?නව්‍යතාවට හා අනුකූලතාවට අමතරව කරුණු පහක් මූලික
වශයෙන් මෝස්තර නිර්මාණශිල්පීන් සැලකිල්ලට ගන්නා බව කියැවේ.දහනව වන ශත
වර්ෂයේ සිදුවුණේ දුප්පත් පොහොසත් යන දෙගොල්ලන්ටම ඇඳිය හැකි ඇඳුම් නිර්මාණය
වීමයි. ඊට අංග සම්පූර්ණ කර්මාන්තශාලා බිහිවන්නට වූ අතර කපු රෙදි ද,ලොම්
රෙදි ද යාන්ති‍්‍රකව නිපදවන මෝල් ගණන ශීඝ‍්‍රයෙන් ඉහළ යන්නට විය. රෙදි
වර්ගවල මිල ද අඩු වන්නට පටන් ගත්තේ ය. මහණ මැෂින් ද ලාභ විය. මසා ගැනීමේ
කුලියේද අඩුවීමක් විය.කෘතී‍්‍රම පාට වර්ග මෝස්තර ලෝකය පුරා පැතිරී ගියේ
ය.පොදු ජනතාවට ඇඳුම් හා ඇඳුම් මෝස්තර පිළිබඳ රුචියක් තේරීමක් ඇති වන්නේ ද
මේ අවධියේ ය. ඊට හේතු වන්නේ සමාජයේ මෙන්ම තාක්ෂණයේ ද සිදු වූ වෙනස්කම්.
එමෙන්ම උතුරු අමෙරිකාවේ ද,බටහිර යුරෝපයේ ද විසූ ජනතාවගේ අතේ මිටේ වියදම්
කිරීමට තරම් සල්ලි බාගෙ ගැවසීමයි. එක් දහස් අටසිය පනස් ගණන්වල ප‍්‍රකාශයට
පත්වන්නට පටන් ගත් කාන්තා සඟරාවල මෝස්තර නිරූපණය හා පතරොම් විශේෂාංග සමග
පින්තූර පළවී ය. මේ නිසා විශාල සාප්පු සංකීර්ණවල සාමාන්‍ය මිමිවලට මැසූ
රෙඩිමේඩ් ඇඳුම් නොයෙක් මෝස්තරවලින් යුක්තව මිලදී ගැනීමට හැකියාව උදාවිණ.අද
නවතම විලාසිතාව වූ නිරූපිකාවන් වේදිකාවට නංවා මෝස්තර පෙන්වන්නට වීම ආරම්භ
කර ඇත්තේ 19 වන ශත වර්ෂයේ දී ය. ඒ චාල්ස් ෆෙඩි‍්‍රක් නම් වූ මෝස්තර
ශිල්පියා ය. සජීවී නිරූපිකාවන්ගේ ඒ මෝස්තර ;වත වඩාත් ආකර්ෂණීය වූ
පාරිභෝගිකයන් වූයේ ලාබාල තරුණියන්.විසි වන සියවස වන විට රෙයොන්,නයිලොන් සහ
පොලියෙස්ටර් වැනි අලුත් තාලේ කෘතී‍්‍රම කෙඳි වර්ග නිපද වූ නිසා ඇඳුම්
නිෂ්පාදකයන්ට තවත් වර්ග ගණනාවක් එළි දක්වන්න හැකි විය. පරිගණකයේ පැමිණීමත්
සමඟ එය ද මෝස්තර නිර්මාණයට මහත් සේ ඉවහල් වූ බව
නොරහසක්.නිව්යෝක්,පැරීසිය,ටෝකියෝව වැනි නගරවල එක් වරම විලාසිතා රාශියක්
දැකගත හැකි වූයේ ගෝලීයකරණය ද සමගිනි. එකම විලාසිතාව හතර දිග් බාගයේම
පැතිරීම විශේෂ ලක්ෂණයක් ලෙස හැඳින්විය හැකි යි.එය පොදු පිළිගැනීමේ සංකේතය
යි. එහෙත් ව්‍යාප්ත කිරීමේ නව උපාය මාර්ග,ප‍්‍රචාරණයේ උප්පරවැට්ටි පිළිබඳවද
අප අමතක නොකළ යුතුය.
විලාසිතාවේ පුරෝගාමීන්දාහත්වන ශත වර්ෂයේ
ප‍්‍රංශයේ විසූ 13 වැනි ලුවී රජතුමා ඔහුගේ තට්ට හිසට පළඳගත්තේ බොරු
කොණ්ඩයකි. වැඩි කල් ගියේ නැත. යුරෝපය පුරා බොරු කොණ්ඩා මෝස්තරය පැතිරී ගියේ
ය. කෙස් ඇති උදවිය පවා කෙස් සිඳ බොරුකොණ්ඩා පාවිච්චිය පටන් ගත්තේය. එය
සියවසක් තරම් දිගට අල්ලා සිටියා. කොණ්ඩා මෝස්තරයක් වීම පුදුමයක් නොවන්නේ
මෝස්තර සම්බන්ධයෙන් කෙතරම් අනුකාරණවාදී සමාජයක් තිබුණ ද යන්න අප දැන සිටින
නිසා. ගෙවී ගිය විසි වන සියවසෙහි චිත‍්‍රපට හා රූපවාහිනී මගින් ජනපි‍්‍රය
නළු නිළියන් අන්තර් ජාතිකව විලාසිතා හඳුන්වාදීම හේතුවෙන් නව ප‍්‍රවණතා ඇති
විය. විප්ලවකාරී මෝස්තර ඇඟලා ගත් ජනපි‍්‍රය සංගීත ශිල්පීන් තමන්ගේ මෝස්තර
යෞවනයන් ද ඉතා ඉක්මනින් අනුකරණය කරන අයුරු බලාසිටියේය.අනුකරණය අද කාලයට
බෙහෙවින්ම බලපා ඇති වග අපට ඇස් පනාපිට පෙනෙන ප‍්‍රවණතාවක්. අද ඇඳුම් වලට
ඇති ඉල්ලුම නව වසර උදාවීමත් සිංහල දෙමළ අවුරුදු සමයේත් කොතරම්ද යනුවෙන්
දැකගත හැකි ය. වර්ණවත් පත්තර පිටු යෝධ දැන්වීම් පුවරු රූපවාහිනී වෙළෙඳ
දැන්වීම් මෝස්තර වසංගතයේ තීරණාත්මක සාධක වෙයි.
අදුරු පැත්තවිලාසිතා
අනුකරණය කිරීම පිළබඳ බොහෝ දෙනා සිතන්නේ තමාගේ පෙනුම වැඩි කිරීමට එය
හේතුවන්නක් බව අදහමින්. එහෙත් විලාසිතා සම්බන්ධයෙන් ඇති අඳුරු දසාව පිළිබඳ
ඔවුනට හැඟීමක් ,දැනීමක් නැත. නිම් නැති ඇබ්බැහි කමින් අලුත් ඇඳුම් මිලදී
ගන්නට සාප්පු සවාරියේ යන අපේ කතුන් නොදන්නා කාරණය වන්නේ අලුත් මෝස්තර
නිර්මාණ ශිල්පියා කරන්නේ ඉක්මනින් පරණවන මෝස්තරයක් නිර්මාණය කරන බව යි. මෙය
ගැබි‍්‍රයෙල් ඇනෙල් නම් වූ මෝස්තර නිර්මාණ ශිල්පියා විසින් හෙළි කරනු
ලැබූවකි. ඒ නිසා ඉක්මන් කෑදර,නවීන නව විලාසිතා පසුපස හඹා යන්නන්ට සිහි
ගැන්විය යුත්තේ මෝස්තර පැරැණි වීම මෙන්ම වහා විකාරයට,වෙනසට පත්වන බව
යි.කුණු කය නඩත්තු කිරීමෙන් නොනැවතී අලුත් මෝස්තරයෙන් පරගැති චින්තනය ඔස්සේ
ඇඳුම් අඳීන අපේ ඇත්තන්ගේ ලස්සන රඳා පවතින්නේ තම තමන්ගේ සිත්වල හා ඒ හා
බැඳුණු චෛතසිකයන් පනස්තුනේ පමණක් බව මෝස්තර කුසගින්නෙන් පෙළෙන කොයි කවර
යුවතියත් කල්පනාවට ගත යුතු ය.

1 Comments:
Niyamai aiya
mama tharaka
www.gamedroidlk.com
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home