3 Feb 2012

දත් ගැන අපි නොදත් දේ


දත් කැක්කුම අවුරුදු දහස් ගණනක සිට මිනිසාට වද දෙන ප‍්‍රශ්නයකි. අපේ දත් දෙපළ කෙසේ පවත්වා ගත යුතු ද නඩත්තු කළ යුතු ද යන ක‍්‍රමයට අපි දන්තවේදය යයි කියමු.අපේ ජීවිතයේ වටිනා වැඩ කොටසක් දත්, වලින් ඉටුවේ. අපි ආහාරයක් ගන්නා විට එය දිරවීම සඳහා වන පළමු වැඩ කොටස ඉටු කරන්නේ දත්ය. ආහාර කුඩා කැබලිවලට කඩා ඛේටය සමග මුසු කොට අවසානයේ එම ආහාර වල රසය අපට දැනෙන්ට සලස්වයි. මෙම කි‍්‍රයාවලියට ඔබේ දත් සම්බාධකයක් පමුණුවයි ද එය දත් පිළිබඳ ප‍්‍රශ්නයකි. දත් දුර්වර්ණ වුවත්, දිරා ගියත්, හැලුනත් එය අවලක්ෂණ වීමකි.
දත් ප‍්‍රශ්නවල ඉතිහාසයකි‍්‍රස්තු පූර්ව 4000 කට ඉහත සිට ඊජිප්තුවේ වාසය කළ ජනයා ඔවුන් ගේ දන්තාබාධ සඳහා එක එක ක‍්‍රම භාවිතා කළ බවට සඳහන් වේ. කි‍්‍ර.පූ. 2000 එපිට සිටි චීන ජාතිකයන් ඔවුන්ගේ දත් රැක ගැනීම සඳහා විවිධ බෙහෙත් වර්ග සහ කටු වෙදකම භාවිතා කළ බව ඉතිහාසයේ සඳහන් වේ. කි‍්‍ර.පූ. 5 වැනි සියවසේ සිටි ග‍්‍රීකයෝ දත් ඉවත් කරන්නේ කෙසේද, ශල්‍යකර්ම වලට භාජනය කරන්නේ කෙසේද යන වග පත පොතෙහි ලියා දක්වා ඇත.රෝමන්වරු 1 වැනි සියවසේදී දත් උගුලා දැමීම, පිරවීම බොරු දත් දැමීම වැනි දේ ගැන දැන සිටි බව කියැවේ. නමුත් රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමග දත් රෝගා බාධවලට පිළියම් කිරීම වෙනුවට දතක යම් ආබාධයක් පැමිණියොත් එය කෙළින්ම ගලවා දැමීම සිරිතක් කර ගත් බැව් කියැවේ. 14 වැනි සියවසේ එංගලන්තයේ විසූ බාබර් සර්ජන් වරුන් (මෙම දන්ත වේදය සම්බන්ධයෙන් අති දක්ෂයන් වූ බැව් කියනු ලැබේ. ඔවුන් මිනිසුන්ගේ කොණ්ඩා සහ රැවුල් කැපුවා පමණක් නොව නරක් වූ දත් ගැලවීම ද කළ බැව් කියති.) ඔවුන් බාබර් සාප්පු ඉදිරියේ ඔවුන් සාර්ථක ලෙස ඉවත් කළ දත් එල්ලා තැබූ බවද කියති. 19 වැනි සියවසේදී සොයා ගනු ලැබූ නිර්වින්ධන බෙහෙත් වලින් පසුව දත් ගැලවීම සාර්ථක ලෙසත් නිම කිරීමත් දන්තවේදය ව්‍යාප්ත වීමක් සිදුවිය. වසර 1844 ත් 46 ත් අතර ඇමරිකාවේ විසූ හොරේස් වෙල්ස් සහ ඩබ්ලිව්. ටී.ජී. මෝර්ටන් යන අය නයිට්ට‍්‍රස් ඔක්සයිඩ් වැනි නිර්වින්දන බෙහෙත් මගින් රෝගියා සම්පූර්ණයෙන් නිදි ගැන්වීමෙන් අනතුරුව සාර්ථක අන්දමින් දත් ගැලවූ බැව් පත පොතෙහි සඳහන් වේ. මීට පසු සොයා ගනු ලැබූ දේශීය නිර්වින්දන බේත් සහ ඒවා ශරීරගත කිරීම සඳහා වූ ඉදිකටු වසර 1845 දී සොයා ගැනීමෙන් පසු මෙම දන්ත වේදය පිළිබඳ කතාව වෙනස් වූ බැව් කියනු ලැබේ.  කෙසේ වෙතත් වසර 1884 න් පසු කොකොස් නම් ද්‍රව්‍යය ශරීරගත කිරීමෙන් සිරුරේ කොටසක් අඩපණ කිරීමෙන් පසු දත්ගැලවීම සාර්ථක ලෙස කළ බැව් කියැවේ. නිරෝගි දත් අපේ හකුවල සවි වී ඇත්තේ එහි කුහර වල ඇති තන්තු වලිනි. මේවා අපි දත් මුල් හැටියට හඳුන්වනු ලැබේ. එයද දතේ කොටසකි.
දත් සෑදී ඇත්තේ කෙසේද?අපට එළියට පෙනෙන්නට තිබෙන කොටසට දන්ත මස්තකය ලෙස හැඳින් වේ. දත් සෑදී ඇත්තේ එනමල්, දන්තීනය, පල්පය, සහ සිමෙන්ති යන ද්‍රව්‍ය වලිනි. එයින් දත වටා ඇති සුදු ආවරණය අපි එනමල් යයි කියනු ලැබේ. මෙය අපේ සිරුරේ ඇති ඝනකම්ම කොටසයි. දතේ වැඩි කොටසක් සෑදී ඇත්තේ දත්තීනය නම් කොටසින්ය. එය ඉතා සංවේදී ද්‍රව්‍යයකි. පල්පය යනු දතේ නාඩියයි. මෙය දන්තීනයේ ඇතුළතින් පිහිටා ඇති අතර එය දතේ මුල දක්වාම ගමන් කරයි. සිමෙන්තිය යනු අස්ථියක් වැනි දෙයකි. එය දතේ මුල දක්වා විහිදී පවතී.
දත් දිරා යෑමදත් දිරා යෑම ඉතා බහුල රෝගයකි. මෙය දත් ඇට දිරායාම නමින් හැඳින්වේ. මෙම රෝගය බහුල වශයෙන් ඇත්තේ කාබෝහයිඩ්‍රේට් සහ සීනි අඩංගු ආහාර පරිභෝජනයට ගන්නා අයට ය. අප ගන්නා ආහාර වල සුළු සුළු කොටස් දත් වල මතුපිට තැන්පත් වීමෙන් මෙයට මුල පිරේ. මෙමගින් දතේ මැලියම් සමග අපද්‍රව්‍ය තට්ටුවක් එහි එකතුවේ. මෙය බැක්ටීරියා වලින් ගහනය. මෙමගින් දතේ එනමලයට හානි කරන්නට පටන් ගනී. සුළු කාලයකදී මේනිසා හානියට පත් එනමලය කඩතොළු වේ. මීට පසු වෙන්නේ අනාරක්ෂිත දන්තීනය දක්වා ආක‍්‍රමණය කිරීමයි. අවසානයේ පල්පය දක්වා ආසාදනය පැතිරීමයි. මෙහි ප‍්‍රථිඵලය දත් කැක්කුමයි. මෙම ආසාදනය කලක් පැවතිය හොත් පල්පය හා ස්නායු අග දක්වා එය පැතිරෙයි. එවිට දත් කැක්කුම තරමක් අඩු වගේ තේරුණත් එය දත මුල දක්වා හානියට පත් කරවයි. අවසානයේදී හක්ක ඉදිමෙයි. මෙය දන්ත විසිර ගෙඩියක් හැටියට හඳුන්වනු ලැබේ.ප‍්‍රතිකාර ක‍්‍රම.දතක් දිරා ගිය විට එම දිරා ගිය කොටස් ඉවත් කොට ලෝහ කොටස් සහ රසදිය කොටස් එකතු කොට සෑදූ කිසියම් මිශ‍්‍රණයකින් එය පුරවා ගත හැකිය.

1 Comments:

At 5 November 2012 at 10:08 , Blogger Amila Chathuranga said...

අනේ දත් ගැන නොදත් ගොඩක් දේව්ල ඉගන ගත්තා බොහොම පින්..

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home