2 Feb 2012

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

64 වන නිදහස් සමරුව වෙනුවෙන් ඉදිරිපත් කරමි.
  • ජාතික කොඩියේ දැක්වෙන අංග
    බෝපත් පරම සත්ය අවබෝධය (මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා යන සතර බඹ විහරණය බෝපත් හතරෙන් නිරූපණය කෙරේ)
    1. මෙත්තා - රට වැසියා පොදු මගකට පෙළඹවීම
    2. මුදිතා-සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීම
    3. කරුණා - දුකට පත්වූවන් ඉන් මුදවා ලීම
    4. උපේක්ඛා - සතර සංග්රහ වස්තු නිරූපණය කෙරේ

    සිංහයා
    1. සෙසු සතුනට වඩා විනය ඇති සංවර සත්ත්වයකු වන සිංහයා ආත්ම ශක්තිය කෙරෙහි විශ්වාසය තබයි. එමෙන්ම තමාට නොගැළපෙන දේ නොකරයි. එවන් උදාරවත් ගති සිංහල ජාතියට ඇති බව සිංහයාගේ නිරූපණය වේ.

    සිංහ රූපයේ කහ පාට
    1. එඩිතර බව, දහමට අනුව හැසිරීමට, අභිවෘද්ධිය ආදිය සිංහ රූපයේ කහ වර්ණයෙන් අදහස් කෙරේ.

    කේශර මාලා තුන
    1. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයත්, තෙරුවන් කෙරෙහි විශ්වාසය තැබීමත් නිරූපණය කෙරේ.

    ග්‍රීවය
    1. පාලනයෙහි ඍජු හා ශක්තිමත් බව සංකේතවත් වන්නේ ග්‍රීවයෙනි.
    2. ග්‍රීවයේ කේසර මාලා හතර
      ඡන්ද, ද්වේෂ, බය, මෝහ යන සතර අගතියෙන් තොර පාලනයක් පවතින බව සංකේතවත් කෙරේ.

    නාසය
    1. ප්‍රඥාව සංකේතවත් කරයි.

    අයාගත් මුඛය
    1. රාජකීය හඬත්, නොබියව නිර්භීතව අදහස් පළ කිරීමට ඇති හැකියාවත් එයින් දැක්වේ.

    මුඛයට නැමී ගිය දත් තුන
    1. සිත, කය, වචනය යන තුන්දොර හික්මවා ගැනීම මෙහිදී සංකේතවත් කෙරේ.

    දිව
    1. පාලකයාගේ ප්‍රකාශ සත්යවාදීවවත්, අවංක බවත් මෙයින් සංකේතවත් කෙරේ.
    ඇස
    1. රාජ්ය පාලකයා ජනතා ඇස තුළින් ජනතා ප්‍රශ්න දෙස බැලීම මෙයින් පැහැදිලි වේ.
    2. ඇස කඩුව දෙසට යොමු වීම
      පාලකයා විසින් බලය නිසි ලෙස යොදවනවා දැයි බැලීම මෙන් කියැවේ. (ජනතාව අවධියෙන් සිටින බව මින් සංකේතවත් කෙරේ.)

    කේශර කැරලි විසි හතර
    1. ගිහි විනය පෙන්වයි. චතුර්විධ ක්ලේෂ, සතර සංග්රහ වස්තු, සංකේතවත් වේ.
    2. හිස වලිගය මතට අක්ෂගතව තිබීම
      පාලකයා හා පාලිතයා අතර ඇති සමානාත්මතාව මින් දැක්වේ.
    3. වලිගය ස්ථාන දෙකකින් නැමීම
    • ප්‍රථම නැම්ම - ජාතියේ රටවැසියාගේ ශ්‍රමය දැනුම, කැපවීම, පාලනයට නොඅඩුව දීම මින් අදහස් වේ.
    • දෙවන නැම්ම- රට වැසියා හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්ථාවලදී එකම මගකට පිවීසීම එයින් පැහැදිලි වේ.

    වලිගයේ කේශර කැරලි අට
    1. ආර්ය අෂ්ඨාංගික මාර්ගය (සැමට සුදුසු යන්න) එයින් දැක්වේ.

    කඩුව ගත් දකුණු අත
    1. ආරක්ඛ සම්පදා ස්වාදීනත්වය, නිදහස, ආරක්ෂා කිරීම යන කරුණු දකුණුතින් කඩුව ගැනීමෙන් පෙන්වයි.

    පාද
    1. උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා යන කරුණු පාද මගින් නිරූපණය වේ.

    උඩට විහිදුණු නිය
    1. මෙලොව ජය ගැනීමට අවශ්‍ය ශ්‍රද්ධා, ශීල, ත්යාග, ප්‍රඥා, ලෝකෝත්තර විමුක්ති යන ධර්මයන් මින් නිරූපණය වේ.

    අසිපත
    1. අසාධාරණයේදී සටන් වැදීම අසිපතින් පෙන්වයි. එය ධර්මයට අනුව සිදුවිය යුතුය යන්න කඩුවේ වර්ණය වන කහ පැහැයෙන් නිරූපණය වේ.

    නැවුණු තුඩු තුන
    1. අනිත්ය, දුක්ඛ, අනාත්ම, යන ත්‍රිලක්ෂණය මෙයින් පෙන්වයි.

    මිටේ තුඩු හතර
    1. රට වැසියා ගොඩ නැගී ඇත්තේ පඨවී, ආපෝ,තේජෝ වායෝ යන සතර මහා භූතයන්ගෙන් බව මෙයින් පැහැදිලිවේ.

    කඩුව අල්ලාගත් ඇඟිලි හතර
    1. චතුරාර්ය සත්යය සංකේත්වත් කරයි. සිංහයාගේ ඉදිරි ගත්රා දෙක
    2. රාජ්ය පාලනය එක් පැත්තකට අන්තගාමී නොවූ එකක් බව සංකේතවත් කරයි.

    කඩු තලය කෙළින් තිබීම
    1. පාලනයේ මධ්යස්ථ බව දක්වයි. මධ්යම ප්‍රතිපදාව ඔස්සේ යා යුතුයිය යන්න එයින් පැහැදිලි වේ.

    කඩු තලය
    1. පාලකයාට පැන වූ නීති දහය මෙමගින් සංකේතවත් වේ. (දානය, ශිලය, පරිත්යාගය, ඍජු ගුණය, මධ්යස්ථ බව, ඉන්ද්රීය දමනය, ක්රෝධ නොකිරීම, අවිහිංසාව, ශක්තිය පිළිගැනීම)

    ඇස් ඒ තලය දෙසට යොමු වී තිබීම
    1. පාලකයන් ධර්මතා රකින්නන්ද යන්න පිළිබඳව අවදියෙන් සිටීම මින් සංකේතවත් කරයි.

    කොළ පාට තීරුව
    1. මුස්ලිම් ජනතාව

    තැඹිලි පාට
    1. දෙමළ ජනතාව

    • පසුතලයේ ඇති රතු පාට අනෙක් සුළු ආගමිකයන් හා ජාතීන් (පෘතුගීසි, ලන්දේසි, බර්ගර්) එමෙන්ම මෙම වර්ණයෙන් යටත් විජිත සමයේ උරුමය හා රටේ පසු බිම යනාදියද පෙන්නුම් කෙරේ.

    වටේ ඇති කහ පාට තීරුව
    1. ශ්‍රී ලංකාවේ වාසය කරන අනෙක් සංස්කෘතීන්වලට අයත් ජනතාව

    ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික ධජය
    1. ශ්‍රී ලංකා ධජය ඉතිහාසය ක්‍රි.පූ. 2වැනි ශත වර්ෂය තෙක් ඈතට දිවේ ඒ දුටුගැමුණු / එලාර සටනේදී සිංහල රජුන්ගේ සේනාව විසින් සිංහ ලාංඡුනය සහිත කොඩියක් රැගෙන ගිය බවට දැක්වෙන සාධකයෙකි. දුටුගැමුණු රජු එම කොඩිය යුද පිටියට ගෙනගිය ආකාරය මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් (18 වන සියවසේදී) චිත්‍ර ශිල්පියකු ලවා දඹුලූ රජ මහා විහාරයේදී සිතුවම් කර ඇත. අද වන තුරු හමු වී ඇති පැරණිම ධජය වන්නේ ද මෙයයි.



0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home