1 Feb 2012

කැෆෙන් සිරුරට හිතකරද?


·         කැෆේන් අන්තර්ගත පාන  බොහෝ පුද්ගලයන් විසින් භාවිත කරනු ලැබේ 
·         නමුත් ඉන් අහිතකර බලපෑම් අැතිවිය හැක 
·         කෝපි යනු කැෆේන් අන්තර්ගත පානයකි 
·         ඔබ දිනපතා කෝපි බීමට හුරු වී ඇත් නම් ඉන් ඔබේ සිරුරට සැලකිය යුතු කැෆේන් ප්‍රමාණයක් ඇතැළු වේ 


කැෆේන් ක්‍රියා කරන්නේ කෙසේද?
·         කැ‍‍ෆේන් මගින් ආතතියේදී ඇති වන ප්‍රතිචාර වැඩි කරන බව ඇතැම් පර්යේෂණ මගින් හෙළි වී ඇත 
·         සෛල මට්ටමෙන් කැෆේන් සිදු කරනුයේ ඇඩිනෝසින් මගින් උත්තේජනය වන ප්‍රතිග්‍රාහකයට බාධා පැමිණ වීමයි. 
·          ඇඩිනොසින් යනු මොළයේ ඇති රසායනික ද්‍රව්‍යයක් වන අතර ඉන් සිදු කරනුයේ ස්නායු සෛල අධි උත්තේජනය වීම වැළකීමයි. 
·          එබැවින් අඩිනෝසින්වල ක්‍රියාකාරිත්වය වැළකුවහොත් ස්නායු පද්ධතියේ සෛල අධි උත්තේජනය වීම වැළකීම සිදු නොවේ 
·         එමෙන්ම ඇතැම් පුද්ගලයන් කැෆේන්වලට ඇබ්බැහි වෙනු දක්නට ලැබෙන අතර කැ‍ෆේන්  නොගත හොත්  යම් යම් ලක්ෂණ මෙම පුද්ගලයන්ගේ පෙන්නුම්
කරනු දක්නට ලැබේ 
·         මෙම ද්‍රව්‍යට ඇබ්බැහි වීමට හැකියාවක් ඇතත් බොහෝ පුද්ගලයන් කැෆේන් වලට ඇබ්බැහි වී තිබෙනු දක්නට නොලැබේ 



කැෆේන් මගින් ඇතිවන වාසිදායක තත්ව මොනවාද?
·         පර්යේෂණ මගින් පහත කරැණු පෙනී ගොස් ඇත.
  ü  මතක ශක්තිය වැඩි දියුණු වීම.
  ü  මහන්සි ගතිය අඩු කිරීම
  ü  මානසික ක්‍රියාකාරිත්වය වැඩි කිරිම.
  ü  ඔබේ කෙටිකාලීන මතක ශක්තිය වැඩි විම සිදුවිය හැක.
  ü  උත්තේජනවලට ප්‍රතිචාර දැක්වීමට වේගය වැඩි වීම.
·         දිනකට කෝපි කෝප්ප 3 – 4 ක් පමණ ගැනීමෙන් හානිදායක තත්ව ඇති වීම අඩුවෙන් සිදු වන අතර ඉහත වාසිදායක තත්ව ලබා ගැනීමේ හැකියාවක්
ඇත. 
·         එමෙන්ම දිනකට කෝපි කොප්ප 3 – 4ක් බීමෙන් පර්යේෂණ මගින් පහත කරුණු සොයා ගෙන ඇත.
  ü  දියවැඩියාව (II වන වර්ගය) ඇති වීම වැළැක්වීමට උදව් වීම
  ü  පාකින්සන් නම් රෝගය ඇති වීම වැළැක්වීමට ආධාර කිරීම.
  ü  අක්මා පිළිකා ඇතිවීමේ අවදානම් අඩු වීම.
  ü  මෙමගින් හෘද රෝග හා පිළිකා ඇතිවීම සැලකිය යුතු ලෙස වැඩීවීමක් සොයා ගෙන නැත.
කැෆේන්වල අහිතකර ප්‍රතිඵල වලට වඩා අවදානම් ඇත්තේ කා හටද?
·         අධික රුධිර පීඩන සහිත පුද්ගලයන්
·         දරුවන්
·         නව යෞවන වීයේ පසුවන්නන්
·         වයසක පුද්ගලයන්  


කැෆේන් මගින් සිදු විය හැකි අහිතකර ප්‍රතිඵල 
·         අධිකව කැෆේන් ගැනීමෙන් පහත අතුරු ආබාධ ඇති විය හැක.  

ü  සිරුරේ රුධිර පීඩනය වැඩී වීම.
-          මෙය තාවකාලික නැගීමක් වුවත් දිගින් දිගටම මෙය සිදු වීම ශරීරයට යහපත් නැත. 
-          මෙලෙස දිනයේ නැවත නැවත අධික රුධිර පීඩනයක් ඇති වීමෙනුත් ,දිනපතා ආතතික තත්වයට ප්‍රතිචාර වැඩි කිරීම තුළිනුත් හෘද රෝග ඇතිවීම අවදානම් වැඩි
 විය හැක. 

·                        ග්ලුකෝස් මට්ටම කැෆේන් ගන්නා අවස්ථාවලදී වැඩි වීම
·                        කාන්තාවන්ගේ අස්ථිවල ඝනත්වය අඩු වීමද සිදු වන බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.
·                        කැ‍ෆේන්වලට ඇබ්බැහැ වීම.
-          කැෆේන්වලට ඇබ්බැහිවීම නුතනයේ මතු වී ඇති ප්‍රශ්නයක් වේ. 
-           වි‍‍ශේෂයෙන්ම ඊට හේතුවන්නේ කැෆේන් අන්තර්ගත ආහර පාන වැඩි වීමත්, කැෆේන් විශාල ප්‍රතිශතකයක් එය ආහාරවල අන්තර්ගත වීමත්, ශක්ති ජනක
පාන ලෙස හඳුන්වනු ඇතැම් පානවල කැෆේන් විශාල ප්‍රමාණයකින් අන්තර්ගත වීමත්,  බර අඩු වීම පිණිස දෙන ඇතැම් ආහාර අතිරේකවලද කැෆේන් අන්තර්ගත
වීමත්,   දක්නට ලැබීම නිසාය. 
-          කැෆේන්වලට ඇබ්බැහිවීම බහුලව දක්නට ලැබෙනුයේ තරුණ පිරිස් අතරය.  

·         කැෆේන්වලට ඇබ්බැහි වීම නිසා දක්නට ලැබිය හැකි රෝග ලක්ෂණ
  ü  රාත්‍රියේදී නින්ද නොයාම.
  ü  වෙව්ලන ගතිය
  ü  වමනය
  ü  පපුව කැක්කුම
  ü  හෘද ස්පන්දන වේගය වැඩී වීම. 

·         කැෆේන්,කොපිවල අන්තර්ගත බව සියල්ලන් දන්නා කරුනක් වුවත් ඇතැම් ආහාරපානවල ඔබ නොදන්නා ලෙස කැෆේන් අන්තර්ගත විය හැක.  
·          එමෙන්ම ආහාරවල විවිධ ප්‍රමාණ වලින් කැෆේන් අන්තර්ගත විය හැක.
·         එමෙන්ම ඩිකැ‍ෆ් නම් වු කෝපිවල වුවද කැෆේන් අන්තර් ගත වේ.
-           උදාහරණ ලෙස එවැනි කෝපි කොප්ප 5 – 10 ක් යම් පුද්ගලයකු ගන්නේ නම් ඔහුට සාමාන්‍ය කෝපි කෝප්ප දෙකක  ඇති කැ‍ෆේන් ප්‍රමාණයට සමාන
කැෆේන් ප්‍රමානයක් සිරුරට අන්තර්ගත වේ.  



කැ‍ෆේන්වලින් ලබා ගත හැකි හිතකර ප්‍රතිඵල හා ඇතිවිය හැකි අහිතකර තත්ව සලකා කැෆේන් භාවිතයට යම්කිසි සීමාවක් පැනවිය හැකිද?
·         එය එක් එක් පුද්ගලයා මත තීරණය වේ.  

·         ඇතැම් පුද්ගලයන් වඩා සංවේදී වන අතර කැෆේන් සුළු ප්‍රමාණයක් අන්තර්ගත පානයක් බීමෙන් වුවද අහිතකර ලක්ෂණ පෙන්නුම් කළ හැක.  

·         ඇතැම් පුද්ගලයන් කෝපි කොප්පයක් බිවුවද ඔවුන් ඉන්පසු හොඳින් නිදා ගනු දක්නට ලැබේ.  

·         එබැවින් සාමාන්‍යයෙන් දිය හැකි උපදෙස් වන්නේ කැෆේන් මගින් අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවත් එම අහිතකර බලපෑම් මොනවාද? යන්න දැනුවත් ව
ලෙසත්ය.  

·         යමෙකුට එය අහිතකර ප්‍රතිඵල දැනේ නම් කැෆේන් අන්තර්ගත පානය කිරීම  නැවතිම හෝ අඩු කිරීම සිදු කළ යුතු වේ.   

1 Comments:

At 1 February 2012 at 21:07 , Blogger දූපත් වැසියා said...

හොද ලිපියක්.
කොපි වගේම, තේ, අරක්කු පොප් ඩ්රින්ක්ස් ගැනත් දැම්මොත් වටිනව.

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home