2 Feb 2012

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

64 වන නිදහස් සමරුව වෙනුවෙන් ඉදිරිපත් කරමි.(1වන කොටසට)

2වන කොටස




ජාතික කොඩියක අවශ්‍යතාව
  • අපේ රටේ බ්‍රිතාන්ය පාලන සමයේ අධිරාජ්ය විරෝධී සටන පණ ගන්වමින් තිබියදී ජාතික කොඩියක අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව ඒ.සී.ඛෙල්. ආචාර්ය ජෝසප් පියරසන්, ඊ.ඩබ්. පෙරේරා යන අය විසින් ජාතික කොඩියක් පිළිබඳ පර්යේෂණ ඇරඹීය. ඔවුන් එහි දී සොයන්නට වූයේ සිංහලේ අන්තිම රජු භාවිත කළ ජාතික කොඩිය පිළිබඳවය

ජාතික කොඩිය සොයා එංගලන්තයට යයි
  • වර්ෂ 1815 මාර්තු 2 වැනි දින උඩරට ගිවිසුමෙන් පසු ‘යුනියන් ජැක්’ නමින් කොඩියක් සෙංකඩගල මඟුල් මඩුව අසලදී ජාතික කොඩයක් සේ එස වූ බවත්, පසුව එය එංගලන්තයට ගෙන ගිය බවටත් ඛෙනට් නම් ඉංග්‍රීසි ජාතිකයකු ලියූ කෘතියික සඳහන් වෙයි. එහෙත් ඒ පිළිබඳව පැහැදිලි තොරතුරක් කිසිවෙක් නොදැන සිටියේය.
    • පසුව ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් එම කෘතියට අනුව ගත් තොරතුරු මගින් සිංහලේ අවසන් රජුගේ ජාතික කොඩිය එංගලන්තයේ තිබී සොයා ගෙන ආයේය. එම කොඩියේ වූයේ සිංහයාත්, ශෛලිගත ක්‍රමයට සකස් කර තිබූ බෝපත් හතරකුත්ය. පසුබිම රතු පැහැයෙන් යුක්ත විය.

නව ජාතික කොඩියේ උපත
  • එක්දහස් නවසිය හතලිස් ගණන් වන විට ලංකාවේ බොහෝ විද්වතුන්ගේ මතය වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිත කළ කොඩිය ශ්‍රී ලංකාවේ නව ජාතික කොඩිය ලෙස පිළිගත යුතුය යන්නයි. 1948 ජනවාරි 16 වැනි දින මඩකලපුව මන්තී්ර සින්න ලෙබ්බේ මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය ස්ථිර නොවූ බැවින් ඞී.එස්. සේනානායක මහතා රාජ්ය කොඩිය නිර්මාණය පිළිබඳ උපදෙස් දීමට හා කොඩිය නිර්මාණය කිරීමට කමිටුවක් පත් කළේය.

කොඩිය තීරණය කළ කමිටුව
  • සභාපති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා
    ලේකම් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා
    සාමාජිකයින් ටී.බී. ජයා මහතා
    ජී.පී. පොන්නම්බලම් මහතා
    ජේ.ආර්. ජයවර්ධන මහතා
    ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මහතා
    ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා


කමිටුවේ නිර්දේශයට අනුව සැකසුණු කොඩිය
  • ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය වීම කෙසේ විය යුතු දැයි යන්න පිළිබඳව එකල වාද විවාද බොහෝ විය. එනමුත් අවසන් තීරණය වූයේ තෝරා ගන්නා කොඩියෙන් නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය යන ත්‍රිවිධ ලක්ෂණ නිරූපණය විය යුතු බවයි. ඒ අනුව ජාතික ධජය ත්‍රිවර්ණ විය යුතු බවත්, උඩ තීරය කහ පාටින්ද, යට තීරය සුදු පාටින්ද, පසුබිම රතු පැහැයෙන්ද යුක්ත විය යුතු අතර එහි සිංහ රූපයද තිබිය යුතු බව යෝජනා කෙරිණ.

ජාතික කොඩියේ ප්‍රථම දැක්ම
  • වර්ෂ 1948 පෙබරවාරි 4 වැනි දින නිදහස් දිනය වන තෙක්ම ජාතික කොඩිය පිළිබඳ ස්ථිර තීරණයක් ගෙන නොතිබිණි. එහෙත් එදින නිර්මාණය කරන ලද ජාතික කොඩිය ඔසවන ලදී. එතැන් පටන් ව්‍යවහාරයේ පැවතෙන්නේ එම ජාතික කොඩිය වුවත් ඉන් පසුව එයට සංශෝධන කිහිපයක්ම එක් කරනු ලැබිණ.

ජාතික කොඩියට එක් වූ අංග
  • වර්ෂ 1951 මාර්තු 2 වැනි දින කොඩිය ඉදිරිපසට කොළ හා තැඹිලි තීරු දෙකක් එක් කෙරිණ. මේ සම්මත කරගත් ජාතික කොඩිය 1952 පෙබරවාරි 2 වැනි දා ඔසවන ලදී.
    වර්ෂ 1972 දී කොඩිය වටා කහ පාට තීරුවක් හා කොඩියේ හතර කොනේ බෝපත් නිවැරදි බෝ කොළ හැඩයෙන්ද නිරූපණය කරන ලදී. 1972 මැයි 22 වැනිදා මෙම සංශෝධිත ජාතික කොඩිය ඔසවන ලදී.
    වර්ෂ 1978 සැප්තැම්බර් 7 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ජාතික කොඩියට මුල් තැන හිමි විය.

ජාතික කොඩියට ප්‍රමිති සහතිකයක්.
  • ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ශ්‍රී ලංකා ජාතික කොඩිය සඳහා වර්ෂ 1985 දී 693 දරණ අංකය යටතේ ප්‍රමිති සහතිකයක්ද ලබා දී තිබේ. කොඩියේ සැලැස්ම, දිග සහ පළල ප්‍රමිති සහතිකයට අනුව සෙ.මී. 200 X 100 ප්‍රමාණයට අනුකූල විය යුතුය.
කොඩි අතර ප්‍රමුඛයා
  • ජාතික කොඩිය නිදහස් දිනය ඇතුළු සෑම වැදගත් දිනයකදීම ඔසවනු ලබයි. කොඩියේ තීරු දෙක ගස පැත්තට තිඛෙන සේ එසවිය යුතුය. වෙනත් රටවල කොඩි සමග එසවීමේදී එය එක හා සමාන උසකින් ඔසවනු ලැබේ. අනෙක් රටවල කොඩි තැබිය යුත්තේ වම් පසිනි. සෑම කොඩියක්ම එක හා සමාන විය යුතු අතර, ඒ ඒ රටවල නම්වල ඉංග්‍රීසි අකාරාදිය අනුව කොඩි එස විය යුතුය.
  • පාසලක පාසල් වාරය ආරම්භ වන දින උදෑසන රැස්වීමේ විශේෂ දිනයකදී ජාතික කොඩිය එසවිය හැකිය. එමෙන්ම ජාතික කොඩිය ඔසවන සෑම අවස්ථාවකදීම ජාතික ගීයද ගායනා කළ යුතුය.
  • ජාතික කොඩිය ඔසවන විටදී...
  • සියලූම උත්සවවලදී ජාතික කොඩියට ප්‍රමුඛස්ථානය දිය යුතුය. වෙනත් කිසිම කොඩියක් ඊට ඉහලින් ඔසවා නොතිබිය යුතුය. එහෙත් වෙනත් ජාතියකට අයත් කොඩියක් නම් එය ජාතික කොඩි ගසට සමාන උසකින්ම ඊට වම් පසින් එසවිය හැකිය.
  • රාත්‍රි කාලයේ දී ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තැබීමේදී එය නැවත පහත් කරන තුරු රාත්‍රි කාලය තුළ විදුලි එළියෙන් ආලෝකවත් කිරීම
  • ගොඩනැගිල්ලක හෝ සඳළුතලයක කොඩිය ඔසවන්නේ නම් කොඩි ගස හරස් අංශ 45 ට ඇලකොට එස වීම.
    පාරක ඔසවන්නේ නම් සිංහයා හරස් අතට සිටින සේ කොඩිය එසවීමට ක්‍රියා කිරීම
  • ආගමික කොඩි, ජාතික කොඩි සමග ප්‍රදර්ශනයේදී සමාන උසකින් තිබිය යුතුය.
  • කොඩි ගස් කිහිපයක් එක ළඟ වේ නම් පළමුව කළ යුත්තේ ජාතික කොඩිය එසවීමයි. ජාතික කොඩිය පහත් කිරීමද අවසානයට කළ යුතුය.
  • කථික වේදිකාවල ඔසවන විටදී කථිකයා සභාවට මුහුණලා සිටිය දී ඔහුට දකුණින් තිඛෙන පරිදි කොඩි ගසක හෝ පිටුපස බිත්තියට හෝ හෙත්තු වන සේ ඔහුට ඉහළින් ඔසවා තැබිය යුතුය.
ගරු කළ යුතු ජාතික කොඩිය
  • කිසි විටෙකත් ජාතික කොඩිය බිම නොතැබිය යුතුය. පෙරහරක ආදියේ ගෙන යන විටද තිරස් අතර සිටින සේ රැගෙන යාම නුසුදුසුය. උත්සවවලදී අමුත්තා සීරුවෙන් සිට කොඩිය එසැවිය යුතු අතර ඒ මංගල මොහොතේදී සියලූ දෙනා සියලූම කි්රයාකාරකම් නැවැත්විය යුතුය. කොඩියට මුහුණ දී සීරුවෙන් සිටිය යුතුය.
  • සංඛ නාද, මඟුල් ඛෙර වාදනය හැර කිසිදු සංගීතයක් නොපැවැත්විය යුතුය. එසවීමෙන් අනතුරුව ජාතික ගීය වාදනය හෝ ගායනය කළ යුතුයි. ඒ අවස්ථාවේ හිස් වැසුම් පැළඳ සිටී නම් ඒවා ගලවා ගත යුතුය. ඉරී අවලක්ෂණ වී වැරහැලි වී ඇති ජාතික කොඩි භාවිතයට නොගත යුතුය. එය වෙනත් පාට රෙදි වලින් සැරසිලි නොකළ යුතුය. අපේ ජාතික කොඩිය කිසි විටෙකත් ඇඳුමක්, ඇඳ ඇතිරිල්ලක් මෙන්ම සීලිමක ආවරණයක් වශයෙන්ද භාවිත නොකළ යුතුය.
නිමි

2 Comments:

At 8 February 2012 at 07:57 , Blogger හසිතා මහේෂි said...

නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.බොහෝම ස්තුති.සොරෝ නිසා තමයි මේක දැන ගත්තේ අපේ සයිට් එකේ ඇවිත් දැම්මනේ.
මහන්සිවෙලා ලිපිය දාලා තියනවා. දිගටම හොද දේවල් ලියන්න.

 
At 27 September 2012 at 12:51 , Anonymous Anonymous said...

cd;sl fldáfha mdg j,ska ksrEmkh jk woyia meyeÈ,sj ±ñh yels kï b;d jákjd'

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home