1 Feb 2012

වෛද්ය අවධානයට යොමු විය යුතු රෝග ලක්ෂණ 10 ක්




වෛද්‍ය අවධානයට යොමු විය යුතු රෝග ලක්ෂණ 10 ක්

පපුවේ කැක්කුම, උග්‍ර ලෙස ඇති වන උදර වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතා ආදි රෝග ලක්ෂණ අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය අවධානයට යොමු  කරන රෝග ලක්ෂණ වේ. නමුත් එතරම් බරපතල ලෙස නොපෙනෙන ඇතැම් ලක්ෂණ ඇති විට වෛද්‍යවරයා හමු විය යුතු දැයි ඇතැම් විට ඔබ සිත  සිතා සිටිනවා විය හැක. පහත් දැක්වෙන්නේ එසේ වෛද්‍ය අවධානයට එක් වරක් හෝ යොමු කල යුතු රෝග ලක්ෂණ කිහිපයකි. මෙයින් සමහර  ලක්ෂණ ඇති විට ඉක්මනින්ම වෛද්‍යවරයා හමු විය යුතුය.නමුත් මින් එකදු ලක්ෂණයක් හෝ නොසලකා සිටීම නුවණට හුරු නැත.විස්තර කල නොහැකි ලෙස අසාමාන්‍ය බර අඩු වීම

එක දිගට පවතින තද උණ

හුස්ම ගැනීමේ අපහසුතා

විස්තර කල නොහැකි ලෙස මලපහ කිරීමේ ඇති වන වෙනස්කම්

ක්ෂණිකව ඇතිවන මානසික ව්‍යාකූලතාව

දෘෂ්ඨි පථයට කුඩා එලි පෙනීම

දෘෂ්ඨිය හෝ කථනය ක්ෂණිකව නැති වීම හෝ දුර්වල වීම

ක්ෂණිකව ඇති වන උග්‍ර හිසරදය

ස්වල්පයක් ආහාරයට ගත් විට බඩ පිරුනු බවක් දැනීම

සන්ධියක් ඉදිමී රතු වීම


මෙම ලක්ෂණ බොහොමයක් බරපතල ලෙස නොපෙණුනද ඒව යම් ද්විතියික හේතුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වේ. එබැවින් ඉහත සඳහන් ලක්ෂණ  ඔබට ඇත්නම් වහාම වෛද්‍යවරයා හමු වන්න. එවිට වැඩිදුර පරීක්ෂණ කර ද්විතියික හේතු හඳුනා ගැනීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැකි වනු ඇත.


විස්තර කල නොහැකි ලෙස අසාමාන්‍ය බර අඩු වීම

ඔබ විශේෂයෙන් උත්සාහ නොකලද සිරුරේ බර අඩු වේ නම් එය සතුටුදායක කරුනක් ලෙස පෙනුනද ඇත්ත වශයෙන්ම එය යම් රෝග තත්වයක් පෙන්නුම් කරන සලකුණක් විය හැකිය. පසුගිය මාස 6 තුල විශේෂ හේතුවකින් තොරව සිරුරේ සම්පූර්ණ බරෙන් 10% ක අඩු  වීමක් අසාමාන්‍ය වේ. මෙසේ බර අඩු වීමට හේතු කිහිපයක් ඇත.
අධි තයිරොයිඩතාව
විෂාදිය
අක්මාවේ රෝග තත්ව
පිලිකා තත්ව
ආහාර අවශෝෂණය දුර්වල වන රෝග


එක දිගට පවතින තද උණ
උණ යනු රෝග තත්වයක් නොවේ. එය රෝග ලක්ෂණයකි. බොහෝ විට උණ ඇති බවින් පෙනී යන්නේ සිරුර බැක්ටීරියා හෝ වෙරස  ආසාදනයකට එරෙහිව සටන් වදින බවයි. කෙසේ වෙතත් දින 3 කට වඩා කල් පවතින මද උණ ගතිය [< 38.5 ˚C]වෛද්‍ය අවධානයට  යොමු කල යුතුය. එමෙන්ම 38.5 ˚C ට වැඩි තද උණ හෝ උග්‍ර ලෙස රෝගාතුර වීමක් ඇත්නම් වහාම වෛද්‍යවරයා හමු වන්න.
ඔබ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල කරන ඔෂ්ධ වර්ග භාවිතා කරන්නේ නම් ආසාදනයක් තිබුණද උණ මතු නොවේ. එවැනි අවස්තාවක වෛද්‍ය  උපදෙස් ලබා ගත ය්තු ආකාරය වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න. කල් පවතින උණ ගතිය සැඟවුණු ආසාදනයක සලකුණක් විය හැක. එසේ නැතහොත් පිලිකා තත්වයක් විය හැක. සමහර ඔෂධ මඟින්ද මෙලෙස උණ  හට ගත හැක.


හුස්ම ගැනීමේ අපහසුතා
සෙම්ප්‍රතිශ්‍යාවෙන් නාසය සිරවීම, ව්‍යායාම ආදිය නිසා ක්ෂණිකව හුස්ම ගැනීම අපහසු වීම සාමාන්‍යයෙන් දැකිය හැකි ලක්ෂණ වේ. නමුත් නින්දේදී හෝ විවේකීව සිටින විට හුස්ම ගැනීම අපහසු වීම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු තත්වයකි. මෙසේ හුස්ම ගැනීම අපහසු වන රෝග තත්ව කිහිපයකි. පෙනහලු ආශ්‍රිත රෝග - ඇදුම, ශ්වාසනාල ප්‍රදාහය, නියුමෝනියාව, සහ කල් පවතින පෙනහලු ආබාධ
හෘදයාබාධ
වෘක්ක අකර්මන්‍යතාව
තැති ගැනීම


විස්තර කල නොහැකි ලෙස මලපහ කිරීමේ ඇති වන වෙනස්කම්

බොහෝදෙනා මලපහ පිට කිරීමේ සාමාන්‍ය රටාව කුමක්දැයි විමසති. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙනස්කම් ඇත. ඔබේ සාමාන්‍ය රටාව  හඳුනා ගන්න. එහි වෙනදාට වඩා වෙනසක් දක්නට ලැබුණහොත් එය අසාමාන්ය තත්වයක් ලෙස ගැනේ.
පහත සඳහන් වෙනස්කම් දුටුවහොත් ඉක්මනින් වෛද්‍යවරයා  හමු වන්න.

ü  මලපහ සමග රුධිරය  පිට වීම
ü  සතියක් පමණ එකදිගටම බඩ බුරුල් වී යාම
ü  සති 3 කට වඩා පවතින මලබද්ධය
ü  නිතර නිතර මලපහ පිට කිරීමට අවශ්‍ය වීම
ü  කලු, තාර වැනි මලපහ පිට වීම

මෙම තත්වයට බලපාන සුලබ හේතු මිහිපයකි. එනම් බැක්ටීරියා, වෙරස ආසාදන, අන්ත්‍ර ප්‍රදාහය සහ මහාන්ත්‍රය ආශ්‍රිත පිලිකා තත්ව ආදියයි.


ක්ෂණිකව ඇතිවන මානසික ව්‍යාකූලතාව ක්ෂනිකව ඇතිවන මානසික ව්‍යාකුලතාව ලෙස හැඳින්වෙන්නේ මානසිකව උග්‍ර ව්‍යාකූලත්වයක් සහ මානසික මටිටමේ වෙනසක්  හදිසියේම ඇති වන තත්වයකි. මෙය ආවේගශීලි බවක් හෝ අලස බවක් ලෙස පෙන්නුම් කල හැක. මෙහි ප්‍රධානතම ලක්ෂණය වන්නේ  ඉතා සුලු කාලයක් තුල මානසික මටිටම වෙනස් වීමයි. මෙම තත්වය ඉක්මනින්ම වටහා ගත හැක්කේ පවුලේ අයට හෝ සමීප  හිතවතුන්ටය. එබැවින් පහත ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.

ü  ක්ෂණිකව කල්පනාව ව්‍යාකූල වීම
ü  වේලාව, තමා ඉන්නා ස්ථානය සහ අවට සිටින පුද්ගලයන් පිලිබඳ අවබෝධයක් නොමැති කම
ü  පෞරුෂත්වය හෝ හැසිරීම සම්බන්ධව ක්ෂනිකව ඇති වන වෙනස්කම්
ü  සිත එකඟ කිරීමේ හෝ මතකයේ ඇතිවන දුර්වලතාව

මෙම තත්වය ඇතිවීමට හේතු බොහොමයක් ඇත.

ආසාදන
රුධිරගත ලවණ වර්ග වල හදිසියේම ඇතිවන වෙනස්කම්
රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වැඩි වීම
ඇතැම් ඔෂධ වර්ග
උග්‍ර රක්තහීනතාව
මානසික රෝග තත්ව

දෘෂ්ඨි පථයට කුඩා එලි පෙනීම
ක්ෂනිකව තම දෘෂ්ඨි පථයට කුඩා එලි පෙනීමට පටන ගනී නම් මෙය දෘෂ්ඨිවිතානය සම්බන්ධ අසාමාන්‍යතාවක ලක්ෂණයකි. මෙම එලි සෑම විටම  පෙනෙන අතර එහා මෙහා ගමන් නොකරයි. මෙම තත්වය ඔබට ඇති වුවහොත් වහාම වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. එසේ  නොකලහොත් සදාකාලිකවම පෙනීම සම්පූර්ණයෙන් නැති වීමේ අවදානමක් ඇත.


දෘෂ්ඨිය හෝ කථනය ක්ෂණිකව නැති වීම හෝ දුර්වල වීම
මෙම ලක්ෂණ ඇත්නම් මිනිත්තු කිහිපයක් ප්‍රමාදයෙන් වුවද විශාල හානියක් වීමේ ඉඩකඩ ඇත. දෘෂ්ඨිය හෝ කථනය එකවරම නැති වීම  ආඝාත තත්වයක් හෝ එහි මුල් අවධිය පෙන්නු කරයි.

මේ තත්වය සඳහා හදිසි ප්‍රතිකාර ගත යුතුය. එබැවින් පහත ලක්ශණ ඇති වුවහොත්  වහාම ලඟම ඇති රෝහල වෙත යන්න. සිරුරේ එක් පැත්තක ක්ෂනිකව ඇති වන හිරිගතිය හෝ පණ නැති බව ක්ෂනිකව ඇස් පෙනීම දුර්වල වීම, අඳුරු වීම හෝ පෙනීම එක්වරම නැති වී යාම කථනය නැති වීම ක්ෂණිකව තම අදහස් වචනයෙන් පිට කිරීමට නොහැකි වීම හෝ අන අය පවසන දේ තේරුම් ගත නොහැකි වීම

හිස කරකැවිල්ල, සමබරතාව නැති වීම සහ වැටිටිම

තද හිසරදය


ක්ෂණිකව ඇති වන උග්‍ර හිසරදය
හිසරදය යනු බහුලව දැකිය හැකි නමුත් විශේෂ අවධානයට ලක් නොවන ලක්ෂණයකි. නමුත් ක්ෂණිකව ඇතිවන තද හිසරදය යම්  බරපතල තත්වයක් පෙන්නුම් කල හැක. එබැවින් පහත සඳහන් ලක්ෂණ ඔබට පවතී නම් වහාම වෛද්‍යවරයා හමු වන්න.
පොල්ලකින් හිසට ගැසුවාක් මෙන් ඉතාම උග්‍ර ලෙස වේදනාකාරී වන හිසරදය

හිසරදය සමග සමගාමීව උණ, බෙල්ල නැමීමේ අපහසුතාව, වලිප්පුව ආදී ලක්ෂණ

වයස අවුරුදු 55 ට පසු වෙනදා නොපැවති ආකාරයක හිසරදයක් ඇති වීම
ඉහත ලක්ෂණ මොලයේ පිලිකා, මෙනින්ජයිටිස් වැනි ආසාදන තත්ව, කපාලය තුල ලේ ගෙඩි ආදී තත්ව වල ලක්ෂණ විය හැක. අවසානයට සඳහන්  කල ලක්ෂණය හිස ආශ්‍රිත ධමනි වල ප්‍රදාහයක් නිසා ඇති වේ. මෙය ප්‍රතිකාර ලබා දිය හැකි තත්වයකි.


ස්වල්පයක් ආහාරයට ගත් විට බඩ පිරුනු බවක් දැනීම
සතියක් හෝ වැඩි කාලයක් තිස්සේ ආහාර ගන්න විට ඉක්මනින් බඩ පිරෙන බවක් හෝ සුලු ප්‍රමාණයක් අහාර ගත් විට බඩ පිරෙන බවක් හෝ ඔබට  දැනේ නම් වෛද්‍ය පරීක්ෂණයකටි ලක් වීම සුදුසුය. මේ සමගම තිබිය හැකි වෙනත් ලක්ෂණ කිහිපයකි. ඒවා ඇත්නම් වෛද්‍යවරයාට ඒ බව  දන්වන්න. ඔක්කාරය හෝ වමනය

බඩ පුරවා දැමීම
සිරුරේ බර අඩු වැඩි වීම ආදිය
මෙම තත්වය ඇති වීමට හේතු වන්නේ ආමාශයේ දැවිල්ල හෙවත් ගැස්ට්‍රයිටිස් තත්වය වැනි බරපතල නොවන රෝගයක් හෝ ආමාශයික හෝ  ගලනාලය ආශ්‍රිත පිලිකා වැනි බරපතල රෝගයක් විය හැක. එබැවින් මෙම තත්වයට හේතුව වෛද්‍යවරයෙකු හමු වී සොයා ගැනීමෙන් අවශ්‍ය  ප්‍රතිකාර ඉක්මනින් ලබා ගත හැක.


සන්ධියක් ඉදිමී රතු වීම
සිරුරේ සන්ධි ඉදිමී, රතු වී ප්‍රදාහ තත්වයක් පෙන්නුම් කරයි නම් ඒව සන්ධිය ආශ්‍රිත ආසාදනයක් ලකුණු වේ. මෙම තත්වයට අදාල ප්‍රතිකාර වහා ලබා  නොදුනහොත් සංකූලතා ඇති වීමේ අවදානමක් ඇත. මීට අමතරව සන්ධි ආශ්‍රිත වෙනත් රෝග තත්ව වුවද මේ ආකාරයට ප්‍රකාශ විය හැක.
ඉහත සඳහන් රෝග ලක්ෂණ කිසිවක් ඔබට ඇත්නම් වෛද්‍යවරයෙකු හමු වී අදාල රෝගය හඳුනා ගැනීමට කටයුතු කරන්න. එම ලක්ෂණ කාලයක්  තිස්සේ නොසලකා හැරීම මඟින් රෝගය උත්සන්න විය හැකි අතර විවිධ සංකූලතා ඇති වීම හේතුවෙන්  ඇතැම් විට සුව කල නොහැකි තත්වයක් කරා එලඹෙනු ඇත. 

උබුටාගැනීමකි

2 Comments:

At 1 February 2012 at 23:16 , Blogger පොට් said...

නොවෑම්බර් මාසයේ දී මුලදී මට මානසික අසහනයක් හට ගත්තා.. ඊට හරියටම දින කිහිපයකට පස්සේ මට තද උණක් එක්ක සෙම , කෑම අරෑචිය තත්වයක් ඈති වුනා... අර උණ තත්වය නිසා කල්පනා කිරීම වෑඩි වුනා.. ඒ නිසා මානසික තත්වය තවත් පහලට වෑටුනා.. කිහිප තෑනකින්ම බෙහෙත් ගත්තත් හරිගියේ නෑ.. සති තුනකට පස්සේ වෙනත් දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරගත්තා .. ඊට පස්සේ තරමක් හොද වුනත් රෑධිර පරීක්ශණයේ කිසියම් වෙනසක් තිබ්බා.. රෝගී තත්වය හොද වුනත් මානසික ප්‍රශ්ණය උග්‍ර වුනා.. මානසික වෙදය වරයෙක් හමුවුනාට පස්සේ ඔහු මට " zoloft " නිර්දේශ කලා.. ඒ බෙහෙතට බියගෙන දෙන හෑගීම් වලට කරන ප්‍රතිචාර අවම වුනා.. නමුත් මම සති දෙකකට පමණ ඉහතදී ඒ බෙහෙත නෑවෑත්වුවා.. තවමත් මට මානසික ප්‍රශ්ණ තිබෙන මුත් ඒවා එකවරම ඈතිවී ටික වේලාවකින් නෑතිව යනවා.. කථාවේදී වචන අමතක වීමකුත් දෑන් මාසෙක විතර ඉදන් මට තියෙනවා.. වෑඩක් කරීමේදී සිත එකග කර ගෑනීමටත් බෑ.. ඒ වගේම කාත් එක්ක හරි කතා කරමින් ඉන්නකොට ඔවුන් කියන දෙය එකවරම තේරෑම් ගෑනීමටත් අපහසු වෙනවා..( අවධානය ගිලිහෙනවා ) සමහරක් වෙලාවට ජීවත් වීමේ කිසිම වෑඩක් නෑ කියාත් හිතෙනවා.. අනේ මන්දා.. මට වෙන කිසිම බාහිර ප්‍රශ්ණයකුත් නෑ.. මට යළිත් මනෝ වෙද‍යතුමා හමුවීමට යන්න වෙයි කියාත් බයයි. මෙච්චර කල් කිසිම ප්‍රශ්ණයක් නෑතිව හිටපු මට එකවරම මෙවෑනි මානසික රෝගී තත්වයකට පත්වීම් හරිම පුදුමයි.. මගේ බරත් ගොඩක් අඩුවුනා.. වෙනදා කරන්න ආසකරන දේවල්වලට ඈති ආශාවත් අඩුවෙලා..

 
At 2 February 2012 at 07:17 , Blogger Kasunk said...

jok ekak nemei nam mansika waiddiyawarayak hambu weyan....

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home