26 Jan 2012

උපැස් යුවළෙන් මුහුණට වටිනාකමක්


අලංකාරය පිණිස උපැස් යුවල පැළැඳීම දුරාතීතයේ දී ද විලාසිතාවක් බවට පත්වී තිබුණි. වත්මන ද මුහුණට නව පෙනුමක් ලබා දීමටත් පෞරුෂත්වය වැඩි දියුණු කර ගැනීමටත් උපැස් යුවල පැළැඳීම විශේෂයෙන් ම තරුණ පරපුරේ විලාසිතාවක් බවට පත් වී තිබේ. දුර හෝ ළඟ නොපෙනීමේ දෘශ්‍යාබාධවලින් පෙළෙන්නන් ද අද උපැස් යුවළ පළඳිනුයේ සිය පෙනීම වැඩි දියුණු කර ගැනීම උදෙසා පමණක් නො වේ. ඔවුහු ද මුහුණට උචිත සහ මුහුණට පෙනුමක් ලබාදෙන උපැස් යුවල තෝරා ගැනීම ට නිතරම සැලකිලිමත් වෙති. උපැස් යුවල අංග කිහිපයකින් විලාසිතාවන්ට ලක්වී ඇත. ඒ රාමුව කාචය හැඩය උපැස් යුවල නිර්මාණය වූ ද්‍රව්‍ය කාචයේ වර්ණය ආදි වශයෙනි.යොවුන් පරපුර විලාසිතාවක් ලෙස උපැස් යුවල භාවිත කරන අයුරු මඳකට විමසා බලමු. “උපැස් යුවල කෙනෙකුගේ පෞරුෂත්වය වැඩි දියුණු කරනවා” විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වන සුබ‍්‍රමනියම් පවසයි. ‘මම මගේ මුහුණට නව පෙනුමක් ලබා දීමට මාස හයකට වතාවක් මගේ උපැස් යුවලෙ විලාසිතා වෙනස් කරනවා. විවිධ රාමු සහිත සහ විවිධ හැඩැති උපැස් යුවල මා පළඳිනවා.’තරුණ ශිෂ්‍යයකු වන සිද්ධාර්ථ පවසයි.’රත්තරන් පාට රාමුව සහිත උපැස් යුවලට තිබූ ඉල්ලුම දැන් නැහැ. එය යල් පැනගිය විලාසිතාවක් බවට පත්වෙලා.අද තරුණ පරපුර වඩාත් පි‍්‍රය කරන්නේ ලෝහවලින් නිමවූ කුඩා හා සැහැල්ලු උපැස් යුවලටයි. ම් නිසා තඹ සහ ටින් මිශ‍්‍ර විශේෂ ලෝහ, ලෝකඩ, තඹ, රිදී වලින් උපැස් යුවල සෑදීමට අප උනන්දු වෙනවා. එමෙන් ම මළ නොබැඳෙන වානේවලින් සහ ටයිටේනියම්වලින් සාදන උපැස් යුවල රාමු අලුත්ම විලසිතාවක් බවට පත්වී තිබෙනවා.’ උපැස් අලෙවිසලක අලෙවිකරුවෙක් පවසයි. තරුණ සිත් ඇදී යන්නේ රෝස, දුඹුරු දම් සහ නිල් පැහැති රාමු සහිත උපැස් යුවලටයි.අද වන විට වීදුරු කාචවලට වඩා ප්ලාස්ටික් කාචවලට වැඩි ඉල්ලුමක් තිබෙන අතර වීදුරු උපැස් යුවලට වඩා ආරක්ෂාකාරී නිසා භාවිතය පහසු වීම ද එයට හේතුවකි.ආලේප ගැල්වූ උපැස් යුවල ද අද ජනපි‍්‍රයයි. විශේෂයෙන් ම දවස පුරා පරිගණක ඉදිරියේ වැඩකරන අයට මේ උපැස් යුවල පැළඳීමෙන් ඇසට ආරක්ෂාවක් ලබාගත හැකියි. පරිගණක මෘදුකාංග ක්ෂේත‍්‍රය ආශි‍්‍රව සේවය කරන්නන්ගෙන් මේ වර්ගයේ උපැස් යුවල සඳහා විශාල ඉල්ලුමක් පවතී.උපැස් යුවලේ කාචවල හැඩය ද කලින් කලට වෙනස් වේ. හතරැස්, ඕවලාකාර, පටු ඍජුකෝණාස‍්‍ර සහ ෂඩ් කෝණාස‍්‍ර හැඩයක් මඟින් උපැස් යුවලට අලංකාර බවක් එක් වේ.රිදී තිරයේ තාරුකාවන් ද උපැස් යුවල පෞරුෂ වර්ධනයට ආභරණයක් කර ගැනීමට සමත් වී සිටිති. බොලිවුඩ් තිරයේ මෙන් ම හොලිවුඩ් තිරයේ තාරුකා ද විවිධ චරිත සඳහා උපැස් යුවල පැළඳීමෙන් මුහුණට නව පෙනුමක් සහ පෞරුෂත්වයක් ගොඩනගා ගත් අවස්ථා බොහෝ ය.නමුදු අවධාරණය විය යුතු කරුණ වන්නේ සෑම මුහුණකට ම උපැස් යුවල ආභරණයක් නො වන බවයි. එක් එක් මුහුණේ හැඩය, ස්වරූපය අනුව උපැස් යුවලේ ස්වභාවය ද වෙනස් විය යුතුය. මන්ද යත් මුහුණට උචිත උපැස් යුවල තෝරාගැනීමට තරුණ ඔබ බුද්ධිමත් නොවුවහොත් පෞරුෂ වර්ධනයට එය හානිකර විය හැකි හෙයිනි. එමෙන් ම උපැස් යුවලේ අලංකාරය මෙන් ම එය උසස් ප‍්‍රමිතියකින් යුතුව නිපදවූවක් ද යන්න ද සිතා බැලිය යුතුමය.
  

රොයිටර් ඇසුරින්

1 Comments:

At 26 January 2012 at 11:59 , Blogger Loku John said...

විහින් දෘෂ්‍යාබාදිතයෝ යැයි පැවසීම තවටිකක් දවස් යනකොට hearing-aid එකත් විලාසිතාවක් වෙයිද දන්නෙනෑ

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home