වැලන්ටයින් සංකේත
වැලන්ටයින් දිනය හා බැඳුණු ප‍්‍රමුඛතම සහ පැරණිතම සංකේතය වනුයේ හදවතයි.
එයට හේතුව වූයේ සියලු හැඟීම් දනවන්නට මූලික වනුයේ හදවත බැව් පුරාණ මිනිසුන්
විශ්වාස කිරීමයි. පසුකාලීනව ආදර හැඟුම් දැනවීම සඳහා හදවත ප‍්‍රබල ලෙස දායක
වන බැව් විශ්වාස කරන ලදී. (අපගේ මුළු ශරීරය පුරාම රුධිර ගමනාගමනය
පාලනයකරනුයේ හදවත බැව් අද අපි දන්නෙමු.) ආදරවන්තයන්ගේ ප‍්‍රධාන සංකේතය ලෙස
භාවිත වන හදවතෙහි හැඩය පළමුවරට නිර්මාණය වූයේ කෙසේද යන්නට හරි හැටි තොරතුරු
ලැබී නොමැති නමුත් ඇතැමුන් පවසන්නේ හදවතෙහි සැබෑ හැඩය නොදන්නා කාලයේදී එහි
හැඩය සිතුවමට නැඟීමට දැරූ උත්සාහයයේ ප‍්‍රතිඵලයක් ලෙස හදවත හැඩය නිර්මාණය
වූ බවයි.
රතු රෝස - ප්‍රේමයට අධිපති රෝම දෙවඟන වන වීනස් දෙව්දුවගේ පි‍්‍රයතම
පුෂ්පය වූයේ රතු රෝස මලය. මේ නිසා රතු රෝසමල පෙම්වතුන්ගේ දිනයට විශේෂයෙන්
භාවිතා කරනු ලැබේ.එමෙන්ම රතු රෝස මලේ රතු පැහැය ප‍්‍රබල සහ උණුසුම් හැඟීම්
ඇති කරවීමද එය පෙම්වතුන්ගේ දිනයේ සංකේතයක් ලෙස භාවිතයට ගැනුණි.
ලේස් - වසර සියයකට පමණ පෙරදී තරුණියන් ලේන්සු අලංකාර කරගැනීම සඳහා
ලේන්සුව වටා හුරුබුහුටි ලේස් තීරුවක් මසන ලදී. මේ අලංකාර ලේන්සුවත්
කාන්තාවක අතින් බිම වැටුණු විට එය අසුලා දීම තරුණයන්ගේ සිරිත විය. මේ නිසාම
තමන් පි‍්‍රය කරන තරුණයකු දුටු විට ලේන්සුව බිම දමා එම තරුණයාට තමන්ගේ
ප්‍රේමය ව්‍යාංගයෙන් ප‍්‍රකාශ කිරීමට ඇතැම් තරුණියෝ පුරුදු වී සිටියහ. මේ
නිසාම ලේස්ද ආදරයේ සංකේතයක් බවට පත්විය.Love Birds අපි‍්‍රකාවෙන් හමුවන
වෛවර්ණ පක්‍ෂි විශේෂයක් ද ආදරයේ සංකේතයක් ලෙස සලකනු ලැබේ. ඔවුන් ආදරවන්තයන්
මෙන් නිතරම ඉතා සමීපව සිටින නිසා ඔවුන් මේ නමින් හඳුන්වයි.

3 Comments:
ඔය කට්ටිය දැම්මම ලෑස්ති වෙන්නෙ .....
අනේ වැලන්ටයින්
අනේ වැලන්ටයින්
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home