22 Jan 2012

යතුරු පැදියක් ගෙන ලියාපදිංචි කරන්නේ මෙහෙමයි


අපේ රටේ බොහො දෙනකු භාවිතා කරන්නේ යතුරු පැදියැයි කීවොත් එය නිවැරැදියි. ඒ තරමටම යතුරු පැදි ජනපි‍්‍රය පවුලේ වාහනයක් බවට පත් වී තිබේ. එයට හේතුව අනෙක් වාහන වලට සාපේක්‍ෂව එහි මිල ගණන් අඩු වීමත් යතුරු පැදියක් නඩත්තු කිරීමේ පහසුවත් ඉන්ධන පිරිමැස්මත් ය.මෙවැනි කරුණු නිසා විශාල වශයෙන් යතුරු පැදි ජනතාව අතරට එක් වී තිබේ. වර්තමානය වන විට සාමාන්‍යයෙන් ජනතාව අතර භාවිතා වන යතුරු පැදි ප‍්‍රමාණය දස ලක්‍ෂය ඉක්මවා ඇති බව දත්ත සටහන් මගින් සනාථ කරයි. ඔබ යතුරු පැදියක් මිලදී ගැනීමට සූදානම් වෙනවා නම් එය ආවට ගියාට ගන්නේ නැතිව ලියකියවිලි හොඳින් පරීක්‍ෂා කර බලා මිලදී ගන්නට විමසිලිමත් වන්න. මෙහිදී කරුණු කිහිපයක් පිළිබඳව ඔබේ දැඩි අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන්නේ වංචනික පුද්ගලයින් විසින් ඔබව රැවටීමකට ලක් කිරීමේ ඉඩ කඩ ඇති බැවිනි. මේ ලියකියවිලි වල පරීක්‍ෂා කළ යුතු ප‍්‍රධානතම දේ නම් ඔබ යතුරු පැදිය මිලදී ගන්නා ආයතනය හො පුද්ගලයා විසින් ඔබට දෙන ලියකියවිලි වල වෙනසක් සිදු කර තිබේදැයි සැලකිලිමත් වීමයි. එහි කුමන හෝ වෙනසක් සිදු කර ඇති බව ඔබට හැඟී යන්නේ නම් එවැනි යතුරු පැදියක් මිලදී ගන්නට එපා. එසේ නැතිනම් ඔබට ලබා දෙන ලද ලියකියවිලි වල අපහැදිලි තත්ත්වයක් පෙන්නුම් කරයි නම් එහි මුල පිටපත සමඟ සංසන්දනය කරන්නටත් මතක තබා ගන්න. මන්ද මෙහි තොරතුරු වෙනස් කළ නොහැකි බවට ඔබට ලබා දීමට කිසිදු සහතිකයක් නොමැති හෙයිනි.
යතුරු පැදියක් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නාරාහේන්පිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පිළිබඳව පසුගිය ලිපියකින් සඳහන් කළා. මහජනතාවගේ පහසුව පිණිස යතුරු පැදි ලියාපදිංචි කිරීම සෑම දිස්ති‍්‍රක් කාර්යාලයකින්ම සිදු කරනු ලබයි. මේ ආකාරයෙන් පිට පළාත්වල යතුරු පැදි ලියාපදිංචි කිරීමේදී M. T. A. 02 පෝරමය සම්පූර්ණ කර රේගු තක්සේරු සහතිකය, රේගු පනත් හා යතුරු පැදි ලයිස්තු පිටපත, ජාතික හැඳුනුම් පතේ පිටපතක් සහ ඡායා රූප දෙකක් සමඟින් ලියකියවිලි අදාල කච්ෙච්රියට බාර දිය යුතුවේ. ඔබ වාහනය ලියාපදිංචි කිරීමේදී යම් උගසක් හෝ කල් බදු ක‍්‍රමයක් පවතිනවා නම් ඊට අදාල ලියකියවිලි කච්ෙච්රියට බාර දෙන්න. උගසක් නම් උගස් ඔප්පුවත් කල්බදු ක‍්‍රමයක් නම් M. T. A. 03 පෝරමය සම්පූර්ණ කර ඔවුන් වෙත ලබා දිය යුතුයි. ඔබ යතුරු පැදියක් ලියාපදිංචි කරනවා නම් ඒ සඳහා රජය විසින් අය කරන නියමිත ගාස්තුවක් ද තිබෙනවා. ඒ සඳහා වැය වන මුදල රුපියල් එක්දහස් හාරසීයකි. මෙය ලියා පදිංචි කිරීම සඳහා රුපියල් පන්සියක් ද අංක තහඩුව වෙනුවෙන් රුපියල් නවසියයක් වශයෙන් අය කරනු ලබයි. තවද යතුරු පැදියේ තත්ත්වය පරීක්‍ෂා කරන්නට රුපියල් හැත්තෑ පහක මුදලක් ඔබගෙන් අමතරව අයකරනු ඇත. මෙසේ අවශය සියලු ලියකියවිලි සම්පූර්ණ කර කච්ච්රියට භාර දුන් පසු වාහනයේ ලියාපදිංචි සහතිකය හා හඳුනා ගැනීමේ සහතිකය ඔබට නිකුත් කරනු ලැබේ.
සෑම දිස්ති‍්‍රක්කයකම මේ කාර්යය කි‍්‍රයාත්මක වන අතර කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ හැර අනෙකුත් සෑම දිස්ති‍්‍රක්කයකින්ම නිකුත් කරනු ලබන යතුරු පැදියේ ලියාපදිංචි සහතිකය එහි පුද්ගලයින් විසින් අතින් ලියන ලද ඒවා වේ. කුරුණෑගල පමණක් යතුරු පැදි ලියාපදිංචි කිරීම පරිගණක ආධාරයෙන් සිදු කරනු ලබයි. නමුත් මේ ආකාරයෙන් දිස්ති‍්‍රක්ක කච්ෙච්රි මගින් යතුරු පැදි ලියාපදිංචි කළ හැකි වන්නේ වෙළෙඳ ආයතනයකින් හෝ තමන් පෞද්ගලිකව ආනයනය කරන ලද යතුරු පැදි සඳහා පමණක් බව අමතක කරන්නට එපා. ඒ අනුව රේගුවෙන්, හමුදාවෙන්, උසාවියෙන් හෝ වෙනත් රජයේ වෙළෙඳ ආයතනයකින් කරන ලද වෙන්දේසියකින් මිලදී ගෙන ඇති යතුරු පැදි සියල්ල ලියාපදිංචි කිරීම. නාරාහේන්පිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් පමණක් සිදු කරනු ඇත. ඔබ යතුරු පැදිය මිලදී ගන්නා ආකාරය අනුව මෙම ස්ථානවලින් එය ලියා පදිංචි කිරීමේ හැකියාව පවතී.

2 Comments:

At 22 January 2012 at 07:44 , Blogger www.ceylonlanka.info said...

wadagath lipiyak...

font size eke tikak loku kalaanam ela....

 
At 22 January 2012 at 09:59 , Blogger වර්ණා said...

හ්ම්ම්

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home