ලෝකයේ ඇති දූපත්
මැඩගස්කර දූපතමැඩගස්කර දූපත පිහිටා තිබෙන්නේ අප‍්‍රිකාවේ නැගෙනහිර
වෙරළෙහි සමකයට සැතපුම් 1000ක් දුරින් දකුණු දිශාවට වන්නටය. අප‍්‍රිකාවේ
මොසැම්බික් ඕඩයට වන්නට සැතපුම් 250ක් දුරින් පිහිටා තිබෙන මෙම දූපතේ
විශාලත්වය මහා බි‍්‍රතාන්‍ය මෙන් දෙගුණයකි. එහි වෙරළබඩ ප‍්‍රදේශය තැනිතලා
සහිතව බටහිර හා උතුරු පෙදෙස දක්වා පුළුල්ය.මැඩගස්කර දූපතෙහි උතුරු හා
නැගෙනහිර ප‍්‍රදේශවල දක්නට ලැබෙන්නේ සමක වනාන්තරය. මෙහි ඉතා අනර්ඝ ඕකිඩ්
වර්ග හා ඉතා වටිනා දැව සහිත වෘක්ෂලතාද ඇත.මෙහි වෙසෙන දූපත්වාසීන් ආසියාවේ
සිට හෝ ආසියාවට දකුණින් හෝ නැගෙනහිර දෙසින් පිහිටා තිබෙන දූපත් වල සිට
පැමිණි ජනතාව සේ විශ්වාස කෙරේ. මෙහි ජනගහනය ලන්ඩනයේ වෙසෙන ජනගහනයෙන් අඩක්
පමණ වෙතැයි ද විශ්වාස කෙරේ. නමුත් එයින් වැඩිදෙනෙක් ජීවත් වන්නේ තෙතමනය
සහිත ප‍්‍රදේශයක් වන බටහිර වෙරළ දෙසට වන්නටය. සුළු ප‍්‍රමාණයක් මැඩගස්කරයේ
අගනුවරවන “ටැනනරිව්” අසලින් පිහිටි මධ්‍යම උස්බිම් ප‍්‍රදේශයේ ජීවත් වේ.
මෙහි උස්බිම් අසල පිහිටි මිටියාවත්වල හෙල්මළු ක‍්‍රමයට වී ගොවිතැන් කෙරේ.
ග‍්‍රින්ලන්ත දූපතලෝකයේ පිහිටි දූපත් වලින් විශාලම දූපත වන්නේ
ග‍්‍රින්ලන්ත දූපතයි. එහි භූමි ප‍්‍රමාණය වර්ග කිලෝමීටර් 21,75,000 ක් පමණ
වන අතර මහා බි‍්‍රතාන්‍ය මෙන් දස ගුණයක් විශාලය.මෙය පිහිටා තිබෙන්නේ
ඇමෙරිකාවට හා කැනඩාවට උතුරු දෙසින් “බැනන්” නම් බොක්කට ඉහළින් තිබෙන
ප‍්‍රදේශයකය. ග‍්‍රින්ලන්තය 1953 දක්වාම ඩෙන්මාර්ක් රජය යටතේ පැවතිනි.
ග‍්‍රින්ලන්තය යන නම මෙයට ලැබුනෙත් ගස් වැල් වලින් ගහනව කොළ පැහැති
ප‍්‍රදේශයක් ලෙස දක්නට ලැබූ නිසාය. ඒ මීට අවුරුදු දහස් ගණනකට පෙරය.පසුව
පොළොව කෙමෙන් සීතල වීමත් සමඟ ගස්වැල් වද වීමට පටන් ගෙන ඇත. මෙහි විශාල
ප‍්‍රදේශයක් හිමෙන් වැසී ඇත. සීත දූපතක් වූ ග‍්‍රින්ලන්තයේ වෙරළ බඩ
ප‍්‍රදේශ හැර අනෙක් ප‍්‍රදේශ හිම වලින් සෑම අතකම අයිස් කුට්ටි වලින් වැසී
තිබේ. සාමාන්‍යයෙන් මෙම අයිස් කුට්ටියක ඝණකම අඩි 1000 කට වඩා වැඩි වේ. මෙසේ
අයිස් වලින් වැසි ඇති ප‍්‍රදේශ වර්ග කිලෝමීටර් 18,34000ක් පමණ වේ. අනෙක්
දූපත් වලට වඩා ග‍්‍රින්ලන්ත දූපතෙහි බොහෝ වෙනස්කම් ඇත. ශීත දූපතක් ලෙස
හඳුන්වන ග‍්‍රින්ලන්ත දූපතෙහි වෙරළබඩ ප‍්‍රදේශ හැර අනෙක් ප‍්‍රදේශ අයිස්
වලින් හා හිමවලින් වැසී තිබේ. හිමකඳු යන නමින් හඳුන්වනු ලබන විශාල අයිස්
කඳු ග‍්‍රින්ලන්තය අසල මුහුදෙහි දක්නට ලැබේ. මේවා බොහෝ අනතුරුදායක බැවින් ඒ
අසලින් නැව් ගමන් ගන්නේ පරිස්සෙමිනි.”හොඩ්කාමිනි” ග‍්‍රින්ලන්තයේ
අගනුවරයි.. එහි වාසය කරන ජනසංඛ්‍යාව 10,000 ක් පමණ වන අතර මෙහි මුළු ජනගහනය
60,000 ක් පමණ වේ. මෙයින් වැඩි කොටසක් එස්කිමෝවරුන්ය. ඒ හැරෙන්නට යුරෝපීය
රටවලින් පැමිණි ජනතාවද සිටිනවා. ඒ නිසා මෙහි භාවිතා වන්නේ ග‍්‍රින්ලන්ත හා
එස්කිමෝ භාෂාවන්ය.
ග‍්‍රින්ලන්ත දූපත්වාසී - එස්කිමෝවරුන්ගේ දිවි පැවැත්ම අවුරුද්දේ මාස 06
– 09 පමණ කාලයක් හිමෙන් හා තුෂාරයෙන් වැසී යන නිසා ග‍්‍රින්ලන්ත දූපතේ
එස්කිමෝවරුන්ගේ ජීවිකාව බොහෝ දුක් වේදනා මැද ගෙවීයයි. ගස් හෝ ගඩොල් දක්නට
නොමැති නිසා ග‍්‍රින්ලන්තයේ වෙසෙන එස්කිමෝවරුන්ට ශරීරයට ඔරොත්තු නොදෙන සීතල
දේශගුණයකට මුහුණ පෑමට සිදුවේ. එම නිසා සීතලෙන් ආරක්ෂා වීම සඳහා මොවුන්
ලොම් ඇඳුම් ඇදීම සිදු කරනවා. මේවා නිමවී ඇත්තේ පිනිමුවන්ගේ ලොම්
වලිනි.ග‍්‍රින්ලන්ත දූපත් වාසීන්ගේ කැපීපෙනෙන ලක්ෂණය වන්නේ මෙම ලොම් ඇඳුම්
පැළඳුම් හා නිවාසයන්ය. ඔවුන්ගේ නිවාස හඳුන්වන්නේ “ඉග්ලු” යන නමිනි. මෙහි
විශේෂත්වය නම් මේවා නිම වී ඇත්තේ හිම වලින් වීමයි. ඇතුළට පිවිසීමට උමඟක්
ඇත. මෙහි ජනෙල් කවුළු නොතැබූ නිසා ඇතුළ උණුසුමින් යුක්තය.එස්කිමෝවරු වැඩි
වශයෙන් දඩයම් කිරීමෙන් ජීවත් වේ. දඩයම් කිරීමට ගමන් ගන්නේ “ස්ලේජ්” නම්
ගැල්වලිනි. මෙය ඇදගෙන යනු ලබන්නේ එහි වෙසෙන බල්ලන් විසිනි.ඌෂ්ණ ඍතුවේදී
මසුන් අල්ලනු ලබන්නේ “ක්යක්” යන ඔරුවලින් ගොසිනි. ශිශිර ඍතුව සහිත කාලවලදී
මුහුදෙහි පවා හිම මිදෙන නිසා එම කාලවලට ඔරු වලින් වුවත් ගමන් කිරීමට නොහැකි
වේ. එම නිසා සතුන්ගේ ලොම් වලින් නිමවුණු ඇඳුමින් සැරසී හිම මිදුණු මුහුද
වෙත පයින් ගොස් වළවල් සාදා මසුන් ඇල්ලීම සිදු කෙරේ. පිනිමුවන්, හිමවළසුන්,
සාවුන් , මසුන්, කස්තුරිගවයන්, සීල්මසුන් , තල්මසුන් , ඔවුන්ගේ ආහාරයයි.

2 Comments:
මරු ඈ... එල පෝස්ට් එකක්.
බබොහොම ස්තූති
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home