17 Dec 2011

හදිසි අනතුරු වන්දි හා බැඳුනු වන්දි විශ‍්‍රාම වැටුප් ක්‍රමය


රාජ්‍ය සේවයේ නියැළෙන ඔබගේ ජීවිතයට යම් සහනයක් සලසා දීම සඳහා විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් වන්දි ක‍්‍රම කිහිපයක්ම ලබා දී තිබේ. මෙවැනි වන්දි ක‍්‍රම හඳුන්වා දීමෙන් රාජ්‍ය සේවයේ නියැළෙන නිලධාරීන් තම සේවාව කෙරෙහි දක්වන සැලකිල්ල ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ඒම රජයේ අරමුණ විය.ඒ අනුව වන්දි හා වන්දි විශ‍්‍රාම වැටුප් මාතෘකාව යටතේ පසුගිය සතියේ දී ‘විශේෂ වන්දි’ පිළිබඳ සාකච්ඡා කළා ඔබට මතක ඇති. කිසියම් රාජ්‍ය නිලධාරියකු හෝ නිලධාරිනියක රාජකාරි වේලාවේදී නැතිනම් රාජකාරියට යන එන අතරමඟ දී සිදුවන අනතුරු වෙනුවෙන් එකවර ගෙවනු ලබන වන්දිය, විශේෂ වන්දියක් වශයෙන් පසුගිය සතියේ හඳුන්වා දෙනු ලැබුවා. අද අප සාකච්ඡා කරන්නේ ඉහත විශේෂ වන්දි හා බැඳුණු වන්දි විශ‍්‍රාම වැටුප් පිළිබඳවයි. මෙය විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ඉටුවන තවත් සුවිශේෂී සේවාවකි.යම් රාජ්‍ය නිලධාරියක රාජ්‍ය සේවයේ යෙදී සිටිය දී තමාගේ වරදක් නැතිව තුවාල ලබා ඇත්නම් හෝ එම තුවාල වලින් ඔහු මිය ගෛාස් ඇත්නම් ඔහුට ලැබෙන සහන හා වන්දි, පාරිතෝෂිකයට අමතරව මෙම වන්දි විශ‍්‍රාම වැටුපට ද හිමිකම් කියනු ලබයි.
ඒ අනුව මෙම විශේෂ වන්දිය ලබාදෙන වයස් මට්ටම මෙසේයි. යම් තුවාලයක් ලැබූ නිලධාරියකුගේ වයස අඅවුරුදු 55 ට අඩු විට, ඔහුට වයස අවුරුදු 55 පිරෙන දිනයේ දී හෝ වයස අවුරුදු 55 ට වැඩි නම් ඔහුට වයස අවුරුදු 60 පිරෙන දිනයේ දී තමන්ට ලබා ගත හැකිව තිබූ වැටුපෙන් 10/60 කට සමාන විශ‍්‍රාම වැටුපක් ලබා දෙයි. යම් රාජයේ සේවකයකු ඉහත තුවාල හේතු කොට ගෙන මියගියේ නම් ඔහුගේ වැන්දඹු භාර්යාවට වන්දි විශශ‍්‍රාම වැටුප හිමි වේ.මෙහි දී මිය ගිය රජයේ සේවකයාගේ වයස අවුරුදු 55 හෝ 60 ලෙස සලකා පෙර පරිදිම ගෙවීම් කටයුතු කෙරේ. මෙය ලබා ගැනීමේ දී වැන්දඹු භාර්යාවගේ යහපත් කල් කි‍්‍රයාව වැදගත් වෙයි. මේ වන්දි විශ‍්‍රාම වැටුප ගෙවනු ලබන්නේ වැන්දඹු භාර්යාව යළළි දෙවැනි විවාහයකට ඇතුළත්ව නොවී සිටන තාක් කල් පමණි. යම් හෙයකින් මිය ගිය රජයේ සේවිකාවක් නම් ඔහුගේ වැන්දඹු පුරුෂයාට ද මෙම කොන්දේසි බලපායි.මේ වන්දි විශ‍්‍රාම වැටුප වැන්දඹුවට අමතරව දරුවන්ට ද හිමි වන බව ඔබ නොදන්නවා වෙන්නට පුළුවනි. නමුත් මේ ගැන දැනුවත්ව සිටීමෙන් ඔබේ දරුවන්ගේ ජීවිතයට යම් සහනයක් සලසා දිමට ඔබට හැකි වෙයි. ඒ අනුව දරුවන්ගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් නියමිත විශ‍්‍රාම වැටුපෙන් 1/8 බැගින් දරුවන් හට ගෙවනු ලබයි.යම් හෙයකින් මිය ගිය රජයේ සේවකයාගේ වැන්දඹුව ද මිය ගොස් ඇතනම් ඉහතකී තත්ත්වය මඳක් වෙනස් වී පෙර සඳහන් කළ විශ‍්‍රාම වැටුප දෙගුණ කොට දරුවන්හට ගෙවනු ලැබේ. එමෙන්ම වන්දි විශ‍්‍රාම වැටුප ලබා ගනිමින් සිටින අතරතුරේ වැන්දඹු භාර්යාව මිය ගියහොත් එසේ මිය ගිය දින සිට දරුවනට හිමි විශ‍්‍රාම වැටුප දෙගුණ කොට ගෙවන බැවින් මේ පිළිබඳ මෙතෙක් කල් නොදැන සිටියා නම් මෙය ඔබට ඉතා වැදගත් තොරතුරක් වේවි.
එමෙන්ම මෙම වන්දි විශ‍්‍රාම වැටුප දරුවන්ට හිමි වන්නේ දරුවන් 06 ක උපරිමය දක්වා පමණි. ගැහැනු දරුවනට නම් මෙම විශ‍්‍රාම වැටුප ඔවුන් විවාහ වීම මත අහිමි වේ. යම් කිසි හේතුවක් මත ගැහැනු දරුවකු වයස අවුරුදු 18 ට අඩුවෙන් විවාහ වන්නේ නම් ඇයට එදින සිට විශ‍්‍රාම වැටුප අහිමි වී යනු ඇත.මෙහිදී තුවාල ලබා මිය යන රජයේ නිලධාරියා අවිවාහක තැනැත්තකු නම් ඔහුගේ වන්දි විශ‍්‍රාම වැටුප හිමි වන අයුරු ද මෙයින් පැහැදිලි කර දී තිබේ. මෙම රජයේ නිලධාරියාගෙන් මව යැපෙන අවස්ථාවකදී මවට නඩත්තුව සඳහා සෑහෙන ආදායමක් නොමැති නම් මේ වන්දි විශ‍්‍රාම වැටුප ගෙවනු ලබයි. නමුත් මවට ජිවත්වීමට ප‍්‍රමාණවත් ආදායම් මාර්ග පවතින බව හෙළිවුණහොත් වන්දි විශ‍්‍රාම වැටුප නවතනු ඇත. මෙය විශ‍්‍රාම වැටුප් දෙපාරත්මේන්තුව අයත්වන අමාත්‍යාංශයයේ ලේකම් විසින් තීරණය කරන දිනයකදී එම විශ‍්‍රාම වැටුප නවතා දැමිය හැකියි. මේ වන්දි විශ‍්‍රාම වැටුප ලබන මව වෙනත් විවාහයකට ඇතුළත් වුවහොත් එම දිනයේ සිට ඇයට හිමි වන වන්දි විශ‍්‍රාම වැටුප ද නවතා දමනු ලැබේ.මෙහි දී අප වන්දි විශ‍්‍රාම වැටුප ලැබෙන බව සඳහන් කළේ මවට පමණි. නමුත් මෙය කියවන ඔබට ඇයි මේ තත්ත්වය පියාට හිමි නොවේ ද යන්න ප‍්‍රශ්නයක් මතු වේවි. ඇත්තෙන්ම අවිවාහක රජයේ නිලධාරියකුගේ පියාට මෙම වන්දි විශ‍්‍රාම වැටුප හිමි නොවීම සුවිශේෂී තත්ත්වයකි. පියා තමාගෙන් යැපු නමුත් ඔහුට එම විශ‍්‍රාම වැටුප හිමි නොවේ.මේ තත්ත්වය අවබෝධකරගෙන ඉදිරියේ දී සිදු කරන විශ‍්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග‍්‍රහ සංශෝධනවලදී අවිවාහක නිලධාරියකුගෙන් යැපෙන පියාට ද වන්දි විශ‍්‍රාම වැටුපෙන් කොටසක් ගෙවීමට අපේක්ෂා කරන බව විශ‍්‍රාම වැටුප් අධ්‍යක්ෂකගේ නවතම සංකල්පයකි.

3 Comments:

At 17 December 2011 at 19:23 , Blogger නරකයා....!! said...

මචං මේ සයිට් එක ගැන චොදනා දෙකක් තියෙනවා...
එකක් මේකේ එලයින්මන්ට් ගිහිල්ලා... මැදට කරන්නෙ නැද්ද...
අනික කොමෙන්ට් වලට වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නැද්ද...

 
At 17 December 2011 at 20:56 , Blogger Mama said...

ඉතා වැදගත් ලිපියක්. මට කියන්න පුලුවන්ද මේ තොරතුරු අඩංගු වෙලා තියෙන source එක මොකක්ද් කියලා (පනත හෝ web site එක හෝ circular එක )

 
At 18 December 2011 at 14:44 , Blogger Kasunk said...

Mahesh Wickramasinghe oki macho...hadannam eka...thankx mathak karata....

dona oki mama meke mulasra tika hoyala dennam

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home