ස්පීල්බර්ග්ගේ ටිං ටිං දැන් අපේ රටේ
2011
දෙසැම්බර් මස 16 12:13:16 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
හර්ජීගේ තෙලිතුඩින් නිර්මාණය වූ ටින්ටින්, හිතවත් බලූ සුරතලා ස්නෝවි, කැප්ටන් හැඩොක්, තොම්සන් නිවුන්නු ආදී චරිත රිදී තිරයට ගෙන එන්නේ සැබෑ රංගන ශිල්පීන්ගේ සිරුරුවලට සම්බන්ධ කළ සංවේදක මගින් එම චලනයන් පරිගණකයට ලබා ගැනීමේ ක‍්‍රමයකිනි. එම ක‍්‍රමය හැඳින්වෙන්නේ සී.ජී.අයි. හෙවත් ‘පරිගණකයෙන් නිර්මාණය කෙරෙන රූප’ යනුවෙනි. එහෙයින් ටින්ටින් චිත‍්‍රපටය, සාමාන්‍ය සජීවීකරණ චිත‍්‍රපටයක් මෙන් නොව සැබෑ නළුවන් රඟපාන චිත‍්‍රපටයක් ලෙස එය නරඹන්නන්ට සිතෙනු ඇතැයි ස්පීල්බර්ග් පවසයි.
පීටර් ජැක්සන් මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස සම්බන්ධ වන්නේ ස්ටීවන් ස්පීල්බර්ග් ටින්ටින්ට පණ දීමට අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙනි. ‘සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’, ‘රෙඞ් රැකම්ස් ටේරෂර්’ සහ ‘ක‍්‍රෑබ් විත් ද ගෝල්ඩන් ක්ලෝව්ස්’ නමැති ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනේම එකතුවකින් මෙම අලූත් චිත‍්‍රපටය නිර්මාණය වී ඇත.

4 Comments:
බලන්න හුගක් අසාවෙන් ඉන්න ෆිල්ම් 1ක්. අනිවාර්යයෙන්ම ලිබර්ටි එකේදී බලනවා.
ටොරන්ට් නැද්ද අප්පා තාම..... අපිට ඔය තියටර් ගානේ ගිහිං පුරුදු නෑනෙ...
අනේද කියන්නෙ ගෙදර ඉඳන් බලන ෆිල්ම් එකේ ආතල් එක කොහෙද ඔය සෙනග අස්සෙ
තියේනව බන්....http://www.cinelanka.net/2011/12/adventure-of-tintin-2011.html මේ ලින්ක් එකේ තියේනවා
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home