ටින් ටින් සහ ස්පිල්බර්ග්
ලෝක සිනමාවේ විශ්වකර්මයා ලෙස සැලකුම් ලබන ස්ටීවන් ස්පිල්බර්ග් ගේ හොඳම නිර්මාණය ලෙස මා අගයන්නේ හිට්ලර්ගේ යුදෙව් සංහාරය පසුබිම් කරගත් ‘ෂින්ඩ්ලර්ස් ලිස්ට්’ය. ‘ජුරාසික් පාරක්’ ද, ස්පිල්බර්ග් අතිදක්ෂ මැජික්කාරයකු බව සනාථ කළේය. ඔහුගේ දුර්වලම නිර්මාණය ‘ඉන්ඩියානා ජෝන්ස්’ ය.
දිගු ඉතිහාසයක් නැතිකමේ හීනමානයෙන් පෙළෙන ඇමරිකානු ගොපලු චින්තනය ඒ චිත්‍රපට තුළින් පැහැදිලිව මතුවුණි. ලෝකයේ ඉහළම සැප සම්පත් විඳි කලා රසිකත්වයෙන් ද පොහොසත් ඉන්දියානු මහාරාජා කෙනෙකුගේ භෝජන සංග්‍රහයේදී පිඹුරන් සහ වෙනත් සතුන් අනුභවයට ගන්නා අයුරු දැක්වීමෙන් ස්පිල්බර්ග් පෙන්නුම් කළේ නොදැනුවත්කමට වඩා ඇමෙරිකන් උද්දච්චභාවයයි.
ජනමාධ්‍ය තුළ, වරින් වර ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන ස්පිල්බර්ග් මෑතකදී යළිත් කතා බහට ලක්වන්නේ ඔහුගේ නවතම නිර්මාණය ‘ටින් ටින්ගේ වික්‍රම” තුළිනි.
ස්පිල්බර්ග්ගේ ‘ඉන්ඩියානා ජෝන්ස්’ චිත්‍රපට මාලාව ද, ‘ටින් ටින්’ කාටුන් කතාවන්ට සමාන බව ප්‍රංශ විචාරකයෝ කියා සිටියහ. එහෙත් ස්පිල්බර්ග් ගේ පිළිතුර වූයේ එම චිත්‍රපට නිපදවන කාලයේ ඔහු ‘ටින් ටින්’ ගැන නොදැන සිටි බවකි. මෙය සැක උපදවන පිළිතුරක් සේ කෙනෙකුට පෙනී යා හැකිය.
කෙසේ වෙතත් 1983 දී ඔහු ලන්ඩනයේ සිට ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටය නිපදවමින් සිටි කාලයේ ‘ටින් ටින්’ නිර්මාතෘ හර්ජ්ට (ඔහුගේ සැබෑ නම, ජෝර්ජ්ස් රෙටී) දුරකථන ඇමතුමක් දුන්නේය. හර්ජ්, ස්පිල්බර්ග්ගේ ’ඹ්ධඵබ ඒපඥ’ චිත්‍රපටය නරඹා තිබූ අතර ඔහු එය අගය කළේය.
”කවදා හරි මගේ ‘ටින් ටින්’ කතා සිනමාවට නඟනවා නම්, ඒකට සුදුස්සා ඔබයි.”
හර්ජ්ගේ, ඒ කතාව ස්පිල්බර්ග්ට මහත් ආස්වාදයක් ලබාදුන්නේය. බෙල්ජියමේ, බ්‍රසල්ස් නගරයේ පදිංචිව සිටි හර්ජ් හමුවීමට ගිය ස්පිල්බර්ග් ඔහුගේ කතා චිත්‍රපටයට නැඟීම ගැන කතිකාවක යෙදුණේය. ඊට පෙර ටින් ටින් කතා සිනමාවට නැඟී තිබුණ ද ඒ කාටූන් රූ වශයෙනි.
අභාග්‍යයකට මෙන් ඉහත හමුවෙන් සති කීපයකට පසු හර්ජ් මියගියේය. කථා අයිතිය ලබා තිබුණෙන් ස්පිල්බර්ග් හර්ජ්ගේ බිරිය සමඟ සාකච්ඡා කළේය. තිරනාටකය පිළිබඳ ගැටලු කීපයක් මතුවූයෙන් ද ස්පිල්බර්ග්ට තවත් චිත්‍රපට කීපයක වැඩ යෙදුණෙන් ද ටින් ටින් ටික ටික පස්සට ගියේය.
යළි දශක තුනකට පසු ස්පිල්බර්ග් ‘ටින් ටින්’ පොත් පෙරළා බලන්නට විය.
’ටින් ටින්’ යනු පැන්-යුරෝපියන් නොහොත් සමස්ත යුරෝපියානු වීරයෙකි. එහෙත් ඔහු බිහිවන්නේ බෙල්ජියන් ළමයෙකු ලෙසිනි. ටින් ටින් ලෝකයේ සිටින කුඩාම පත්තර වාර්තාකාරයාය. ඔහු පාසල් නොයයි. ඔහුට දෙමව්පියන් නැත. වයසක් නැත. පවුලක් නැත. පෙම් හබ නැත. නිතරම ගැවසෙන්නේ වැඩිහිටියන් අතෙර්ය. කිට්ටුම හිතවතා ‘ස්නෝවි’ නමැති සුරතල් බලු පැටවෙකි. ලොකු මිනිසුන්ටත් විසඳන්නට බැරි ප්‍රශ්න ටින් ටින් වික්‍රමාන්විත ලෙස ඉදිරිපත් වෙමින් නිරාකරණය කර දෙයි. ලොව පුරා සිටින ටින් ටින් රසිකයෝ ඔහුගේ විස්මිත චරිතය ප්‍රශ්න කිරීමකින් තොරවම බාර ගැනීම හර්ජ්ගේ හපන්කමකි.
සිංහල ඇතුළු භාෂා 60කට පරිවර්තනය කෙරුණු ‘ටින් ටින්’ ගුවන්විදුලි නාට්‍යයට, රූපවාහිනියට හා වේදිකාවට ද නැතුවම බැරි විය. ‘ටින් ටින්’ වෙනුවෙන් මුද්දර ද, යූරෝ 10 කාසියක් ද නිකුත් කෙරුණි.
පැරිසියේ පොම්පිඩෝවේ, නව කලාගාරයට ඇතුළු කරගත් ප්‍රථම කාටුන් චරිතය ද ටින් ටින්ය. බ්‍රසල්ස් නුවර මැද ටින් ටින් හා ඔහුගේ සුරතලා ස්නෝවිගේ ප්‍රතිමාවක් ද ඉදිකර ඇත. තම ළමා වීරයා ලෝක සිනමාවට එක්කිරීම සම්බන්ධයෙන් මහත් සතුටට පත් බෙල්ජියම, ස්පිල්බර්ග් වෙතර්‍ණඤඥපඥ ධට ඛ්පධඹද නමැති ජාතික සම්මානය පිරිනැමුවේය.
විචාරක - ප්‍රේක්ෂක දෙපිරිසම, ‘ටින් ටින්’ චිත්‍රපටය එන මඟ දෙස බලා සිටියදී ස්පිල්බර්ග්, ටින් ටින් ලෙස රඟපාන ජැමී බෙල් ද(බ්චථඪඥ ඕඥතත) සමඟින්, විශේෂයෙන් තැනූ ප්‍රචාරක දුම්රියක නැඟී පැරිසියේ සිට බ්‍රසල්ස් බලා ගියේ එහි පැවැත්වෙන මංගල දර්ශනයට සහභාගි වීමටය
’ටින් ටින්’ චිත්‍රපටය, ටින් ටින් රසිකයන්ගේ සිත් ගැනීමට අපොහොසත් වුවහොත්, එය ස්පිල්බර්ග් ගේ කීර්ති නාමයට කැළලක් වනු ඇත.
එහෙයින්, ස්පීල්බර්ග් ගේ හොඳට – නරකට දෙකටම ‘ටින් ටින්’ බලපානු ඇතැයි විචාරකයෝ ද කියා සිටිති.

6 Comments:
මම හිතන්නෑ මේක සාර්ථක වෙයි. මොකද ටින් ටින් කියන්නේ එපා වෙන්නැති වගේ දෙයක්... මට හිතෙන්නෙ. ස්පිල්බර්ග් කොඩිය ගැහුවනම් අවුරුද්දෙන් අවුරද්ද අස්වැන්න ගන්න පුලුවන්?
eka aththa...anika kattiya oka enakal maga balgena ne inneth....
ටින් ටින් මමත් ගොඩාක් ආසාවෙන් බලපු කාටුන් එකක්, හැබැයි චිත්‍රපටය නම් බලලා නැහැ.
Tin Tin චිත්‍රපටිය බැලුව, Avatar ඒක වගේම විශිෂ්ට ත්‍රිමාණ සජීවිකරණ යොදාගෙන හින්ද මටනම් මේක 3D Movie එකක් නේද කියල මතක උනේවත් නැ බලද්දී, මම Avatar එකෙන් පස්සේ බලපු හොඳම 3D film එකක්, I'm sure, Everyone will love the gilm :)
අනේ මන්දා සල්ලි දීලා බලන්න හිතෙන්නෙම නෑනෙ..
matath salli dila film balanna nam hithennema na ban..
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home