14 Dec 2011

කොල්ලෙක් කෙල්ලට නොකල යුතු දේවල් 20 ක්


1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා
2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.
3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.
monogamia4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.
5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි.
6. ආදරෙයි කියනකොට අවංකවම කියන්න. ඔයා ආදරෙයි කියන්නේ ඇත්තටමද කියන එක එයාට හොඳට තේරෙනවා.
7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, ඒ නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා.
8. වැරැද්දක් වුනොත් ඒක පිළිගන්න ලැජ්ජවෙන්නවත් ඒ වැරැද්ද ප්‍රතික්ශේප කරන්නවත් එපා.
9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, ඒ දේ කරන්න කියල බලකරන්න එපා.
10. වෙන කෙල්ලෝ ගැන එයා එක්ක කියවන්න යන්න එපා. අනික් කෙල්ලෝ ගැන කිසිම වර්ණනාවක් තමන්ගේ කෙල්ල එක්ක කියන්න යන්න එපා.
11. පරණ පෙම්වතියෝ ගැන කියවන්න යන්න එපා. ඔයා එයාලගේ හොඳ කිව්වොත් කෙල්ල හිතන්නේ ඔය එයාලට තාම කැමතියි කියල, එයාලගේ නරක කිව්වොත් කෙල්ල හිතන්නේ එයාටත් කවදහරි අහන්න වෙන්නේ ඔය ටිකම තමයි කියලා.
12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, ඒ  නිසා එයත් එක්ක රහස් තියගන්න එපා.
13. එයාගේ යාළුවෝ ඉස්සරහදි නරක විදියට හැසිරෙන්න එපා. කෙල්ලෙක් කවදාවත් තමුන්ගේ කොල්ල නරක කෙනෙක් කියල යාළුවන්ට හිතෙනවට කැමති නෑ
14. ඔයාගේ අතින් වුන වැරද්දක් එයාගේ පිටට දාල ගැලවෙන්න හදන්න එපා. ඒක ප්‍රශ්න දෙගුණ කරාවි.
15. එයාට කේන්ති ගිහිල්ල ඉන්නව නම් ඇයි කියල හොයල බලන්න. ඔයාගෙන් වැරැද්දක් වෙල නම් වැරැද්ද පිලිගන්න.
16. එයාව අතහැරල දානව කියල විහිළු කරන්න එපා. ඒක විහිළුවක් කියල එයාට කියන්නත් කලින් එයා ඔයාව අතහැරල දමාවි
17. එයා සාධාරණ හේතුවකට තරහ ගත්තම එයාට දොස් කියන්න එපා.
18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි
19. නිදහසට බොරු හේතු කියන්න එපා. වැරැද්දක් වුනා නම් කෙලින්ම වැරැද්ද පිළිගන්න, බොරු නිදහසට හේතු කියන්න යන්න එපා
20. ඔයාට කේන්ති ගියා කියල එයාට කැත විදියට බනින්න එපා.

11 Comments:

At 14 December 2011 at 08:54 , Blogger ඔබ නොදු‍ටු ලොවක්..... said...

හප්පා දැං මොනව කරන්නද ඔය 20ම වෙලා ඉවරයි...

 
At 14 December 2011 at 09:14 , Blogger Priyanka said...

අඩේ උඹ කියන්නෙ අපේ පැත්තෙන්නෙ..අවාසියි..
උන්ගේ පැත්තෙනුත් ඒවා දාහන්කො අපිට බලන්න..

මොකද කෙල්ලොත් ඔය කියන තරම් උපාසිකාවෝ නෙමේනේ..
එහෙනම් කොල්ලා ඕවා රැකලා පලක් තියේවියැ..

 
At 14 December 2011 at 09:18 , Blogger Kasunk said...

kochchara rakkath oun yanawa ban...rakala wadak na...un hadawathinma apita lv nam un ape laga innawa monawa karath....

 
At 14 December 2011 at 09:59 , Blogger නරකයා....!! said...

ලේසි නැනෙ වැඩේ බලාගෙන යද්දි..

 
At 14 December 2011 at 11:38 , Blogger malmi said...

මෙයාට නම් යමක් කමක් තේරෙන පාටයි. හැබැයි මලේ ඔය කියන විදියටම යන්න ගියොත් නම් උඹට කෙල්ල ගවුමක් අන්දන්නත් බැරි නැහැ. පරෙස්සමෙන්

 
At 14 December 2011 at 12:01 , Blogger Loku John said...

මේ කියන දෙවල් සෙරම කරනවා කියන්නෙ අර සුවච් කීකරු බලුකුක්කා නොහොත් "කීකරු සැමියා" කියන තැනට පත්වනවා කියන එක ..හ්හී හික්

 
At 14 December 2011 at 12:19 , Blogger Kasunk said...

kollek unama kollek wage inna oni nam thamai....nathnam gaumak andala.......vitharak nathara unoth athi

 
At 14 December 2011 at 12:44 , Blogger e-sihinaya said...

ගොඩක් වටින උපදෙස් ටිකක්..ස්තුතියි

 
At 14 December 2011 at 19:49 , Blogger kumaraya said...

මම හිතන්නෙ මේක කියවල කෙල්ලො නම් ආඩම්බර වෙයි... නැද්ද ...?

 
At 15 December 2011 at 00:12 , Blogger Tharindu Eroshan Hendawitharana said...

ලගදි කෙල්ලට හෙන බොරුවක් කිව්වා නේ ??එකය් මේ මෙහෙම දාල තියෙන්නේ ...හි හී අපි නොදන්න චෙස්...,,,,

 
At 15 December 2011 at 13:38 , Blogger Kasunk said...

hamadama boruma thami kiyanne macho....aththa kiuwa nam melahata okkoma iwarai

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home