2 Nov 2011

සංසර්ගය වේදනාකාරී වීම (Pain During Intercourse)



හැඳින්වීම හා හේතු (Introduction & Causes) 

මෙය බහුලව දැකිය හැක්කේ කාන්තාවන් අතරය. එකිනෙකට වෙනස් හේතු ගණනාවක් නිසා මෙය ඇතිවිය හැක.
1.      ප්‍රමාණවත් ලිංගික උත්තේජනයක් නොමැති වීමලිංගික උත්තේජනයේදී යෝනි මාර්ගය ස්‍රාවයන්ගෙන් තෙත් වන අතර එය පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය ඇතුළු කිරීමේදී ලිහිසි ද්‍රව්‍යයක් ලෙස ක්‍රියා කරයි. එබැවින් කාන්තාව ප්‍රමාණවත් තරම් ලිංගිකව උත්තේජනය නොවූ අවස්ථාවක, එනම් කාන්තාවගේ අකමැත්තෙන් සිදුවන ලිංගික ක්‍රියාවකදී හෝ පූර්ව ලිංගික ක්‍රියාකාරකම් (එනම් සිපගැනීම, ස්පර්ශය ආදිය) ප්‍රමාණවත් නොවූ විට පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය යෝනි මාර්ගයට ඇතුළු කිරීම වේදනාකාරී විය හැක.නමුත් ආර්තවභාවය මෙන්ම දියවැඩියාව ආදී ඇතැම් රෝගී තත්වයන්ද යෝනි මාර්ගයේ ස්‍රාවයන් අඩු වීමට හේතු වේ.
2.      යෝනි මාර්ගයේ මාංශපේෂි සංකෝචනය (Vaginismus)සංසර්ගයේ යෙදීමට තැත් කරන විට යෝනි මාර්ගයේ පහළ කොටස් මාංශපේෂි වේදනාකාරී ලෙස සංකෝචනය වීම නිසා පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය ඇතුළු කිරීම අපහසු විය හැක.බොහෝවිට මෙයට හේතුව  සංසර්ගයේ යෙදීමට ඇති අස්ථාන බියයි. ඊට අමතරව දරුප්‍රසූතියේදී විටපයේ  ඇතිවන තුවාල හෝ ශල්‍යකර්ම නිසා ඇති වූ තුවාල නිසා ද මෙය ඇති විය හැක. සහකරුගේ අවබෝධය හෝ සැලකිලිමත් බව අඩු වූ විට මෙම තත්වය තවත් දරුණු විය හැක.
3.      පීඩාකාරී සංසර්ගය (Dyspareunia)සංසර්ගයේ යෙදීමේදී වේදනාවක් ඇතිවීම මේ නම් වේ. පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය අර්ධ වශයෙන් ඇතුළු කල විට පවා වේදනාවක් ඇතිවේ නම් එය ලිංගික උත්තේජනය මඳ වීම නිසා හෝ විටපයේ තුවාල කැලැල් නිසා විය හැක.පුරුෂ ලිං‍ෙග්න්ද්‍රි‍ය සම්පූර්ණයෙන් ඇතුළු කල විට වේදනාව ඇති වේ නම් එය බොහෝ විට අභ්‍යන්තර රෝගී තත්වයක් නිසා විය හැක. 


සංසර්ගය වේදනාකාරී වීම සඳහා කුමක් කල යුතුද? (Treatment for Pain During Intercourse)

මෙහිදී වඩාත් වැදගත් වන්නේ සහකරු හා සහකාරිය අතර ඇති අන්‍යොන්‍ය අවබෝධය මෙන්ම ලිංගික කාර්යය පිළිබඳ දෙදෙනා තුළ ඇති අවබෝධයයි.ඒ සඳහා යුගල ප්‍රතිකාර ක්‍රම(Couple Therapy) හා ලිංගික උපදේශනය(Sexual Counseling) උපකාරී වේ.යෝනි මාර්ග සංසර්ගයේ යෙදීමට පෙර පූර්ව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම මඟින් ලිංගික සංසර්ගය සඳහා අවශ්‍ය කායික හා මානසික වාතාවරණය සකස් වේ. යෝනි මාර්ග ස්‍රාවයන්ගෙන් තෙත්වීම හා ඒ ආශ්‍රිත මස්පිඬු ඉහිල් වීම මඟින් සංසර්ගය  වේදනාකාරී නොවන පහසු  තත්වයට පත් වේ.ලිංගික ස්‍රාවයන් අඩුවීමට හේතුව වෙනත් කායික රෝගයක් නම් ඊට ප්‍රතිකාර ලබා ගත යුතුය. ඊට අමතරව, විශේෂයෙන් ආර්ථවභාවයට පත්වූ කාන්තාවන් සඳහා වෛද්‍ය උපදෙස් මත කෘත්‍රිම ලිහිසි ආලේපන භාවිතා කල හැක.සංසර්ගයට ඇති බිය නිසා ඇතිවන වේදනාකාරී මස්පිඬු හැකිලීම් සඳහා ‘අනුක්‍රමික චර්යා ප්‍රතිකාර විධි’ යොදා ගත හැක. ඊට අමතරව උපදේශනය මගින්ද ලිංගික ක්‍රියාවට ඇති බිය හා අකමැත්ත සම්බන්ධ ගැටළු වලට සහනයක් ලබා ගත හැක. එම ප්‍රතිකාර විධි වලින් සහනයක් නොලැබේ නම් වෙනත් රෝගී තත්වයක් ඇත්දැයි සොයා බැලීම සඳහා කාන්තා රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත් වේ.

3 Comments:

At 23 December 2012 at 22:28 , Blogger prasa said...

වටින ලිපියක් යාලුවා දිගටම කරගෙන යන්න

 
At 1 January 2013 at 21:53 , Blogger Kasun Dinelka said...

ගොඩක් වටිනා ලිපියක් යාළුවා තව ලියන්න.මම බුක් මාර්ක් එකකුත් දාගත්ත.තැනක් යු..

 
At 2 March 2015 at 11:55 , Blogger gajanayaka said...

LAFIN budda is not the budda itis fen shui item in chaina

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home