නින්ද නොයෑම (Insomnia)
නින්ද (Sleep) - හැඳින්වීම (Introduction)
නින්ද යනු කුමක්ද?
නින්ද යනු සිහිය හා බාහිර උත්තේජයනට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අවම මට්ටමක පවතින, කායික ක්‍රියාකාරිත්වය අඩු , ස්වාභාවික තත්වයකි. නින්දට ගොස් යලි අවදිවීම යනු දැල්වූ බල්බයක් නිවා දමා යලි දැල්වීම වැනි සරල ක්‍රියාවක් නොව, අවධි ගණනාවකින් සමන්විත සංකීර්ණ ක්‍රියාවලියකි. නින්ද ප්‍රධාන කොටස් 2කට බෙදිය හැක.
1) REM නින්ද (REM Sleep)
2) REM නොවන නින්ද (Non-REM Sleep)REM නින්ද (Rapid Eye Movement Sleep)
නින්දේ නොගැඹුරු අවස්ථාවක් වන මෙහිදී ඇස් වේගයෙන එහා මෙහා චලනය වීමක් සිදුවේ. මොළයේ ක්‍රියාකාරිත්වයේ ද පැහැදිලි වෙනස්කම් දැකිය හැක.
නින්දේ පසුවන කාලය තුළ වරින් වර කිහිපවරක් අප REM නින්දට පත් වන අතර එය නිදා ගන්නා මුළු කාලයෙන් 25% ක් පමණ වේ. බොහෝවිට අප සිහින දකින්නේද මෙම අවධියේය.
Non-REM Sleep (Non Rapid Eye Movement Sleep)
මෙය අවධි 4 කට බෙදෙන අතර එක් එක් අවධියේදී නින්ද වඩාත් ගැඹුරු වේ.
සාමාන්‍ය නින්දකදී මුළු කාලයෙන් 5%ක් පළමු අවධියේ ද 50% ක් පමණ 2වන අවධියේ ද 28% ක් පමණ ගැඹුරු නින්දේද (අවධි 3 හා 4) ගතවේ.
නින්ද නොයෑම (Insomnia) - හැඳින්වීම (Introduction)
ප්‍රමාණවත් නින්දක් නොලැබීම ගැටළු ගණනාවක් ඇති කරයි. දිවා කාලයේ නිදිමත ගතිය ඇතිවීම, ප්‍රබෝධමත් බව අඩු වීම, ඉක්මනින් වෙහෙසට පත්වීම, පහසුවෙන් කෝපයට පත්වීම, අවධානය අඩුවීම ආදිය ඉන් සමහරකි.
ප්‍රමාණවත් නින්දක් නොලැබීම කිහිප ආකාරයකින් සිදුවිය හැක.
1) පුරුදු පරිදි නිදා ගැනීමට නොලැබීම
2) කලින් අවදිවීමට සිදුවීම
3) රාත්‍රියේ වරින්වර /දිගුවේලාවක් අවදිවී සිටීමට සිදුවීම
‘ප්‍රමාණවත් නින්දක්’ යනු කුමක්ද?
බොහෝ දෙනෙකුගේ අදහස නම් අපට දිනකට පැය 7 - 8ක් පමණ නින්දක් අවශ්‍ය බවයි. නමුත් මෙය සත්‍යයක් නොවේ. යමෙකුට අවශ්‍ය නින්ද පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වන අතර ඇතැමුන් දිනකට පැය 3- 4 ක නින්දකින් සෑහීමකට පත්වේ.විශේෂයෙන්ම වයසට යාමේදී නිදා ගැනීමට අවශ්‍ය කාලය අඩුවේ. ලදරුවෙකු දිනකට පැය 16-17 ක් නිදාගන්නා අතර වයස්ගත වූවෙකුට අවශ්‍ය නින්ද පැය 5-6 ක් වේ. තරුණ වයසේ අයෙකු සාමාන්‍යයෙන් පැය 6-8 ක් පමණ නිදා ගනී.එම නිසා යමෙකු නිදාගෙන අවදිවීමෙන් පසු ඔහුට සාමාන්‍ය පරිදි කටයුතු කල හැකිනම් (අඩු නින්ද නිසා ඇතිවන ගැටළු වලින් තොරව) එය ප්‍රමාණවත් නින්දක් යැයි කිව හැකිය.
එබැවින් ‘එදිනෙදා වැඩ කටයුතු වලට බාධා වන ලෙසින් කාලයක් තිස්සේ පවතින නින්දට පත්වීමේ හෝ නින්ද ගත කිරීමේ අපහසුවක්’ “නින්ද නොයෑම” ලෙස විග්‍රහ කල හැකිය.
‘නින්ද නොයෑම’ට හේතු (Causes of Insomnia )
යමෙකුට ප්‍රමාණවත් නින්දක් නොලැබීමට හෝ එසේ වූ බව හැඟෙන්නට හේතු ගණනාවක් බලපෑ හැකිය.
- රාත්‍රියේ වරින්වර අවදිවීම පිළිබඳ වුවමනාවට වඩා අවධානය යොමු කිරීම
- තාවකාලික ගැටළු
උදා: වැඩ අධික වීම හෝ වගකීම් වැඩිවීම නිසා ඇතිවන මානසික ආතතියසාමාන්‍ය දිනචර්යාව වෙනස් වීම(රාත්‍රී වැඩ කිරීමට සිදුවීම)නිදා ගන්නා පරිසරය වෙනස් වීමදීර්ඝ ගුවන් ගමනකින් පසු කාලය වෙනස්වීම නිසා නින්ද නොයෑම (Jet lag)
- මානසික හේතු
4. නින්දේදී ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව (Sleep apnoea)
ඇතැම් පුද්ගලයන්, විශේෂයෙන් ශරීරය තරබාරු අය නිදා ගත්විට ශ්වසන මාර්ගය අර්ධ වශයෙන් අවහිර විය හැකිය. එහිදී බොහෝ විට නින්දෙන් ගෙරවීම දැකිය හැකි අතර පෙනහළු වලට අවශ්‍ය තරම් වාතය නොලැබීම නිසා වරින්වර අවදිවීම සිදුවේ. එබැවින් ඔවුන්ට ප්‍රමාණවත් හා ගැඹුරු නින්දක් ලබා ගැනීම දුෂ්කර වේ. නින්දෙන් ගොරවන සියළු දෙනා හට මෙම හුස්ම ගැනීමේ අපහසුතාව නැති බව සැලකිය යුතුය.
5. වෙනත් කායික රෝග
අධික වේදනාව ඇතිකරන රෝගී තත්ත්වයන් (පිළිකා,අස්ථි බිඳීම් ආදිය), කැස්ස, ආහාර දිරවීමේ ගැටළු, ශරීරය කැසීම ආදී රෝග ලක්ෂණ හෝ රෝගී තත්ත්වයන් ඇතිවිට සුවදායී නින්දක් ලබා ගැනීම දුෂ්කර විය හැක.
6. ආහාර පාන වර්ග
අප ගන්නා ආහාර හා පාන වර්ග වල අඩංගු ඇතැම් රසායනික ද්‍රව්‍ය නින්දට බාධා කරයි. තේ,කෝපි,චොකලට් ආදී ආහාර වල අඩංගු ‘කැෆේන්’ ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
ඊට අමතරව මද්‍යසාර, දුම්පානය හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයද සුවදායී නින්දක් ලැබීමට බාධා කරයි.
7. ඖෂධ වර්ග
ඇතැම් ප්‍රති-විශාද ඖෂධ (Anti-Depressants), ස්ටෙරොයිඩ (Steroids), ඇතැම් වේදනා නාශක වර්ග ආදී ඖෂධ වර්ග ගණනාවක් නිසාද නින්ද සම්බන්ධ ගැටළු ඇති විය හැක.
‘නින්ද නොයෑම’ සම්බන්ධ ගැටළු වලට කුමක් කල යුතුද? (Treatment of Insomnia)
නින්ද නොයෑම සම්බන්ධ ගැටළු ඇති අයට පමණක් නොව කාහට වුවත් සුවදායී නින්දක් ලබාගැනීමට උපකාරී වන උපදෙස් කිහිපයක් පහත දැක්වේ.
- නින්ද ගැන සැබෑ තතු අවබෝධ කර ගැනීම
- නින්දට යාමට පැය කිහිපයක් ඇතුලත නින්දට අහිතකර දේවලින් වැළකීම
ü කැෆේන් අඩංගු බීම වර්ග නොගැනීම (තේ,කෝපි,චොකලට් ආදිය)
ü දුම්පානය හා මත්පැන් භාවිතයෙන් වැලකීම
ü බර ආහාර වේලක් ගැනීමෙන් වැළකීම (සැහැල්ලු ආහාරයක් ගැනීම නින්දට ඵලදායී වේ)
ü රූපවාහිනිය නැරඹීමෙන් වැළකීම
ü නිදාගැනීමට ආසන්න කාලය තුළ ව්‍යායාම වල නිරත වීමෙන් වැළකීම (පැය කිහිපයකට පෙර, එනම් හවස් වරුවේ ව්‍යායාම කිරීම රාත්‍රී නින්දට උදව් වේ.)
3. නිදා ගැනීමේ හා අවදිවීමේ දෛනික රටාව පවත්වා ගැනීම
අප හැඩගැසී ඇත්තේ දිවා කාලයේ අවදියෙන් සිටීමට හා රාත්‍රියේ නිදා ගැනීමටයි. එම රටාව නොකඩවා පවත්වා ගැනීම රාත්‍රියේ හොඳ නින්දක් ලැබීමට උපකාරී වේ.
දිවා කාලයේ නිදාගැනීම හා රාත්‍රියේ වැඩිපුර අවදියෙන් සිටීම, එම රටාව අවුල් වීමට හේතුවන අතර නිදාගැනීමේ ගැටළු ඇතිකරයි.
4. නිදාගැනීමට සුදුසු පරිසරයක් සකස් කර ගැනීම
ඔබ නිදන කාමරය සුවදායී, ශබ්ද අඩු තැනක් විය යුතුය. අධික ආලෝකය, අධික උණුසුම මෙන්ම අධික සීතලද නින්දට බාධා කරයි. සෞම්‍ය සංගීතයකට සවන්දීම ඇතැම් අයට නින්ද පහසු කරයි.
නිදා ගන්නා ඇඳේ සිට පොත්පත් කියවීම, රූපවාහිනි බැලීම ආදී දේ කිරීමට පුරුදු නොවිය යුතුය.
5. නින්දට සූදානම් වීම
දිනපතා නියමිත වේලාවකට නින්දට යාමට හුරුවීම ප්‍රයෝජනවත් වේ. නින්දට යාමට සූදානම් වීමේදී ක්‍රමවත් රටාවකට පුරුදුවීම නිදා ගැනීමට සුදුසු මානසික වාතාවරණය සකස් කර ගැනීමට උදව් වේ. උදාහරණයක් ලෙස නින්දට යාමට පෙර පුරුද්දක් ලෙස ඇඟ සෝදා, දත් මැද, නිදන ඇඳුමක් ඇඳ ඇඳට යා හැක.
නිදිමත නැතිනම් ඇඳට යාමෙන් වැළකිය යුතුය. ඇඳට ගොඩවූ පසුවත් විනාඩි 20-30ක් ඇතුලත නින්ද නොගියේ නම් ඇඳෙන් නැගිට ගොස් පොතක් කියවීම ආදී වෙනත් කටයුත්තක නිරත වීම සුදුසු වේ. යලි නිදිමත දැනුණු විට පමණක් ඇඳට ආ යුතුය.
සැහැල්ලු වීමේ ව්‍යායාම (Relaxation Techniques)
නින්දට පෙට ඔබ කායිකව හා මානසිකව සැහැල්ලු තත්වයකට පත් කිරීමට මේවා භාවිතා කල හැකිය. පිළිවෙළින් හිසේ සිට පාදාන්තය තෙක් මස් පිඬු තද කර ඉහිල් කිරීම, හුස්ම ගැනීමේ ව්‍යායාම ආදී සැහැල්ලු වීමේ ක්‍රම ගණනාවක් තිබේ.
- දිවා කාලයේ ව්‍යායාම කිරීම
- නින්ද සීමා කිරීම
නින්ද නොයෑම සඳහා භාවිතා කරන ඖෂධ ප්‍රතිකාර (‘නිදිපෙති’) – Hypnotics
නින්ද නොයෑම සඳහා ප්‍රතිකාරයක් වශයෙන් නිදිපෙති අවශ්‍ය වනුයේ කලාතුරකිනි. විශේෂ හේතුන් මත ඇතිවන නින්ද නොයෑමේ අපහසුව මඟ හරවා ගැනීමට කෙටි කාලයක් සඳහා නිදිපෙති නිර්දේශ කල හැකිය.
නිදිපෙති යනු මොනවාද?
නින්ද නොයෑම සඳහා භාවිතා කරන ඖෂධ වර්ග කිහිපයකි.
- බෙන්සොඩයසපීන (Benzodiazepines)
- ප්‍රතිහිස්ටැමින (Antihistamines)
- අනෙකුත් වර්ග
නිදිපෙති භාවිතා කිරීමේ අවාසි (Adverse Outcomes of Hypnotic Use)
- පසුදා ඇතිවන නිදිබර ගතිය. (Day time Drowsiness)
- රාත්‍රියේ අවදි වීමට සිදුවුවහොත් ඇතිවන ගැටළු
- ඔරොත්තු දීමේ ගුණය (Tolerance)
- ඇබ්බැහි වීම (Dependance)
ඉහත හේතූන් නිසා වෛද්‍යවරුන් නිදිපෙති නිර්දේශ කරනු ලබන්නේ අත්‍යාවශ්‍ය අවස්ථාවලදී පමණක්, කෙටි කාලීනව භාවිතා කිරීම සඳහාය.නිදිපෙති යනු නින්ද නොයෑම ට ඇති අවසන් ප්‍රතිකර්මය මිස මුල්ම ප්‍රතිකර්මය නොවන බව මතක තබා ගත යුතුය.

1 Comments:
හුගක් වැදගත් ලිපියක් ඔබට ගොඩක් ස්තුතියි!!
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home