පාවිච්චි කරපු මොටර් රථයක් මිලදීගන්න
ඔන්න අද මම පාවිච්චි කරපු මොටර් රථයක් මිලදීගන්න කෙනෙකුට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඔන දේවල් ටිකක් කියන්නම්.
මොකද ආපේ රට කවදාවත් වාහන විසිකරන රටක් නෙමේ. වාහනේ නියම නිශ්පාදකයටත් බැරි දේවල් අපේ අයියලාට කරන්න පුලුවන්.
ඉතින් අපි හැමොම මේ ලන්කාවේ ඇතුලත හැමදාම කැරකෙන වාහන වලින් එකක් තම අඩිවාර්යෙන් ගන්නේ.
අපි
ඉතින් කොල්ලො වශයෙන් බොහොදෙනෙකුට යම්කිසි වයසක් පහුකරනකොට රථගාය හැදෙනවා.
හැබැයි තමුන් මිලදීගන්න මුල්ම මොටර් රථය සමහර විට ඔබව බොහෝ දුර ගෙනියන්න
පුලුවන්
. එවගේම ගේ ඉස්සරහ තියෙන කඩෙට යාගන්න බැරිවෙන ජාතියේ එකක් වෙන්නත් පුලුවන්
. ඉතින් ටිකක් ඉවසීමෙන් මිලදීගැනීම කෙරුවොත් වාහන එපාවෙන එකක් නැහැ. 

මෙතන තියෙන සමහර කරුනු මම කලින් ත්‍රේඩ් එකකත් දාල තියෙනවා.එත් මෙතනට අදාල නිසා අහපව් දානවා
මොටර් රථයක් මිලදී ගැනීමේදි එන්ජිම / ගියර් පද්දතිය / මොටර් රථයේ බද සහ ඉලෙක්ට්‍රොනික පධ්දති වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම වැදගත්
අනික තමා දැන් එන වාහන වල වැඩිපුරම දකින්න තියෙන්නේ සෙන්සර් (sensors ) . ඔවා වාහන හොදන මල්ලිලාගේ නොසැලකිල්ලෙන් සවුත්තු වෙනවා.මිලදී ගැනීමේදී සහ පාවිච්චියෙදී sensors ගන අවදානය යොමු කිරීම වැදගත්
. එනිසා ඔබ පාවිච්චි කරන්නේ නවීන පන්නයේ මොටර් රථයක් නම් බාල්දියෙන් වාහනේ හොදන තැන්වලට දාන්න එපා
.
පලපුරුදු සේදුම් ස්ථානයකට දාන්න. මොකද ඔය සෙන්සර් එකක් සවුත්තු උනොත්
වාහනේට ලොකු හානියක් වෙන්න පුලුවන්.බාහිරින් නොපෙනුනත් අභයන්තරින් විශාල
හානිසිතුවෙනවා. එ අතරම ඔබේ මොරට් රථයේ ඉන්දන ධහනය නිසි පරිදි සිදු
නොවන්නටත්/ ස්වයන්ක්‍රිය ගියර්පධ්දතියක් සහිත මොටර් රථයක් නම් ගියර්
පද්දතියේ දොෂ ,වයුසමිකරන සහ ABS ආශ්‍රිත ගැටලු බහුලව ඇතිවන්න පුලුවන්. අනික සෙන්සරේ පොඩි උනාට ගාන පොඩි නැහැ .අනිවා රු 7000 එහා පැත්තේ 
ජපන් මොටර් රථයක් මිලදීගන්නවා නම් අවදානම අඩුයි, අනික මිලදී ගැනීමෙදි වාහනයේ අයිති කරුවන් ප්‍රමානය වැඩිනම් වාහනේ කන්ඩිශන් එක බොහො විට පිරිහී තියෙන්න පුලුවන්
.
පුලුවන් තරම් පලමු හෝ දෙවන අයිතිකරුවන් අත ඇති කොලඹින් බැහැර මොටර් රථයක්
හොයාගන්න බලන්න. වෙරලාසන්නව දිගුකලක් පැවති මොටර් රථයක් මිලදී ගැනීමෙන්
වලකින්න. මොකද මේවනවිටත් ඔබට නොපෙනුනත් වාහනේ අභ්‍යන්තර මල බැදීම වාහනේ
හැඩයට හානිකර අයුරින් ආරම්බවෙලා තියෙන්න පුලුවන්. වාහනේ පවතින්නේ ඔරිගිනල්
පේනන්ට් එක නම් , ඉතා සුලු මල බැදීමක් ඇතත් බය නැතුව මිලදී අරගෙන ඔබට
අවශ්‍ය විහිහට තීන්ත ආලෙපනයක් සිදුකරන්න පුලුවන් . මොකද NEW PAINT කියල
පොටි නාවලා දිලිසි දිලිසි තියෙන අන්දපු වාහනයක් ගන්නවට වඩ TIN BODY සහිත
වාහනයක් මිලදීගෙන තමුන්ට රිසි ලෙස ඉතිරි වැඩ කරගන්න එක තමුන්ගෙ හිතටත්
හොදයි. 
වහනය ටිකක් පරනයි නම් දොරවල් යට ටිකක් ඇතුලතින් අත්ගාල බලන්න . මොකද සමහර විට මිනිස්සු දොරවල් පළු කරනවා. එකියන්නෙ දොර යට තහඩුව කපලා අයින්කරනවා දිරලානම්.ඊටපස්සෙ වෙන තහඩු කෑල්ලක් තියලා යටටම පාස්සනවා. එහෙම වාහන ඔන තරම් තියෙනවා..
මෙතන තියෙන සමහර කරුනු මම කලින් ත්‍රේඩ් එකකත් දාල තියෙනවා.එත් මෙතනට අදාල නිසා අහපව් දානවා
මොටර් රථයක් මිලදී ගැනීමේදි එන්ජිම / ගියර් පද්දතිය / මොටර් රථයේ බද සහ ඉලෙක්ට්‍රොනික පධ්දති වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම වැදගත්
අනික තමා දැන් එන වාහන වල වැඩිපුරම දකින්න තියෙන්නේ සෙන්සර් (sensors ) . ඔවා වාහන හොදන මල්ලිලාගේ නොසැලකිල්ලෙන් සවුත්තු වෙනවා.මිලදී ගැනීමේදී සහ පාවිච්චියෙදී sensors ගන අවදානය යොමු කිරීම වැදගත්
ජපන් මොටර් රථයක් මිලදීගන්නවා නම් අවදානම අඩුයි, අනික මිලදී ගැනීමෙදි වාහනයේ අයිති කරුවන් ප්‍රමානය වැඩිනම් වාහනේ කන්ඩිශන් එක බොහො විට පිරිහී තියෙන්න පුලුවන්
හිතන්න අවුරුදු 20-30 පරන වාහනයක් මිලදී ගන්නවා කියලා
.එන්ජිම ගැන වැඩියෙන් අවදානය යොමුකරන්න. නැත්තම් ඔබේ විවෙකී නිවාඩුදිනයන්
ඔබේ පවුලේ අය සමග ගතකෙරනවා වෙනුවට වාහන බාස් ලා සහ ගෝලයන් එක්ක ගෙවන්න වෙවි
. 

මෑතකදි ගත්ත දුම් සහතිකයක් තියෙනවනම් හොදයි, වාහනයේ එන්ජිම පිලිබද එකත් එක්තරා විදිහකට සහතිකයක්
. අනික ඔනම වාහනයක් මිලදී ගැනීමේදී විශේෂයෙන් ඉදිරිපස/පිටිපස සහ දෙපස
(සිග්නල් ලයිට් අසල ) හොදින් ඇතුලතින් සහ පිටතින් නිරීක්ශනය කරන්න අනතුරකට
ලක් වී තිබෙනවද කියලා(ඒවා තමා බහුල වශයෙන් අනතුරට ලක්වන ස්ථන) . 
මෑතකදි ගත්ත දුම් සහතිකයක් තියෙනවනම් හොදයි, වාහනයේ එන්ජිම පිලිබද එකත් එක්තරා විදිහකට සහතිකයක්
වහනය ටිකක් පරනයි නම් දොරවල් යට ටිකක් ඇතුලතින් අත්ගාල බලන්න . මොකද සමහර විට මිනිස්සු දොරවල් පළු කරනවා. එකියන්නෙ දොර යට තහඩුව කපලා අයින්කරනවා දිරලානම්.ඊටපස්සෙ වෙන තහඩු කෑල්ලක් තියලා යටටම පාස්සනවා. එහෙම වාහන ඔන තරම් තියෙනවා..
මේක එළකිරි එකේන් උපුටාගත්තු එකක්

1 Comments:
අවශ්‍යම වෙලාවක අවශ්‍යම ලිපියක්. ස්තුතියි
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home