6 Nov 2011

හැඩට ඉන්න පිරිමිත් කැමතියි


හැඩ වැඩ වෙන්න අපි තුළ තිබෙන්නේ පූදුම ආශාවක්. බොහෝ දෙනා හිතන්නේ පිරිමින්ට වඩා ගැහැනූ හැඩ වැඩ වෙන්න වැඩි ආශාවක් දක්වන බවයි. බ්‍රිතාන්‍යයේ නෝර්වික්හි සූවසේවා සංගමය විසින් පිරිමින් 500 ක් පමණ යොදවා කළ මේ පර්යේෂණයෙන් හෙළිවූණේ තමා සිත්ගත් ක්‍රිඩකයන් සිනමා නළුවන් වැනි ප්‍රසිද්ධ එසේම දක්ෂතා ඇති පූද්ගලයින්ගේ හැඩ රුවට සමාන වූ හැඩරුවක් ලබා ගැනීමට පිරිමින් උනන්දු වන බවයි.

සමීක්ෂණය සඳහා යොදාගත් මෙම පිරිමින්ගෙන් හතරෙන් තුනක්ම කියා සිටියේ තමා ප්‍රිය කරන ප්‍රසිද්ධ පූද්ගලයාගේ හැඩරුවට සමානව සිටීමත් ඔවූන් අදින පළඳින විදිහටම ඇඳීමටත් ප්‍රියකරන බවයි. එහෙත් තමන්ගේ සිරුරේ අඟ පසඟවල ස්වභාවය පෙනූම වැනි දේ ගැන නොසතුටකින් කතා කළ අයත් සිටියා.


මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ පිරිමින් කියාසිටියේ තමන්ට සිරුර හැඩ වැඩ කර තබාගැනීමට අවශශතාවක් තිබූණත් තමන්ගේ බිරිඳ එසේ කරනවාට අකමැත්තක් දක්වන බවයි.


මේ පිළිබඳව අදහස් දක්වන ශරීර සූවතා පිළිබඳව ප්‍රවීනයකු වන ඩීන් හොඩිින් කියා සිටින්නේ කළ යූත්තේ තමන්ගේ සිරුර හැඩවැඩට තියාගැනීමට වඩා නිරෝගි කම පවත්වාගෙන යාමට උත්සාහ කිරීම සූදුසූ බවයි.

 උපුටාගැනීමකි

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home