3 Nov 2011

උණ ගැණුනු විට ඔබේ අවධානය ලැබිය යුතු කරුණු





උණ තරම් අප ගණන් නොගන්නා, එලෙසම උණ තරම් අපගේ ඇඟ සලිත කරවන රෝග ලක්ෂණයක් තවත් නැති තරම් ය. හැම කෙනෙකුටම වරක් නොව කිහිප වරක් ම සෑදී ඇති නිසා උණ අපට බෙහෙවින් හුරු පුරුදු ය. අධික උණ සමඟ අත්වැල් බැඳගෙන එන සමහර සංකූලතා දිවි ගමන නතර කරවන නිසා එය එක් අතකින් භයානක ද වේ.

 
ෆැරන්හයිට් අංශක 100ට (සෙල්සියස් අංශක 38ට) වඩා ශරීර උෂ්ණත්වය ඉහළ යෑමේ තත්ත්වයයි. එය ශරීරය තුළ ඇතිවන ආසාදන (ක්ෂුද්‍ර ජීවින් රෝග කාරක වී ඇති කරන අසනීප තත්ත්වයන්) හි දී මෙන් ම රෝග තත්ත්වයන් හි දී උණ රෝග ලක්ෂණයක් ලෙස පිටතට දැන ගන්නට ලැබෙයි. මේ නිසා අප කිසියම් රෝගයකින් පෙළෙන බව හඟවන ලක්ෂණයකට වඩා උණ යනු ශරීරයේ ආරක්ෂක උපක්‍රමයක් නැතිනම් ආයුධයක් ලෙස වෛද්‍ය පරීක්ෂකයන් දකිති.
රෝගී තත්ත්වයන් පාලනය කිරීමේ දී අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වැඩි ශරීර උෂ්ණත්ව පසුබිමකදී හොඳින් ක්‍රියා කළ හැකිය. මෙහිදී ශරීරය ආක්‍රමණය කර ඇති බැක්ටීරියා, වයිරස වැනි ක්ෂුදූ ජීළවීන් පාලනය කිරීමට පමණක් නොව පිළිකා සෛල මැඩීඳීමට පවා උණ උදව් වෙයි. ‍ෙමි නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් මොළයේ උණ පාලන ප්‍රදේශය කුළු ගැන්වීමක ඉහළ යන ශරීර උෂ්ණත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය කුළු ගන්වා රෝගය ජය ගැනීමට ප්‍රයත්න දරයි.
මෙම නව ප්‍රවණතා ඉදිරියේ උණ පිළිබඳ අප අතර ඇති මත සමහරක් සත්‍ය ය. එහෙත් බොහොමයක් සාවද්‍ය ය.
ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට්ර්ය අංශක 98.6 ද?
 දහනම වන සියවසේ දී සිදු කළ අධ්‍යයන ඔස්සේ සියලු මිනිසුන් හෝ ශරීරයේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.6 ක් යන නිගමනය තව දුරටත් එලෙසම වලංගු නො‍ෙව්. එක් එක් පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය ඔහුට හෝ ඇයට සුවිශේෂීත ය. එසේම (වයස අවුරුදු 65 ඉක්මවා යන විට සාමාන්‍ය ශරීර උෂ්ණත්වය ෆැරන්හයිටටට් අංශක 97.5 ක් හෝ සෙල්සියස් අංශක 36.4 ක් තරම් අඩු අගයක් හෝ විය හැකිය.)
නිවැරදිව උණ බලන්නේ කොහොම ද?

උණ බලන වේලාව
උදෑසන ෆැරන්හයිට් අංශ 97.6 සිට හවස් කාලයේ දී ෆැරන්හයිට් අංශක 98.5 සිට (සෙල්සියස් අංශක 36.4 - 36.9 දක්වා ශරීර උෂ්ණත්වය වෙනස් වීමට පුලුවන.)
උණ බලන ආකාරය
            ගුද මාර්ගයෙන් බැලූ විට මුඛ මාර්ගයට වඩා අංශක 1ක් වැඩියෙන් ද කිහිලි මාර්ගයෙන්                          බැලූ විට මුඛ මාර්ගයට වඩා අංශක 1 ක් අඩුවෙන් ද වශයෙන් උණබලයි
උණ බැලීමට පෙර යෙදී සිටි කාර්යය
ශරීරය වෙහෙසෙන ක්‍රියාවක,ව්‍යායාම කළේ නම් උණ බැලීමට පෙර පැය 3 ක් වත් විවේක ගත යුතුය.
උණ බැලීමට යොදා ගත් උණ කටුවේ බලපෑම

කාන්තාවකගේ මාසික ඔසප් චක්‍රයේ ඇය සිටින වකවානුව
ඩිම්බ කෝෂයෙන් ඩිම්බය මුදාහරින දිනයේ (ඔසප් චක්‍රයේ මැද සමයේ දී) සිට සති 2 ක් පමණ යනතුරු කාන්තාවගේ සාමාන්‍ය ශාරීරික උෂ්ණත්වය එයට පෙර පැවති තත්ත්වයට වඩා අංශක 1 කින් පමණ ඉහළයි. 
කිසියම් රෝගී තත්ත්වයකට ගන්නා ඖෂධ                  
            මෙවැනි තත්ත්වයක දී ශරීරයේ             උෂ්ණත්වය ඉහළ යයි.

උණ ඇතිවිට  කළ යුතු දෑ
සාමාන්‍ය ක්‍රියාකාරකම්වල යෙදෙන්න හැකියාව ඇත්නම් අධිකව                                   වෙහෙසීම් හැර සාමාන්‍යයෙන් එදිනෙදා කළ යුතු වැඩ කටයුතුවල යෙදෙන්න. (අධික  
ලෙස වෙහෙස වීමෙන් ශරීරය සතු ප්‍රතිශක්ති රෝග මර්දනය හැකියාව දූර්වල කරයි.)

සාමාන්‍ය ලෙස ආහාර ගන්න (ඇදූර්වලවීමෙන් වළකන්න)
තදින් ඇඟ­­ රිදීම, හිසරදය,ක්ලාන්ත ගතිය, වෙහෙස දැනීම ඇත්නම් විවේක ගැනීම අවශ්‍ය ය.
ආසාදනයක් නම් එය වෙනස් අයට ද පැතිරිය හැකි නිසා            සෙනග ගැවසෙන තැන්වලින් මෙන් ම දූ දරුවන් ගෙන් ද ඈත්ව සිටින්න.
දියර වඡීර්ග, පළතුරු යුෂ, කැඳ, සුප් වර්ග හා ජලය වැඩිපුර පානය කිරීම උණට සහනයකි.
ඇඟපුරා රෙද්දක් පොරවා නොගෙන හැකි තරම් ඇඟ නිරාවරණයව හොඳින් ජනෙල් දොරවල් විවෘත කළ වාත්‍රාශය යහමින් ලැබෙන හැකි තරම් විදුලි පංකාවක් සහිත කාමරයක සිටින්න.

උණ ඇති වූ විගසම වෛද්‍ය ප්‍රතිකාර ලැබීම අවශ්‍ය ද?
උණත් සමගම ඇති විය හැකි වෙනත් සංකූලතා ගැන සැලකිලිමත් වෙන්න.
උදාහරණ
  • උණ සමඟ අධික වමනය
  • තද හිසරදය
  • ක්ලාන්ත ගතිය වැනි ලක්ෂණ මොළයේ - මෙනින්ජ් ප්‍රදාහය හෝ එන්සෙපලයිටීස් වැනි තත්ත්වයන් හැඟවිය හැකියි.
උණ ඇති වී දින 3කින් පමණ.
  • ස‍ෙම් රතු කුෂ්ඨයක් ඒම,
  • ලේ වමනය (රතු හෝ කෝපි පැහැ වමනය)
  • ශරීරයේ කිසියම් තැනකින් ලේ වහනය ඇතිනම්
ඩෙංගු උණ යැයි සැක කළ හැකිය.
  • යම් කිසි අවස්ථාවක
  • ඔක්කාරය
  • වමනය ගතිය
  • බඩ රිදීම සමඟ උණ
සෙංගමාලය රෝගී තත්ත්වය පෙන්නුම් කරයි,
  • උණ ඇති අවස්ථාවක
  • ඇඟ සීතල කර උණ ගැනීම
  • වෙව්ලා උණ බැස යාම
ඇති විය හැක්කේ මැලේරියා හෝ මුත්‍රා ආසාදනයක් නිසා විය හැකියි.
  • කැස්ස සමඟ සවසට උණ ගැනීම ක්ෂය රෝගය ද
  • හීන් උණක් දිගටම පැවතීම
  • උණ සන්නිපාත රෝගය  යැයි සැක කළ හැකිය.
  • සරම්ප, පැපොල, කම්මුල්ගාය වැනි තත්ත්වයන්හි දී උණ පූර්ව - රෝග කාරකයකි
ඉහත සඳහන් කවර හෝ සංකූලතාවයක් ඇතිනම් වෛද්‍යවරයෙකු හමුවීම වැදගත් ය. එසේ නොමැතිව සාමාන්‍යයෙන් උණ ගත් විගසම වෛද්‍යවරයා හමු නොවී දින 2-3 ක් විමසිලිමත් වීම වැදගත් ය. එහි දී පෙර සඳහන් කළ පාන වර්ග ගැනීම, කොත්තමල්ලි - පත්පාඩගම් තැම්බූ දියර පානය හා අවශ්‍ය නම් ඇඳ විවෙකය ගැනීම බෙහෙත් වලට වඩා වැදගත් ය.  පාසැල් දරුවන් නම් පාසැල් නොයවා නිවසේ රඳවා ගැනීම රෝගය ගැන විමසිල්ලෙන් සිටීමට උදවේ.
උණට බෙහෙත් ගැනීම අවශ්‍ය ද?
උණක් දැනුන වහාම කිසියම් ප්‍රතිජීවක (උණ අඩු කරන) ඖෂධ ගැනීම, ලෝකය පුරාම දැකිය හැකිය. මෙහිදී ඇස්ප්‍රින්, පැරසිටමෝල්, ඉබුප්‍රොපේන්, ඩික්ලොෆෙනැක් ඖෂධ වැඩිපුර භාවිතා කරයි. මෙහිදී ගනු ලබන ඖෂධ පුද්ගලයෙකු සතු විවිධ ලක්ෂණ අනුව වෙනස් වෙයි.

දරුවන් සහ නව යෞවන වියේ පසුවන දරුවන් විශේෂයෙන්ම ලේ වහනය රෝග ලක්ෂණ වන රෙයේ සහ ලක්ෂණ  නම් දරුණු රෝග තත්ත්වය ඇති කිරීමේ ඉඩක් තිබීම නිසා ඔවුනට ඇස්ප්‍රින් දීම අනුමත නොකෙ‍ෙර්. ඔවුන්ට වඩාත් සුදූසු වන්නේ පැරසිටමෝල් ය.
  • ගැස්ට්‍රයිටීස් වැනි ආමාශ ගත රෝග, හෘදයාබාධ සහ අධි රුධිර  පීඩනය, ආතරයිටීස්, වකුගඩු රෝග ඇති අය හට පැරසිටමෝල් හැර අනෙක් ඖෂධ නිර්දේශ නොකෙ‍ෙර්.
  • කිරීටක හෘදයාබාධ වැළැක්වීම සඳහා දැනටමත් ඇස්ප්‍රින් ගන්නා රෝගීන්ට උණ ඇති වූ විට පැරසිටමෝල් දීම වඩා සුදූසු ය.

  • ගර්භනී හා කිරිදෙන සමයේ මව්වරුන් ද උණ ගත් විට පැරසිටමෝල් ගැනීම වඩාත් උචිත වන්නේ ඇස්ප්‍රින් ගනයේ ඖෂධ කලලයට හා දරුවාට හානි කළ හැකි බැවිනි.
  • කිසියම් අක්මා රෝගයකින් පෙළෙන අය මෙන් ම අධික මැත්පැන් පානය කරන අය ද පැරසිටමෝල් නොගත යුතුය. ඒ පැරසිටමෝල් අක්මාවට හානිකර ලෙස බලපෑ හැකි බැවිනි. අනෙක් ඖෂධවල ද අක්මාවට බලපෑමක් තිබුණ ද ඒ පැරසිටමෝල් තරම් දරුණු නොවේ.

සීතල වතුරෙන් ඇඟ සේදීම සුදුසු ද?
  • සම මත උණුසුම පහතහෙලුව ද ශරීරයේ අභ්‍යන්තර උණුසුම පහත හෙළීමට මෙම පියවර සමත් නො‍ෙව්. සමහරවිට සීතල වතුර ඇති කරන වෙව්ලීම නිසා අපහසුතා ඇති වීමටත්, ශරීර අභ්‍යන්තර උණ ඉහළ දැමීමටත් පුළුවන.
එහෙත් තදින් උණ ඇත්නම් සහ උණ අඩු කරන ඖෂධ මඟින් ලැබෙන සහනය මද නම් සාමාන්‍ය උෂ්ණත්වයෙන් පවතින ජලයෙන් (ඇල් වතුරෙන්) පෙඟවූ තුවායකින් ඇඟ පිස දැමීම සෙමෙන් උණ අඩුකර සහනය සලසයි. කුඩා දරුවන්ගේ උණ හෝ උණ පහළ හෙලීමට මෙය ඉතා සුදූසුය. උණ අඩු කරන බෙහෙත් දී පැයකින් පසු ඇඟ ඇල්වතුරෙන් පෙඟ වූ තුවායකින් පිස දැමීම වඩාත් හොඳ ප්‍රතිඵල ගෙන දෙයි.
උණ නිසා ශරීරයට ස්ථිර හානි විය හැකි ද?
            සාමාන්‍ය උණ නිසා ශරීරයට හෝ මොළයට හෝ කවර හෝ ස්ථිර හානියක් ඇති නොවේ. එහෙත්,
  • එන්සෙපලයිටීස් (මොළයේ ප්‍රදාහය) හා මෙනින්ජි ප්‍රදාහය (මොළය වටා ඇති මෙනෙන්ජ් පටල ප්‍රදාහය) වැනි ආසාදනවල දී කිසියම් හානියක් ස්නායු සෛලවලට හා මොළයට සිදූ විය හැකිය.
  • සාමාන්‍ය වයිරස් උණක් නිසා එවැනි හානි ඇති නොවේ. මොළයට හානි විය හැකි ෆැරන්හයිට් අංශක 106 ක් පමණ දක්වා එවැනි උණක් ඉහළ නොගොස් ෆැරන්හයිට් අංශක 104  හෝ 105 දක්වා ගොස් නතර වෙයි.
  • සමහරවිට උණ වැඩි- වන විට කුඩා දරුවන්ට වලිප්පුව ඇති විය හැකිය. එමඟින්  ස්ථාවර හානි සිදු වෙනවා පමණක් නොව වයස අවුරුදු 5 ඉක්මවන විට උණ- වලිප්පුව ඇති වීම ද නතර වෙයි. එසේ වුව ද කුඩා දරුවන්ට උණ ඉහළ ගොස් වලිප්පුව ඇති වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඒවා නම්,
    1. හොඳින් වාතාශ්‍රය ලැබීම.
    2. ඇනිරාවරණව තැබීම.
    3. උණ අඩු කරන ඖෂධ ලබා දීම.
    4. ඇල් වතුරෙන් පෙඟවූ තුවායකින් ඇඟ පිස දැමීම.
    5. පාන වර්ග වැඩිපුර දීම.
    6. විවේකීව තැබීම.

2 Comments:

At 10 November 2011 at 23:43 , Blogger Sabith said...

සැහෙන්න හොඳ ඉස්තරම් ලිපියක්!මාත් මේ ගැන ලියම්දෝ නොලියම්දෝ කියලා හිත හිත හිටියේ!මං ලිව්වත් මේ තරම් සවිස්තරාත්මකව නොලියවෙන්න හොඳටම ඉඩ තිබුනා~

 
At 11 November 2011 at 06:45 , Blogger Kasunk said...

meka doc kenek liyapu lipiyak sahodaraya...wadagath lipiyak nisai damme

 

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home