ශ්‍රී ලංකාවේ නඩත්තු නීතිය
හැදින්වීම
පුළුල් වු සමාජ සංස්ථාවක මූලික අඩිතාලම සපයනු ලබන්නේ පවුල නැමැති ඵ්කකයෙනි.මේ නිසාම අප 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27(12) මගින් දක්වන්නේ රජය විසින් පවුල සමාජයේ මුලික ඒකකය වශයෙන් පිළිගෙන ආරක්‍ෂා කළ යුතු බවයි.එනම් අප රටේ මූලික නීතිය වශයෙන් සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ද පවුල් සංස්ථාවට වැදගත් ස්ථානයක් ලබා දී ඇත.මෙසේ සමාජයේ වැදගත් ස්ථානයක් හිමි කර ගන්නා පවුල තුළ මව,පියා,දරුවන් ආදී ලෙස කොටස් කීපයක් සිටින අතර ඔවුනොවුන් කෙරෙහි පවතින්නා වූ අන්‍යෝන්‍ය යුතුකම් සහ වගකීම් මූලික කර ගෙන ඒ කී පවුල් සංස්ථාව ඉදිරියට ගමන් කරනු ලබයි. මෙලෙස ස්වාමියා හා බිරිද,දෙමව්පියන් හා දු දරුවන් අතර අන්‍යෝන්‍ය යුතුකම් සහ වගකීම්වල එක් සංධිස්ථානයක් ලෙස නඩත්තු නම් වූ සංකල්පය හදුන්වා දිය හැකිය.
නඩත්තු නීතියේ ආරම්භය සහ විකාශනය -
1841 අයාල ආඥා පනත
මෙහි යම් තැනැත්තෙකු විසින් ඔහුගේ භාර්යාව සහ දරුවන් අනාථ බවට හෝ නඩත්තුවෙන් තොර බවට පත් කෙරෙන විධි විධාන ඇතුලත් කරන ලදී.පසුව 1889 අංක 19 දරණ නඩත්තු ආඥා පනත
වර්ථමාන නීතිය-1999 අංක 39 දරණ නඩත්තු පනත
මේ සදහා 1992 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පාදක කොට ගෙන ඇත. නඩත්තු පනත පූර්විකාව දක්වන්නේ තම නඩත්තුව තමා විසින්ම කර ගත නොහැකි ළමයින්, වියපත් දරුවන්,ආබාධිත දරුවන් සහ කලත්‍රයන් නඩත්තු කිරීම සදහා ද ළමා අයිතිවාසිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මුතියේ විධිවිධානවලට සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සදහාද විධි විධාන සැලැස්වීම සදහා වූ පනතක් බව දක්වයි.ඒ අනුව වර්තමානයේ නඩත්තු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ 1999 අංක 39 දරණ නඩත්තු පනතයි.මේ තුළ මුල් පනතේ තිබූ පුරුෂයා විසින් පවුල නඩත්තු කළ යුතුය යන ප්‍රතිපාදනය මෙයින් ඉවත් කර කලත්‍රයා යන්න සදහන් කර තිබීමය. ඒ අනුව ස්වාමියා-භාර්යාව ලෙස ලබා ගැනීම සම්බන්ධව නීතිය වර්ධනය කර ඇත. පනතේ මුලික අරමුණ වී ඇත්තේ තමාට තමා පෝෂණය කර ගත නොහැකි ළමයින්,වියපත් දරුවන්,ආබාධිත දරුවන් සහ කලත්‍රයන් නඩත්තු කිරීමය. 1.කලත්‍රයන් නඩත්තු කිරීම. 2(1) වගන්තිය:තමාට තමාව නඩත්තු කර ගත නොහැකි කලත්‍රයෙකු නඩත්තු කිරීමේ වගකීම ප්‍රමාණවත් වත්කමක් ඇති අනෙක් කලත්‍රයා විසින් සිදු කළ යුතුය. මෙහිදී කලත්‍රයා යන්නට බිරිද හෝ ස්වාමියා ඇතුළත් වේ.ස්වාමියාටද බිරිදගෙන් නඩත්තු ඉල්ලා සිටීමේ හැකියාවක් මේ යටතේ ලබා දී ඇත.- එහිදී ඔහුට රැකියාවක් නොමැති වීම යන්න පිළිබද පමණක් සලකා නොබලන අතර ශරීර සෞඛ්‍යය,ආදායම් සලකා බලයි.
-
- නඩත්තු කළ හැක්කේ ස්වාමියා හෝ බිරිද පමණකි.දික්කසාද වූ ස්ත්‍රීය -භාර්යාව හෝ පුරුෂයා -ස්වාමියා යන අර්ථයට නොගැනේ.
- මෙහිදී මව,පියා යන දෙදෙනාම දරුවාගේ නඩත්තු සම්බන්ධයෙන් වගකීමෙන් බැදේ.
- ළමයා යන්නෙන් පනතේ 22 වගන්තියේ අර්ථනිරූපණ වගන්තිය ප්‍රකාරව වගන්තිය විවාහයෙන් උපන් විවාහයෙන් නූඋපන් වයස දහඅටට නොඑළබුණ දරුවෙක් අදහස් වේ.
- වියපත් දරුවා යනු විවාහයෙන් උපන් වගන්තිය විවාහයෙන් නූඋපන් වයස දහඅටට වැඩි හෝ විසිපහට අඩු දරුවෙක් අසහස් වේ.
3.1999 අංක 39 දරණ නඩත්තු පනත යටතේ ඉල්ලීමක කළ හැකි වන්නේ, 4(1)(අ)වගන්තිය:ළමයෙකු හෝ ආබාධිත දරුවෙකු විසින් හෝ ඔවුන් වෙනුවෙන් භාරකරුවෙකුට (ආ)වියපත් දරුවෙකුට පනත යටතේ සදහා ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවක,ඒ වියපත් දරුවා විසින් හෝ ඔහු වෙනුවෙන් ඕනෑම අයෙකුට, (ඇ)කලත්‍රයෙකු නම් ඔහුට හෝ ඇයට හැකි අතර යම් නොහැකියාවක් ඇත්නම් ඇය හෝ ඔහුවෙනුවෙන් කවර හෝ තැනැතතෙකුට නඩත්තු සදහා ඉල්ලා සිටිය හැකිය.
- 1889 පනත යටතේ නම් ලංකාවේ ඕනෑම ප්‍රදේශයකදී නඩත්තු සම්බන්ධව ඉල්ලීමක් සදහා නඩු පැවරිය හැකි නමුත් නව නීතිය අනුව අදාළ පාරශවයන් පදිංචි අධිකරණ බල ප්‍රදේශයේ පමණක් නඩු පැවරිය හැකිය.
- කාන්තාවට වත්කමක් නැත්නම් මේ පනත යටතේ නඩත්තු යුතුකම ප්‍රතික්ෂේප කරයි.
උඩරට නීතිය යටතේ නඩත්තුව
මේ යටතේ (1)ව්‍යවස්ථාපිත නීතිය(2)ව්‍යවස්ථාවට පිටින් නීතිය ලෙස ආකාර 2කි.
- කෙසේ වුවද උඩරැටියන්ට ද පොදු නීතිය ද යම්තාක් දුරකට අදාළ වේ.(සාමාන්‍ය නීතිය යටතේ ඔවුන්ට විවාහ විය හැකි බැවිනි.)
- දරුවන් සම්බන්ධව ගත් කළ දීග විවාහයකදී නම් පියා විසින් ද, බින්න විවාහයකදී නම් මව විසින් ද දරුවා පෝෂණය කළ යුතු ය.
- අවිවාහජ දරුවන් සම්බන්ධව "මව අවජාතක දරුවෙකු බිහි නොකරයි" යන සංකල්පය මත මව විසින් දරුවා පෝෂණය කළ යුතු ය.
- ස්වාමියා හා බිරිද සම්බන්ධයෙන් දීග විවාහයකදී නම් ස්වාමියා විසින් ද, බින්න විවාහයකදී නම් බිරිද විසින් ද පෝෂණය කළ යුතු ය.
- දීග විවාහයක දියණියක් විවාහය අතහැර නැවත මුල් නිවසට පැමිණ පසු ඇයව දෙමාපියන් හෝ වැඩිමහල් සහෝදරයන් විසින් ද
- 1999 පනත මෙන්ම උඩරැටියන්ට පමණක් සීමා වූ අනෙකුත් ප්‍රතිකර්මද නඩත්තු සම්බන්ධව අදාළ කර ගත හැකිය.
- බොහෝ විට 1938 උඩරට නීතිය ප්‍රකාශ කිරීමේ හා සංශෝධනය කිරීමේ පනත අදාළ වේ.
- උඩරට නීතිය යටතේ පවතින තවත් අවස්ථාවක් වන්නේ ස්වාමියා අන්තිම කැමති පත්‍රයක් රහිතව මිය ගිය විට ස්වාමියාගේ පරවේණි
මේ ආකාරයට ලංකාවේ නඩත්තු සම්බන්ධයෙන් පවතින නීතිය දැක්විය හැකිය.
බාහිර සබැදි
- 1999 අංක 37 දරන නඩත්තු පනත

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home