3 Nov 2011

රත්නපුරේ නිල් මැණික කෝටි 4කට විකිණෙයි


ක්‍රාත් 790 ක් බරැති නිල් ගෙවුඩයක් රුපියල් හාර කෝටි එකොලොස් ලක්ෂයකට පෙරේදා (01) වෙන්දේසි වූ බව රත්නපුරෙන් වාර්තා විය.
ජාතික මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය සංවිධාන කළ ප්‍රදර්ශනයේ පැවැති වෙන්දේසියේදී මෙම මැණික අලෙවි කෙරුණි. බලපත්‍රලාභී එන්.එම්. පොඩි මහත්තයාට අයත් නිල්ගෙවුඩය රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයකට එදිනම අළෙවි වී තිබේ. මේ මැණික් වෙන්දේසියේ අරමුණ අතරමැදියන්ගෙන් තොරව උපරිම මිලක් ගැනුම්කරුවාට ලබාදීම බව පරිසර ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පැවැසීය.
මාසයකට වරක් මෙවැනි වෙන්දේසි පැවැත්වීමට කටයුතු කරන බව කී ඇමැතිවරයා වටිනාකම් ඇති මැණික් සඳහා නියම මිලක් මෙමඟින් ලබාදිය හැකි වන බවද කීය.
අධිකාරියේ පරීක්ෂා කිරීම්වලට යටත්ව සිදුවන මේ වෙන්දේසියට ව්‍යාජ මැණික් ඉදිරිපත් කළ නොහැකි වන අතර ඇඹිලිපිටිය , බිබිල, බේරුවල, ඔක්කම්පිටිය, කුරුවිට , රත්නපුර වැනි ප්‍රදේශවලින් මැණික් වෙළෙඳුන් මෙන්ම ගැණුම්කරුවන්ද පැමිණ සිටියේ ය. රුපියල් කෝටි 10 ක් පමණ වටිනා මැණික් ගල් මේ වෙන්දේසියට තබා තිබූ අතර බලපත්‍රලාභීන් 08 දෙනෙකු ඉදිරිපත්ව සිටියහ. ගෙවල්වල මෙන්ම පුද්ගලික ස්ථානවලදී මැණික් විකිණීම මෙන්ම මිලදී ගැනීම සිදුවන අතර මේ වෙන්දේසිය මගින් විශාල පිරිසකට එක්වර සහභාගී වීමට හැකි වූ බව පැමිණ සිටි ව්‍යාපාරිකයන් පැවැසූ හ.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home