31 Oct 2011

කටින් දුඟදක් හමනවාද?. මහත් වූ මානසික ‍වදයක්ද?





මුඛයෙන් දුඟදක් හමන බව බොහෝ දෙනා පවසතත්, සමහර අයගේ ඇත්තටම දුඟදක් නැත. උදෑසන අවදී වූ විගස හෝ ආහාර කැබලි දත් අතර සිරවූ විටක කාගේ වූවද කට ගඳ ගැසීමට පුළුවන. රෝගියා පරීක්ෂා කර ඇත්තටම දුඟදක් නැතිනමු ඔහු අස්වැසීම ප්‍රමාණවත්ය.

            මුඛයෙන් දුඟද හැමීමට මුඛ රෝග, සර්වාංග රෝග මෙන්ම සමහර බෙහෙත් වර්ගද හේතු විය හැක.

මුඛ රෝග

q    නරක් වූ කුහර සහිත දත්
q    ඛේට ශ්‍රාවය අඩු වීම.
ඛේටය මුඛ සෞඛ්‍යය පවත්වා ගැනීමට උදව් වේ. එහි දියර ‍ස්වාභ‍ාවය නිසා අපද්‍රව්‍ය සේදී යයි. එහි විෂ බීජ නාශක ශක්තියක්ද ඇත. ඛේටය අඩුවූ විට විෂ බීජ වර්ධනය වී දත් අතර සිරවූ ආහාරවල ඇති ප්‍රෝ‍ටීන බිඳ දමා ගඳ ගසන වායු නිපදවයි.

ඛේටය ස්‍රාවය වීම අඩු වීමට නොයෙකුත් හේතු ඇත. නින්දේදී සහ මානසික ආතතිය වැඩි වූ විටද කාටත් මෙය සිදුවිය හැක. සමහර ලෙඩ රෝගවලදී ද ඛේටය අඩු වේ. (වකුගඩු හෝ හෘදය ක්‍රියාකාරිත්වය අඩුවීම, මුඛ පිළිකාවකට විකිරණ ප්‍රතිකාර ලබාදීම.)
q    මුඛයේ තුවාල සෙම්ගෙඩි ප්‍රදාහය, විදුරුමස් දියවීම යනාදියද, කට ගඳ ගැසීමට හේතු‍ෙව්.
q    පීනස නිසා නාසයේ සෙම නරක් වූ විටද හුස්ම ගන්නවිට ගඳක් දැනේ.

සර්වාංග රෝග :

q    දියවැඩියාව
q    අක්මා රෝග
q    වකුගඩු රෝග
q    පෙනහලු රෝග නිසා පෙනහලුවල නරක්වූ සෙම එකතු වීම.
q    ආමාශයික වන (ගැස්ට්‍රයිටීස්)
q    ආමාශයෙන් කොටසක් උරස් කුහරය දෙසට තල්ලුවීම නිසා නොදිරවූ ආහාර ගලනාලය දෙසට තල්ලුවීම නිසා නොදිරවූ ආහාර ගලනාලය දෙසට ගලා ඒම. (Hiatus Hernia)

කට ගඳ ගැසීම ඇති කරන බෙහෙත් වර්ග:

q    ප්‍රතිජීවක නිසා මුඛයේ ඇති හිතකර බැක්‍ටීරියා විනාශ වී අහිතකර ඒවා වර්ධනය වී කට ගඳ ගැසීමට පුළුවන.

q    සමහර බෙහෙත් නිසා ඛේටය ස්‍රාවය වීම අඩු වී කට ගඳ ගැසීමට පුළුවන.

q    සමහර බෙහෙත් වර්ග පෙනහලු තුලින් වාතයට ගමන් කරන විට දුගඳක් හැමීමට පුළුවන.
උදා: මධ්‍යසාරය

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home