ආදරය බොළඳ සංකල්පයක්ද?
බොළඳ හැඟීම්ආදරය යනු බොළඳ හැඟුම් පිරි මංජුසාවක් යන්නැයි කියන්නේ ආදරය විකිණීමට ඉදිරිපත් වන්නෝය. ආදරය කිරීමත් ආදරයට ගෞරව කිරීමත් සැබෑ ආදරවන්තයින්ගේ ජීවිතයට සමීප දෙයකි. ආදර සම්බන්‍ධයක් ගොඩ ගැනීමේදී මමය මාගේය යන හැඟීම ඉස්මතු කරමින් තෙපලන වදන්වල ඇති බොළඳත්වය ඉතා හොඳින් අපට පසක්වන සත්‍යයකි. ආදරය පුළුල් පරාසයක් පුරා දිවයන සංකීර්ණ සංකල්පයක් බව පෙනේ.ආදරයට මුහුණු දෙකක් ඇත. එකක් නම් ලිංගිකාදරයයි. අනෙකනම් පිරිසුදු අධ්‍යාත්මයෙන් නැගෙන්නාවු අකලංක ආදරයයි. ආදරය ජීවිතයේ සැබෑ පැවැත්මට උපකාරී වෙයි. මිනිසාට දිගාසිරි විඳීමටත් රූපසොබාව වැඩිවීමටත්, යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් ආදර සංකල්පය උපකාරීවෙයි.
වානිජවාදී කලාවආදරයෙන් විහීත මිනිසා ඇවිදින මළමිනියක් වැන්න. ජීවිතයට ආදරය නොලැබුණු විට මිනිසාගේ ස්නායු පද්ධතිය ප‍්‍රකම්පනයට පත්වෙයි. මිනිසා හුදකලා වී ඒ හුදකලාවෙන්ම ඔහුගේ මරණයද ඉක්මන් වනු ඇත. ආදරයට බොළඳත්වය ආරෝපණය කිරීම සිදුවුයේ වාණිජවාදී කලාව හරහාය. වාණිජවාදී කලාව ලොවපුරා පැතිරීමත් සමඟම ආදර සංකල්පයට අතිශය බොළඳ අදහස් ඇතුළු කරනු ලැබිණි. මෙසේ ආදරයට බොළඳත්වය ඇතුළු කිරීමත් සමඟම සිය වාණිජවාදී කලාකෘති විකුණා ගැනීමට කලාමුදලාලිලා උත්සුක වූහ. වාණිජවාදී කලාකෘතිවලින් පෙන්වන බොළඳ ආදරය ලෝකයේ ඇති විශිෂ්ටතම ආදරය සංකල්පයයැයි අපේ යෞවන යෞවනියෝ සිතා සිටිති. මේ මුලාව නිසාම ඔවුහු ජීවිත ගමනේ අතරමංව ඕපපාතිකයන් බවට පත්ව සිටිති.විවිධ කර්මාන්තශාලාවලත්, කාර්යාලවලත් දුක්විඳිමින් මිනිසා නිපදවන නිෂ්පාදන වැඩි ප‍්‍රමාණයක් තම ආදර වන්තියන් සඳහා තිළිණ දීමටම ඇති ඒවාය. මෙය මිනිස් සංහතියේ පැවැත්ම ඇරැඹුණු දා සිට පැවත එන්නකි. මිනිසා දිවා රෑ වෙහෙසෙමින් කර්මාන්තශාලාවල දුක්විඳින්නේ ආදර තිළිණ නිපදවීමේ පරමාර්ථයෙනි. ලෝක නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක්ම ආදරවන්තියන් වෙනුවෙන් නිපැයුණු භාණ්ඩ වේ. ගැහැනිය සතුටට පත් කිරීම සඳහා බලය හා පෞරුෂය අත්පත් කර ගැනීමට මිනිසා මහත් වෙහෙසක් දරයි.
ජීවන සංකල්පලෝකයේ මිනිසා නිපදවන සෑම නිෂ්පාදනයක්ම කේන්ද්‍රවන්නේ මිනිසාගේ ආදර වන්තිය වෙතය. ඈ සතුටු කිරීමටත් ආදරය දිනා ගැනීමටත් මිනිසා ග‍්‍රහලෝක පවා තරණය කරනු ඇත.ආදරයේ අපරිමිත හැඟුම් මිනිසා තුළින් ඉස්මතුවෙද්දී සිය වජ‍්‍ර බුද්ධිය මෙහෙයවා ආදරය දිනා ගැනීමට මිනිසා පොළොව මත මහ සටනක් කරයි. පවුල් කුටුම්බයේ ආදරය රඳවා ගැනීමට මිනිසා නිෂ්පාදන කි‍්‍රයාවලියට සම්බන්‍ධ වනු ඇත. ඔහු ධනබලය සඳහා සටන්වදිනු ඇත. මිනිසාගේ පැවැත්ම පවුල් කුටුම්බයේ ආදරය තුළ ඒකරාශිව පවතියි.අසිරිමත් හිරු එළිය මෙන්ම දිලී ගලා හැලෙන චන්ද්‍රකිණිය මෙන්ම ආදරය යනු පිරිසුදු ජීවන සංකල්පයකි. මිනිසාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ ප‍්‍රබෝධයක් අසීමිත ආදර බැඳීම් නිසා සිදුවන බවත් මිනිසාගේ දෛනික කටයුතු පවා ප‍්‍රබෝධමත් වන බවත් බටහිර වෛද්‍යවරු පවසති. ලිංගිකාස්වාදයෙන් පිරි ආදරය යනු කායික ආදරයයි. මෙයින් කාසික සන්තර්පනය පමණක් ඉස්මතු කැරේ. ලිංගිකාදරය ලිංගිකාශාවන් තිබෙන තුරු පමණක් පවතිනු ඇත. එහෙත් අධ්‍යාත්මික පාරිශුද්ධතාවෙන් පිරි ආදරය මිනිසා මිය යන මොහොත දක්වාම පවතින සංකල්පයකි. මියෙන මිනිසකුගේ මරණය පමා කිරීමට තම අතීත ආදර සැමරුම් පවා උපයෝගී වෙයි. ජීවිතාශාව වඩාලීමට ආදරය දිව ඔසුවකි. ජීවිතාශාවෙන් තොරවීම ජීවිතය කෙටිකරන අතර ආදරය නිසා ජීවිතාශාවන් ජීවත්වීමේ මහඟු ඵලයක් මිනිසා වටහා ගනී.මිනිස් සංහතියේ පැවැත්ම තීරණය වන්නේ මිනිසා මිනිසාට දක්වන ආදරයේ තරම අනුවය. පොළොව මත කෙටිකාළීන ජීවිතයේ මිනිසා ලබන ජීව ප‍්‍රහර්ෂය, නම් ආදරය කිරීමයි, ආදරය ලබා ගැනීමයි, ආදරය විඳීමයි. ඒ නිසා ආදරය යනු බොළඳ සංකල්පයක් නොව ගැඹුරින් තේරුම් ගතයුතු ප‍්‍රගර්ෂවත් ජීව ප‍්‍රතිභාවකි. ජීව ප‍්‍රවාහයකි.ගිම්ගිහිණි කල මල් පිපෙන්නේ මිනිසාගේ ආදර සංකල්පයටද ආශිර්වාද කරමිනි. සොබා දහමත් මිනිසාට තම වර්ගයාට ආදරය කිරීමට විස්මිත ශක්තිය ලබාදෙයි. මේ යථාර්ථය විනාශ කොට ආදරයට බොළඳ, තොදොල්දේ ඇතුළු කොට ආදර සංකල්පය විනාශ කරන්නේ වානිජ ලෝකයේ අතරමං වු ගන්ධබ්බයෝය. ඔබ ආදරය කරන්න එය හිරුවගේ ගාම්භීර බවත් විල්දියවගේ නිසල බවත් සිතන්න. ඔබ සැබෑ ආදරවන්තයකු වනු ඇත.

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home