22 Oct 2011

3 G තාක්ෂණයෙන් පසුව ජංගම දුරකතනයේ අනාගතය


අප සතුව ඇති මේ බහුකාර්ය කුඩා උපකරණයේ අතීතය වර්තමානය සහ අනාගතය පිළිබඳ ඩයලොග් ටෙලිකොම් ආයතනයේ මූූලික ජාල සම්බන්ධීකරණ සහ ජාල මෙහෙයුම් ප‍්‍රධානී ප‍්‍රදීප් ද අල්මේදා මහතාගෙන් විමසීමු. මේ ඒ මහතා සමඟ කරන ලද සංවාදයේ සටහනකි.අතීතයේ අපේ ආදිතමයින් බෙර ශබ්දයෙන් හෝ හූ හඬකින් ඔවුනොවුන් අතර පණිවුඩ හුවමාරුව සිදුකරද්දී වර්තමානයේ පණිවුඩ හුවමාරු තාක්ෂණය ගැන හීනෙනුදු නොසිතෙන්නට ඇත. තොරතුරු තාක්ෂණයෙන් මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්වෙද්දී දුරකතන හා සැබැදුණු සන්නිවේදන තාක්ෂණයද ඊට නොදෙවෙනි ආකාරයෙන් විවිධ කඩඉම් පසුකරමින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වෙමින් අනාගතය කරා වේගයෙන් ගමන් කරමින් සිටියි.දුරකතන සන්නිවේදන ක්‍ෂේත‍්‍රයේදී ආදිතමයා වූ ස්ථාවර දුරකතනවලට වඩා වර්තමානයේ ජංගම දුරකතන සෙවා ඉහළ දියුණුවක් ලබා තිබේ. මෙහිදී ස්ථාවර දුරකතනවලට වඩා ජංගම දුරකතන අතිවිශාල ප‍්‍රමාණයක් ලොව පුරා සංසරණය වෙමින් පවතී. එය රැගෙන යාමේ පහසුව, භාවිතයේ පහසුව විලාසිතා භාණ්ඩයක් ලෙස ඉක්මණින් අවශ්‍ය කෙනකු හා සම්බන්ධවීමේ හැකියාව සේම වර්තමානයේ පරිගණකයේ සහාය ලබාගෙන සිදුකළ යුතු අන්තර් ජාලයේ සැරිසැරීම ඊමේල් පණිවිඩ යැවීම රූපවාහිනී නැරැඹීමේ හැකියාව ගුවන් විදුලියට සවන්දීමේ හැකියාව, කී‍්‍රඩා, ගීත සහ සංගීතය ශ‍්‍රවණය කිරීමේ හැකියාව පවතී. තවද විවිධ දත්ත හුවමාරු කර ගැනීමද එමඟින් සිදුකර ගත හැකිය.ආරම්භයේ දී ඇනලොග් තාක්ෂණයෙන් සමන්විත ගඩොලක් තරම් වූ ජංගම දුරකතන අද ඩිජිටල් (අංකිත) තාක්ෂණයෙන් සන්නද්ධව අත්ලේ සඟවා ගත හැකි ප‍්‍රමාණයට කුඩා වී ඇත. ජංගම දුරකතන කෙතරම් ප‍්‍රමාණයේ කුඩා වුවද එහි ඇති සන්නිවේදන බලය සහ විවිධාකාර නවීන පහසුකම් නම් ක‍්‍රම ක‍්‍රමයෙන් වර්ධනය වනවා මිස අඩුවක් නම් සිදු නොවේ.
ජංගම දුරකතන තාක්ෂණයේ නවතම පෙරැළිය වන තී‍්‍ර ජී (3G- 3rd Generation) තාක්ෂණය නැතහොත් තුන්වන පරම්පරාවේ ජංගම දුරකතන තාක්ෂණය මේ වන විට ලංකාව තුළ කි‍්‍රයාත්මක වෙමින් පවතී. 3G යන චචනය සේම එම තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා නොදන්නා බව කරුණු විමැසීමේදී හෙළි වී ඇත.ශී‍්‍ර ලංකාවේ ජංගම දුරකතන සේවා සපයන ආයතනයක් කොළඹ හා ඊට තදාසන්න ප‍්‍රදේශයන්හි මීට වසරකට පෙර 3G සේවාව අත්හදා බැලීම් සිදු කළේය. ඊටපසුව මීට මාස ගණනකට ඉහතදීත් නැවැත 3 G සේවාව පිළිබඳ අත්හදා බැලීමක් කළ එම ආයතනය මේ වන විට සාර්ථක ලෙස ඉහත ප‍්‍රදේශ වෙත 3 G  සේවාවන් ලබාදෙමින් සිටියි.3 G ගැන පමණක් නොව ජංගම දුරකතන භාවිත කරන්නන් අතිබහුතරයක් ජංගම දුරකතන සේවා පිළිබඳ නොදනිති.ලොව ජංගම දුරකතන සේවාව ආරම්භ වූයේ ඇනලොග් තාක්ෂණයෙනි. මෙම ඇනලොග් තාක්ෂණය කතාබහ කිරීමේ හැකියාවෙන් පමණක් සමන්විත වූ අතර කිසිදු ආකාරයක දත්ත සම්පෙ‍්‍ර්ෂණ හැකියාවක් නොවීය. මෙය නිදසුනකින් පැහැදිලි කළහොත් ලංකාව තුළ ඇනලොග් ජංගම දුරකතනයක් භාවිත කරන්නකුට ඉන්දියාවේදී තමන් ගේ ජංගම දුරකතන අංකයෙන් (Roaming)  දුරකතන ඇමැතුමි ලබා ගැනීමේ හැකියාවක් නොවීය. තවද ඇනලොග් තාක්ෂණයේදී ආරක්ෂිතභාවය සහ රහස්‍යභාවය අවම තත්ත්වයක විය. මෙම කාලසීමාව ජංගම දුරකතන ක්‍ෂේත‍්‍රයේ පළමු වැනි පරම්පරාව ලෙස හැඳීන්වෙයි.පළමුවන පරම්පරාව පැවැති දුර්වලතා මගහරවා ගනිමින් ඩිජිටල් තාක්ෂණය සමඟින් දෙවැනි පරම්පරාව (2 G-2nd Generation)කරළියට පැමිණියේ ජී.එස්.එම්. තාක්ෂණය සමඟිනි. ජංගම දුරකතන තාක්ෂණයේ මෙම දෙවන පරම්පරාවේදී වැඩි අවධානය යොමු වූයේ දත්ත සන්නිවේදන සඳහාය. 2 G තාක්ෂණයේදී ජී.පී.ආර්. එස්. සහ රූපවාහිනී නැරැඹීමේ හැකියාව ලැබුණි. එහෙත් එක් සංඛ්‍යාතයකට (Frequency) රඳවාගත හැකි පාරිභෝගිකයන්ගේ ප‍්‍රමාණය අවමවීම, මෘදුකාංග කි‍්‍රයාකරවීම සහ බරින් වැඩි දත්ත සම්පෙ‍්‍ර්ෂණය කිරීමට අපහසු වීම වැනි කරුණු මෙම 2 G තාක්ෂණයේ අවාසි ලෙස දැක්විය හැකිය.
ලෝකයේ තොරතුරු තාක්ෂණය දියුණුවීමත් සමඟම ජංගම දුරකතනද කුඩා පරිගණක බවට පත් කරලීමට විද්‍යාඥයනට අවශ්‍ය විය. එවක පැවති 2G ජංගම දුරකතන තාක්ෂණයෙන් කිසිදු බාධාවකින් තොරව කතාබහේ යෙදීමට හැකි විය. නමුත් තොරතුරු තාක්ෂණය හා තරඟ කිරීමට අවශ්‍ය විශාල සහ වේගවත් දත්ත හුවමාරුව 2 G තාක්ෂණයේ නොවීය. මේ සඳහා කෙරුණු පර්යේෂණවල ප‍්‍ර‍්‍රතිඵලයක් ලෙස 3 G තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේය.3 G තාක්ෂණයෙන් සම්පෙ‍්‍ර්ෂණය කළ හැකි දත්ත ප‍්‍රමාණය ඉතා ඉහළ අගයක් ගනී. 3 G  තාක්ෂණයෙන් ටෙලිමෙඩිසින්, රූපවාහිනී නැරඹීමේ හැකියාව, අන්තර්ජාලයේ සැරිසැරීමට  ගීත බාග (Download) ගුවන් විදුලිය ශ‍්‍රවණ්‍ය කිරීම සේම විවිධ පරිගණක වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමේ හැකියාව ඇත. මේ සියලු වැඩසටහන් ඔබේ ජංගම දුරකතනයේ කි‍්‍රයාත්මක කිරීමට හැකියාව ලැබී ඇත්තේ වේගවත් දත්ත සම්පෙ‍්‍ර්ෂණ හැකියාව නිසා ය.3 G තාක්ෂණය සමඟ පැමිණි සුවිශේෂී තාක්ෂණ පහසුකමක් වන්නේ වීඩියෝ සංවාදවල (Video Call) යෙදීමේ හැකියාවයි. එනම් 3 G ජංගම දුරකතන දෙකක් අතැති පුද්ගලයන් දෙදෙනකුට 3 G පහසුකම් තිබෙන ඕනෑම ස්ථානයක සිට සජීවීව රූප සහ ශබ්ද සමඟින් කතාබහ කළ හැකි වීමයි. 3G පහසුකම යටතේ අන්තර් ජාලයට සම්බන්ධ වී චිත‍්‍රපට නැරඹීමේ හැකියාව ද පවතී.දැනට ලංකාවේ කි‍්‍රයාත්මක වන 3 G  තාක්ෂණය යටතේ මෙරට රූපවාහිනී නාලිකා බොහොමයක් ඉතා පැහැදිලිව නැරඹීමට හැකියාව ලැබී තිබේ.ශී‍්‍ර ලංකාව වැනි රටවල 3 G තාක්ෂණයේ අරුමය විඳ ගැනීමට අතිබහුතරයකට අපහසු වී ඇත්තේ 3 G තාක්ෂණය සමඟ පැමිණෙන වෙනම දුරකතනයක් මිලදී ගැනීමට සිදුවන නිසාය. 3G තාක්ෂණය යනු වීඩියෝ සංවාදවල පමණක් යෙදීමේ හැකියාව යැයි සමහර අය විශ්වාස කරයි. එය 3G තාක්ෂණයේ වේගවත් දත්ත සම්පෙ‍්‍ර්ෂණය හා පැමිණි එක් පහසුකමක් පමණි. නමුත් මෙම පහසුකම 3 G  දුරකතන භාවිත කරන්නන් අතර ජනපි‍්‍රයවීමට මේ පහසුකම ඉවහල් වී ඇත. 3 G තාක්ෂණය සහිත ජංගම දුරකතනවල ඒ සඳහා සුවිශේෂත්වයක් පවතී.ඔබට වීඩියෝ සංවාදවල සාර්ථකව යෙදීමට අවශ්‍ය නම් ඔබ 3 G ජංගම දුරකතනයක් මිලදි ගනිද්දී ඉදිරිපස සහ පසුපස කැමරා 2 කින් සමන්විත ජංගම දුරකතනයක් මිලදි ගත යුතුවේ. එය සජීවී දර්ශනයක් තවකුට ලබාදීමේදී වඩාත් සාර්ථක වන්නේ ඉදිරිපස මෙන්ම පසුපස දර්ශනද ලබාදිය හැකි වීමයි. නැතහොත් එක් කැමරාවක් පමණක් තිබේ නම් ඔබට ඉදිරි දර්ශන ලබාදීමට කැමරාව පිටුපසට හැරවීමට සිදුවේවි. එවිට ඔබ ලබාදෙන දර්ශන නිවැරදි ඒවා දැයි ඔබට ඔබේ දුරකතනයෙන් බලාගත නොහැකි වෙයි.ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින චීනයේ සහ දකුණු ආසියාවේ බලවතා වන අපේ අසල්වැසියා සේම තොරතුරු තාක්ෂණයේ අතිශය දියුණුවක් ලබා සිටින ඉන්දියාවේ පවා තවම 3G  තාක්ෂණයට මුලපුරා නොමැත.
3 G මුළු ලොවටම පොදු තාක්ෂණය ලෙස භාවිත කිරීමට තාක්ෂණඥයන් උත්සාහ කළේය. නමුත් තාක්ෂණයේ බලවතුන් ව සිටින යුරෝපය සහ ජපානය ඔවුනොවුන්ට ම සතු වූ තාක්ෂණ ක‍්‍රමවේදයන් භාවිත කරනු ලබයි. එනමි 3 G තාක්ෂණයට සමාන වන UMTS තාක්ෂණය සහ CDMA 2000 තාක්ෂණය යුරෝපයේ සහ ජපානයේ භාවිත කරනු ලබයි.3 G තාක්ෂණය සමඟ පැමිණි HSDPA (High Speed Download Packet Access)  තාක්ෂණය මඟින් තත්පරයකට මෙගාබයිට 3.6 ක වේගයෙන් දත්ත බාගත කළහැකි වෙයි. මෙගාබයිට් 3.6 ක ප‍්‍රමාණයෙන් දත්ත සමපෙ‍්‍ර්ෂණ ය (භාගත) කළ ද දත්ත සම්පෙ‍්‍ර්ෂණ (Upload) ඊට වඩා අඩුවේගයක පැවැතුණි. මෙම දුර්වලතාව මගහරවා ගැනීම සඳහා හඳුන්වා දුන් තාක්ෂණය වූයේ HSUPA (High Speed Uplink Packet Access) තාක්ෂණයයි.1 වන හා 2 වන පරම්පරාවන් පසුකර ජංගම දුරකතන තාක්ෂණය 3 වන පරම්පරාවට පිවිස ඇත. එහි අනාගතය 3 G තාක්ෂණයෙන් පසු කුමන තාක්ෂණ ක‍්‍රමවේදයක් බිහිවනු ඇත්දැයි, සමහරුන් තුළ සැකයක් ඇති ව තිබිය හැකිය. 3 G තාක්ෂණයේ අනාගතය වන්නේ දත්ත සම්පෙ‍්‍ර්ෂණ වේගයෙන් වර්ධනය වීමයි. ඒ අනුව දැනට තත්පරයකට මෙගාබයිට 3.6 ක වන දත්ත සම්ප්‍රේෂණ වේගය අනාගතයේදී මෙගාබයිට 14.4 දක්වා වේගවත් වනු ඇත. මෙම දත්ත සම්පෙ‍්‍ර්ෂණ වේගයත් සමඟින් දැනට 3G තාක්ෂණයේ මතුව ඇති අවහිරතා මගහැරී යනු ඇත.
නිදසුනක් දක්වතොත් දැනට පවතින 3G තාක්ෂණයේදී සජීවී වීඩියෝ සංවාද දර්ශනයන්හී රූප සංඥා ලැබෙනුයේ තප්පර ගණනක ප‍්‍රමාදයකිනි. එයට හේතු වන්නේ දත්ත සම්පෙ‍්‍ර්ෂණ වේගය අඩුවීමයි. අනාගතයේදී වැඩිවන දත්ත සම්පෙ‍්‍ර්ෂණ වේගය සමගින් මෙම දුර්වලතා මගහැරී යනු ඇත. එමඟින් දැනට පවතින සහ ඉදිරියේදී නිර්මාණය වන මෘදුකාංගද වේගවත්ව කි‍්‍රයාත්මකවීමට හේතු වනවා ඇත. තවද පරිගණක හා ජංගම දුරකතන සමාන තලයකට පැමිණීමටද අනාගත 3G තාක්ෂණය හේතුවනවා නොඅනුමානය.


0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home