යුනෙස්කෝ ලෝක උරුම අඩවිය (මහනුවර)
මහනුවර
| මහනුවර | |
|---|---|
| Kandy lake and city centre | |
| Nickname(s): නුවර | |
| Motto: Loyal and Free | |
| රට | |
| පළාත | Central Province |
| දිස්ත්‍රික්කය | Kandy District |
| සෙංකඩගලපුර | ~1480 |
| මහනුවර මහනගර සභාව | 1865 |
| Government | |
| - නගරාධිපති | Duminda Wickremasinghe |
| Population (2001) | |
| - Total | 110,049 |
| - Density | 57/km2 (147.6/sq mi) |
| Time zone | Sri Lanka Standard Time Zone(UTC+5:30) |
| - Summer (DST) | Summer time (UTC+6) |
| Website | www.kandycity.org |
ඉතිහාසය
ස්ථාපනය
ඓතිහාසික ලේඛනයන්ට අනුව මහනුවර මුල්වරට ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374). ඔහු මෙය වර්තමාන නගරයට උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට 'සෙංකඩගලපුර' යන නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ 'සෙංකන්ඩ' නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ 'සෙංකන්ඩ' නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන නම් කරන්නට ඇති බව අනෙක් මතය යි.මහනුවර රාජධානිය
1592 වර්ෂයේ දී මහනුවර ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියෙහි අග නගරය බවට පත් විය. 16, 17, 18 යන ශත වර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින 'උඩරට ගිවිසුම' මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය. ඉන්පසු බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව සිදු වූ අරගල ගණනාවක ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 4 දින මහනුවර ඇතුලු ශ්‍රී ලංකාව නැවතත් ස්වධීන රාජ්‍යයයක් බවට පත් විය.සංස්කෘතිය
ලෝක උරුම නගරය
| පූජනීය මහනුවර නගරය* | |
|---|---|
| යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
|
|
|
| රට | |
පුරාණේ භාවිතා කළ නාමය
ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර
මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු
- දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඥාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
- කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැතිව රජවීම
- දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව නාමිකව රජවීම)
- Iවන විමලධර්මසූරිය රජ: 1591-1604
- සෙනරත් රජ (සේනාරත්න): 1604-1635
- රාජසිංහ 2: 1629-1687
- විමලධර්මසූරිය 2: 1687-1707
- ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු: 1707-1739
- විජය රාජසිංහ: 1729-1747
- කීර්ති ශ්‍රී රාජසිංහ: 1747-1782
- රාජාධි රාජසිංහ: 1782-1798
- ශ්‍රී වික්‍රම රාජසිංහ: 1798-1815
වැදගත් ස්ථාන
- ශ්‍රී දළදා මාලිගාව
- බෝගම්බර වැව
- පේරාදෙණිය උද්භිද උද්‍යානය
- මහනුවර ජනාධිපති මන්දිරය
- පේරාදෙණිය විශ්වවිද්‍යාලය
- අස්ගිරිය අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටිය
- රැජිණ හෝටලය
- මහනුවර සිටි සෙන්ටර් (මෙය මහනුවර නගරයට අලුතින් ම එකතු වු ස්ථානයකි. මෙහි ගෘහනිර්මාණ ශිල්පය ඉතා සුවිශේෂි එකකි)

0 Comments:
Post a Comment
ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....
Subscribe to Post Comments [Atom]
<< Home