24 Sept 2011

හිසරදය

හිසරදය යනු හිසෙහි ඇතිවන වේදනාවයි. ඇතැම්විට බෙල්ලෙහි හෝ කොන්දෙහි උඩ කොටසෙහි වේදනාවද හිසරදය ලෙස හැදින්වේ. මෙය මිනිසුන් අතර බහුලවම දක්නට ලැබෙන අතර ඇතැමුන්ට නිතරම පාහේ හිසරදය හටගනී.
බොහෝ අවස්ථාවලදි මෙය බැරෑරුම් තත්වයක් නොවන අරත එය කෙටි කාල සීම‍ාවකට පමණක් සිමා වේ. හිසරදය ඇතිවීම සදහා ප්‍රධාන හේතුවන්නේ මානසික අතාතිය, ඉරුවාරදය , ඇස් වෙහසවා කටයුතු කිරීම , විජලනය , රුධිරයේ සීනි මට්ටම පහත යාම ,සහ කෝටර ප්‍රදහයයි. ජීවිතයට අවදානමක් එල්ල කරන හිරදය ඇති කරන දුර්වභ හේතුවන්නේ මො‍ළේ උණ , මෙනින්ජි ප්‍රදාහය, මොළයට රුධිරය සපයන රුධිර වාහිනී වල අසාමාන්‍යතා, අධි රුධිර පීඩනය හා ‍මොළේ ඇතිවන පිළිකාවන් නිසාය. හිසට ඇතිවන අනතුරක් නිසා හිසරදය ඇතිවන අවස්ථාවන්හදී හිසරදයට හේතුව ‍පැහැදිලිය. කාන්තාවන් බහුතරයක් තුල හිසරදය ඇතිවීමට හේතුව ඔවුන‍්ගේ මාස් ශුද්ධිය ඇතිවන කාලවලදි සිරුර තුළ ඊස්ට්‍රජන් නම් හෝමෝනයේ සිදුවන වෙනස් වීමයි. මෙය ඔසප් වීමට පෙර හෝ ඔසප් චක්‍රය අතරතුර ඇති විය හැකිය.
සංකූලතා ඇති නොකරන සාමාන්‍ය හිසරදයක් සදහා වේදනා නාශකයක් වන ඇස්ප්‍රීන් , පැරසිටමෝල් හෝ ඉබියුප්‍රොෆෙන් භාවිතා කළ හැකි අතර ඉරුවාරදය වැනි විශේෂිත අවස්ථාවන්හිදී ඒ සදහා වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමයන් භාවිතා කළ යුතු වේ. හිසරදය ඇතිවු අවස්ථාවකදී එසේ වීමට හේතු සාධක වු මානසික ආතතිය හෝ ඇතැම් ආහාර වර්ග හෝ වෙනයම් සාධකයක් ඇති නම් එය හදුනාගැනීම වැදගත් වන්නේ ඊළග අවස්ථාවේදී එම හේතු කාරකයයන් ම හරවා ගැනීමට හැකියාව ඇති බැවිනි.

ප්‍රතිකාර ක්‍රම

සියලුම හිසරදයන් සදහා වෛද්‍ය ප්‍රතිකාර ගැවීම අත්‍යවශ්‍ය නොවේ. ඒවායින් බහුතරයක් පැරසිටමෝල් , ඇස්ප්‍රීන් හෝ ඉබුයුප්‍රොෆෙන් වැනි සරල වේදනා නාශකයන් සදහා ප්‍රතිචාර දක්වයි.
හේතුවක් නොමැතිව නිතරම හිසරදය ඇතිවන අවස්ථාවන්හිදී හිසරදය ඇතිවන වේලාව කුමන ආකාරයේ හිසරදයක්ද යන්න ඒ හා ආශ්‍රිතව ඇතිවන අනිකුත් රෝග ලක්ෂණ හ එම හිසරදය තව දුරටත් වැඩි කරන සාධක මොනවාද යන්න සදහන් කරමින් දිනපොතක් පවත්වාගෙන යාම වෛද්‍යවරුන් විසින් අනුමත කොට ඇත. මෙමගින් එය කිනම් විශේෂිතවු ආකාරයකින් ඇතිවන්නේද යන්‍න පිළිබදව අවබෝධයක් ලබාගත හැකිය. උදාහරණයක් ලෙස සමහර ඖෂධ , ඔසප් වීම, ඇතැම් ආහාර හෝ හේතුවක් නොමැතිව වුවද හිසරදය ඇතිවෙයි. 2007 මාර්තු මාසයේදී වෙනස් සමීක්ධණ කණ්ඩායම් දෙකක් මගින් සිදු කරන ලද පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඉලෙක්ට්‍රෝඩ දෙකක යොදා ගෙන සිදු කරන මොළය උත්තේජන කිරීමක් මගින් පොකුරු හිසරදයට (Cluster headaches) සහනයක් ලබාගත හැකිය.

වලකවා ගැනීම

ඉරුවාරදයෙහිදී ඇතිවන හිසරදය වලක්වා ගැනීමේ ප්‍රතිකර කුම ඇත. දිගු කලීනව වේදනා නාශකයන් භාවිතා කිරීම මෙහිදී දිරිමත් නොකරන අරත මෙමගින් ඖෂධ භාවිතයේන වැලකුණු පසුව නැවතත් හිසරදය සෑදීමත සිදුවිය හැකිය. ඉරුවාරදයේ උච්චතම අවස්ථාවන් වලදී ඇතැම්විට රුධිරවාහිනී සං‍කෝචනය කිරීමත් සිදුකරනු කැෆේන් අන්තර්ගත පානයන් ඖෂධ වර්ගයන් සමගම භාවිතයට ගැනීම අනුමත කෙ‍ෙර්. මෙමගින් කැෆේන් සහිත වේනා නාශකයන් ඇතිවීම කෙරෙහි අවදනයක් යොමුවී ඇත. Feverfew ඉරුවාරදය සදහා භාවිතාවන ජනප්‍රිය ශාකසාර ඖෂධයකි. මැග්නීසියම් විටමින් B2 සහ එන්සයිම Q10 යනු ඉරුවාරදය වැලැක්වීම සදහා ස්වාභාවිකවම පවත්නා මුලද්‍රව්‍යයන් වේ.

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home