10 Sept 2011

සුදු කොඩි නඩුව

සරත් ෆොන්සේකාට එරෙහිව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය
Coat of arms of Sri Lanka.svg
ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය, කොළඹ
ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් මෙම නඩුව පවරා ඇත. මෙම නඩුවෙන් රජය වෙනුවෙන් නීතිපතිවරයා චෝදනා ගොනු කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට යටත් වීමට පැමිණෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හට නියෝග දුන් බව සරත් ෆොන්සේකා මහතා පවසා ඇති බවය. මෙසේ පවසා ඇති බව වාර්තා කර ඇත්තේ සන්ඩේ ලීඩර් පුවත්පතෙහි ය. එම පුවත සංස්කරණය කර ඇත්තේ සන්ඩේ ලීඩර් පුවත්පතේ ජනමාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස් නමැත්තිය විසිනි. පවරා ඇති මේ නඩුවට මුල්වී ඇත්තේ මෙම පුවත්පතෙහි මෙම පළකිරීමයි. ෆෙඩ්රිකා ජෑන්ස් නමැත්තිය පවසන්නේ සරත් ෆොන්සේකා මහතා තමාට දුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ බව යුද පෙරමුණේ සිටි මාධ්‍යවේදියෙක් ගෙන් දැනගත් බව ඔහු විසින් ප්‍රකාශ කල බවයි. මෙම චෝදනාව හා මෙම පුවත්පත් වාර්තාව සරත් ෆොන්සේකා මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. සරත් ෆොන්සේකා මහතා තමාට දුන් සම්මුඛ සාකච්ඡාව ඔප්පු කිරීමට ෆෙඩ්රිකා ජෑන්ස් විසින් අධිකරණයට ඉදිරිපත් කල සටහන් පොතෙහි සමහරක් පිටු පසුව වෙනස් වී ඇති බව අධිකරණය විසින් නිරික්ෂණය කර ඇත. මෙම නඩුව දැනට විභාගයට ලක්වෙමින් පවතියි.

මුලාශ්‍ර

  1. http://www.tops.lk/article28254-white-flag-case-commences-hearings-at-the-high-court.html
  2. http://www.tops.lk/article28624-white-flag-issue-fredrica-gives-further-evidence.html
  3. http://www.lankaenews.com/English/news.php?id=10121

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home