31 Aug 2011

ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය

ජ්‍යෝතිශ්ශාස්ත්‍රය යනු තාරකා හා ග්‍රහලෝක වල සාපේක්ශ පිහිටීම උපයෝගී කරගෙන මිනිස් ජීවිතය හා සඹැදි අවිනිශ්චිත පැතිකඩ සම්බන්ධව විශ්වාසය තැබිය හැකි තීරණ ගැනීමට යොදාගන්නා දැනුම හා විශ්වාසය මත පදනම්වූ ශාස්ත්‍රයකි. මෙහි මූලිකම අවශ්‍යතාවය වන්නේ අනාවැකි පල කරීමයි. ජ්‍යෝතිශ්ශාස්ත්‍රය ලෝකයේ පැරණිම විද්‍යාව ලෙස සැලකිය හැක. අතීතයේ මිනිසා අනන්ත අහස දෙස බලා එහි තරු තුලින් විවිධ රුප මැවූහ. එදා සිට එම තාරකා චක්‍ර හා ජීවිතයේ චක්‍ර අතර සම්බන්ධය සොයාගැනීමට ශතවර්ශ ගනනාවක් ගතවිය. වර්තමාන මිනිසා සඳ මත පා තැබීම දක්වා සියලු විද්‍යාවන් වල මූලාරම්භය ජ්‍යෝතිශ්ශාස්ත්‍රයයි.

සම්ප්‍රදායන්

එදා මෙදා තුර ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ විවිධ සම්ප්‍රදායන් පැවතින. මේ විවිධ සම්ප්‍රදායන් වල බොහෝ සමානකම් තිබුනද සමහර වෙනස්කම් ද ඇත. වර්තමානයේ ප්‍රධාන වශයෙන් ජ්‍යෝතිෂ්ශාස්ත්‍ර සම්ප්‍රදායන් තුනක් පවතී. ඒවා නම්:
මේවා අතුරෙන් ඉන්දියානු සම්ප්‍රදාය බොහෝ දුරට බටහිර සම්ප්‍රදායට සමාන කමක් දක්වයි. ඉන්දියාවේ සිට බටහිරට සංක්‍රමනය වූ විවිධ සින්දි ජන කොටස් හරහා බටහිරට ඉන්දියානු සම්ප්‍රදායන් සංක්‍රමනය වුනි යැයි සිතිය හැක. තවත් එක් මතයක් වන්නේ ක්‍රි:ව: 78 දී පමණ කණිශ්ක රජ තුමා (ශක වාංශික) ගාන්ධාර රටවල් යටත් කරගත් කාලයේ එහි සිට යුරෝපීය මාගයින් (Mages) ඉන්දියාවට පැමින බ්‍රාහ්මනයන් සමඟ කුලවැදුන බවයි. මෙම කණිශ්ක රජ තුමා සිංහාසනාරුඨ වූයේ ක්‍රි:ව: 78 දීය. ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ ඉතා වැදගත් වර්ශයක් වන ශක වර්ශ ක්‍රමය ආරම්භ වූයේද මෙම අවස්ථාවේ සිටය.

රාශි චක්‍රය

බටහිර හා වේදීය ජ්‍යෝතිෂයේ එන රාශි චක්‍රය එක සමාන නාමයන් ඇතිමුත් ‍චීන ජ්‍යොතිෂයේ එන රාශි චක්‍රය මීට වෙනස් වේ. බටහිර හා වේදීය ජ්‍යෝතිෂයේ පෘටිවිය වටා අහස කොටස් දොලසකට බෙදා පහත නාම කරන දී ඇත.
අංකය රාශිය අධිපතියා කාල පුරුශයාගේ අවයවය
1 මේෂ කුජ හිස
2 වෘෂභ ශුක්‍ර මුහුණ
3 මිථුන බුධ උරය
4 කටක චන්ද්‍ර හෘදය
5 සිංහ රවි බඩ
6 කන්‍යා බුධ උකුල
7 තුලා ශුක්‍ර වස්තිය
8 වෘශ්චික කුජ(ප්ලූටෝ) ලිංගය
9 ධනු ගුරු කලවා
10 මකර ශනි දෙදන
11 කුම්භ ශනි(යුරේනස්) කෙණ්ඩා
12 මීන ගුරු(නැප්චුන්) දෙපතුල

නව ග්‍රහයෝ

  1. රවි
  2. චන්ද්‍ර
  3. කුජ
  4. බුධ
  5. ගුරු
  6. ශුක්‍ර
  7. ශනි
  8. රාහු (‍බටහිර ජ්‍යෝතිෂය යේදී භාවිතා නොවේ)
  9. කේතු(‍බටහිර ජ්‍යෝතිෂය යේදී භාවිතා නොවේ)

වෙනත් ග්‍රහයෝ

  1. යුරේනස්
  2. නැප්චුන්
  3. ප්ලූටෝ

උපග්‍රහයෝ

සූර්‍ය උදාව සහා සූර්‍ය අස්ථය උපයෝගි කර ගනිමින්ද කේනද්‍රය සාදනවේලාවේ රවි නොහාත් සූර්යා සිටින ස්ථානය උපයෝගී කරගනිමින්ද වේදීය ජ්‍යෝතිෂ්ශයේ යොදාගන්න විශේෂ ග්‍රහයන් සඳහා උපග්‍රයෝ යන නම භාවිතා කරයි. ඒවා නම්,
  1. ධූම
  2. ව්යාප්ත
  3. පරිවේෂ
  4. ඉන්ද්රචාප
  5. උපකේතු
  6. ගුලික
  7. මාන්දි
  8. කෝදණ්ඩ
  9. යමගණ්ටක
  10. අර්ධ ප්රහාර
  11. මෘත්ය
  12. පරිධි
  13. කාල

නැකැත් (නක්ෂත්‍ර) 27

නැකත් යනු ද පෘථිවිය වටා අහස බෙදා ඇති එක් ක්‍රමයකි. නමුත් මෙය වැඩියෙන්ම සලකනු ලබන්නේ චන්ද්‍රයා සඳහාය. යම් අවස්ථාවක ලබා ඇති නැකත යනු එම අවස්ථාවේ චන්ද්‍රයා පිහිටා ඇති නැකත් කොටුවයි.



අධිපතියා දශා කාලය
1 අස්විද 10 මා 19 මුල කේතු අවුරුදු 7යි
2 බෙරණ 11 පුවපල් 20 පුවසල ශුක්‍ර අවුරුදු 20යි
3 කැති 12 උත්‍රපල් 21 උතුරුසල රවි අවුරුදු 6යි
4 රෙහෙන 13 හත 22 සුවන චන්ද්‍ර අවුරුදු 10යි
5 මුවසිරස 14 සිත 23 දෙනට කුජ අවුරුදු 7යි
6 අද 15 සා 24 සියාවස රාහු අවුරුදු 18යි
7 පුනාවස 16 විසා 25 පුවපුටුප ගුරු අවුරුදු 16යි
8 පුෂ 17 අනුර 26 උත්‍රපුටුප ශනි අවුරුදු 19යි
9 අස්ලිස 18 දෙට 27 රේවතී බුධ අවුරුදු 17යි

නැකත් පාද

මේ සෑම නැකතක්ම සමානව පාද සතරකට බෙදා ඇත. එක් පාදයක් යනු නැකතකින් සතරකින් කොටසකි.

විවේචනය

බුදු රජාණන් වහන්සේ ජ්‍යොතිෂය බොහෝ අවස්තා වලදී විවේචනයට ලක් කල සේක.
මජ්ජිම නිකායේ භද්දෙකරත්ත සූත්‍රයේ (සූත්‍ර අංක 131), බුදු රජාණන් වහන්සේ ‍ෙමසේ වදාල සේක,
“පසුවූ අතීතය ගැන නොසිතන්න, ඉදිරියට ඇති අනාගතය ගැනද නොසිතන්න. තමා දැන් සිටින වර්තමානය නොහොත් මේ මොහොත ගැන සිතන්න. අද කල යුතු දේ අදම කරන්න. හෙට ඔබ මෙලොවින් සමුගන්නා දවස විය හැක. මෙලොව සාර්ථකම ජීවිතය ගත කරනුයේ. නොපමාව, නිකරනුනේ කල් නොදමා, මේ මොහොතේ කල යුතු දේ, මේ මොහොතේම කරන පුද්ගලයාමය.”
දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ (සූත්‍ර අංක 1), ජ්‍යොතිෂය සහ සෙසු ගුප්ත විද්‍යාවන්, වංචනික ශාස්ත්‍ර ලෙස හඳුන්වා ඇත.
වංචාවෙන් විවාහයක් කඩාකප්පල් කල කපටි ජ්‍යොතිෂවේදියකු ගැන කියැ‍ වෙන නක්කත්ත ජාතකයේ බුදු රජාණන් වහන්සේ ‍ෙමසේ වදාල සේක,
“මෝඩයා නැකතක් එන තුරු නිකරුනේ බලා සිටී. සැබෑම නැකත වන්නේ තමාගේ අරමුණ සපල කරගැනීමයි. තරුවලට කුමක් කල හැකිද?”
එමෙන්ම විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ ජ්‍යොතිෂය සහ ‍ෙසසු ගුප්ත විද්‍යාවන් මහා සංඝරත්නයට තහනම් කර ඇත.

@ktdmk

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home