7 Aug 2011

සංගක්‌කාර (නො)කළ කතාව

 

ඔහු ඔවුන්ගේම කලාවකින් ඔවුන්වම විශ්මයට පත්කොට ඇත. පසුගිය සඳුදා ලන්ඩනයේ ලෝඩ්ස්‌ හිදී පැවැත් වූ කොළින් කවුඩි්‍ර වාර්ෂික දේශනය කළ හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්‌කාර එය ශ්‍රවණය කළ ඉංග්‍රීසි ජාතිකයන්ව පුදුමයට පත්කළ බව කියෑවේ. එයට හේතුව ඔහුගේ චතුර, හරවත් ඉංග්‍රීසි වාග් විලාසය පමණක්‌ නොවේ. පැයකට නොඅඩු සිය දේශනයෙන් ශ්‍රී ලංකා ජනසමාජය තුළට ක්‍රිකට්‌ ක්‍රීඩාව කාවැදී ඇති ආකාරය පිළිබඳව අපූරු, සංවේදී කථාවක්‌ ඔහු විසින් ගෙනහැර පෑවේය. තම රටෙහි ඓතිහාසික අනන්‍යතාව ක්‍රිකට්‌ ක්‍රීඩාවේ මතුවීම හා අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ එය සමස්‌ත ජනතාවගේම හදවතට කි¹බැසගත් ආකාරය, වාණිජකරණය හා වැරැදි පරිපාලනය හේතුවෙන් ක්‍රිකට්‌ ක්‍රීඩාව පසුකාලීනව අර්බුදයට ලක්‌වන අයුරු හා තිස්‌ වසරක යුද්ධය හා සුනාමි වැනි ව්‍යසනයන් හමුවේ පීඩිත වූවන් තම පැවැත්ම දෙවැනි කොට ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ආදරය කළ ආකාරය පිළිබඳ සංගක්‌කාර කළ දේශනය අවසානයේ එයට සවන් දුන්නන් සිය අසුන්වලින් නැඟී සිට කළ අත්පොළසන් නාදය විනාඩි ගණනක්‌ දික්‌වූ බව වාර්තා වේ.
බටහිර මාධ්‍යයන් හුරුකොට ගනිමින් ක්‍රමානුකූලව එය ශ්‍රී ලාංකිකකරණයකට ලක්‌කොට පසුව එම මාධ්‍ය හරහා බටහිරටම පාඩම් ඉගැන්වීමේ සිත්ගන්නා සුළු වටිනා ඉතිහාසයක්‌ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ඇත්තේය. නමුත් එහි යහ පැවැත්ම මෙතරම් තර්ජනයට ලක්‌වූ මොහොතක්‌ ඉතිහාසයේ නැති තරම් යෑයි කීවොත් නිවැරැදි වේ. මෙම වර්තමාන අර්බුදය පසුබිමෙහි සංගක්‌කාරගේ ඓතිහාසික දේශනය හිතාමතා හෝ නොසිතාම “හලා දමා” ඇත්තේ කුමක්‌ද?
සිය දේශනයේ මැද භාගයේදී ඔහු 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ ආර්ථික බලපෑම ගැන සිය අදහස්‌ දක්‌වයි.
“රූපවාහිනි සල්ලි ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලය වෙත ගලා ඒම ඇරඹිණි. විශාල ජාතික හා බහුජාතික සමාගම් අනුග්‍රාහක අයිතිය සඳහා සටන් කළේය. ක්‍රීඩකයන් සිය නියම මුදල් ඉපැයීම පටන් ගත් අතර…. මුල්වරට ඔවුන් සොසේaජස්‌ සිට ජංගම දුරකථන ජාල දක්‌වා ඕනෑම දෙයක්‌ ප්‍රචාරණය කරමින් දැන්වීම් පුවරුවලත් රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලත් පෙනී සිටියේය.”
ඉන්පසු ක්‍රිකට්‌ ඉතා ප්‍රායෝගික රැකියාවක්‌ද, ක්‍රීඩකයා සමාජයීය ලකුණක්‌, ප්‍රතිරූපයක්‌ මෙන්ම පරමාදර්ශයක්‌ ද බවට පත්වූ බව සංගක්‌කාර පවසයි.
මෙරට ක්‍රිකට්‌ පරිපාලනය දෙසට හැරෙන සංගක්‌කාර 1996 න් පසුව එය “තවමත් පටලැවිලි සහගත” බව කියයි.
“ඡන්ද මුලට ගැනීම හා හොර ඡන්ද පිළිබඳ චෝදනා, ඒවාට සිදුවන ක්‍රීඩක මැදිහත්වීම, වාර්ෂික සභා රැස්‌වීම්වල සිදුවන අපරාධ, තුවක්‌කු පෙන්නා කරන තර්ජන හා ගහගැනීම් මට මතක කාලෙක ඉඳල ක්‍රිකට්‌ පාලක මණ්‌ඩල නිලවරණයේ අංගයන් බවට පත් වුණා.
පරිපාලනය වඩා වෘත්තීය මට්‌ටමකට දියුණු නොවුණොත්, එමෙන්ම එය ඉදිරිය ගැන සිතන විනිවිදභාවයෙන් යුතු එකක්‌ද නොවන්නේ නම් ඉතා විශ්වසනීය ක්‍රිකට්‌ රසිකයා ක්‍රීඩාවෙන් ඉවත්වීමත් සමස්‌ත ක්‍රමයම කඩාවැටීමට ලක්‌වීමත් සිදුවිය හැකි බවට ඔහු තවදුරටත් අනතුරු හඟවයි.
මේ සියල්ල සත්‍යයකි. මෙය ලන්ඩන් නුවර ගෞරවනීය පිරිසක්‌ හමුවේ සිත් කාවදින ලෙස පැවසීමට සංගක්‌කාර නම් ත්‍රිත්ව විද්‍යාල ආදි ශිෂ්‍යයා එඩිතර වී තිබේ. ඔහුගේ සමස්‌ත දේශනය ඇත්තටම ශ්‍රී ලාංකේය ක්‍රිකට්‌ ක්‍රිඩාවේ සාරය, ආත්මය හා එහි හරි – වැරැද්ද ගැන දැනට කෙරී ඇති උත්කෘෂ්ඨතම ප්‍රකාශය යෑයි කිවහොත් ඊට එරෙහි වන්නන් ඉතා විරල වනු ඇත. නමුත් මෙම කථාවේදී සංගක්‌කාර නොපෙන්වන, හෝ සඟවන, තවත් ඇත්තක්‌” තිබේ. අප දැන් ඒ දෙස හැරෙමු.
අර මොබයිල්” එකෙන් මේ “මොබයිල්” එකට පැනල අරකට වඩා මේක හොඳයි කිව්වේ කුමන ක්‍රිකට්‌ ක්‍රීඩකයාද? එක්‌තරා සිසිල් බීමක්‌ ගැන බාල පරපුරට නොදිය යුතු ආදර්ශ දුන්නේ කව්ද? “සුබ අලුත් අවුරුද්දක්‌ වේවා! යෑයි කියන සංස්‌කෘතියේ වෘක්‍ෂය වෙළෙඳ ලොවට අනුව විකෘති කළේ කව්ද? “ජංගි” පෙන්නමින් සුද්දියො නටද්දි, අරක්‌කු මුදලාලිලා (විජය මල්ලයා) පවා සල්ලි හොල්ලපු අයිපීඑල් එකේ යටිතොල විකාගෙන බැට්‌ කළේ ඔහුම නොවේද? බාල කාලෙම මතුවී එන ක්‍රිකට්‌ “තරු” ඇහිඳල ඔවුන්ව වෙළෙඳ සමාජයට විකුණා යෑපෙන ක්‍රීඩක “මැනේජර්ල” ගැන කටක්‌ නොසොල්වා ඒ “මුදලාලි” මැනේජර්වම තමන්ගෙත් මැනේජර් කරගත්තේ මේ දෙබිඩි චරිතයමද?
1996 න් පසුව පරිපාලකයා දූෂිත වුණේ බෝඩ්වලට සල්ලි ආපු නිසා. සල්ලි ආවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයො ජනප්‍රිය වුණු නිසා. ක්‍රීඩකයො ජනප්‍රිය වුණේa “ආත්මාර්ථකාමී” වෙළෙඳ සමාජය වැඩි වැඩියෙන් උඩ දම දමා ඒ ක්‍රීඩකයන්ව “විකුණපු” නිසා. ඉතින් ඒ “උඩ දැමීමට” විචාරයක්‌ නැතිව දායක වුණු කෙනකුට ක්‍රිකට්‌ පරිපාලනය දූෂිතවීම ගැනවත්, ක්‍රීඩාවේ සාරය නායයැම ගැනවත් සෘජුව, අවංකව කතා කරන්න පුළුවන්ද? එහෙම නම් එක්‌කෝ ඔහු ඒ ගැන නොදන්නා කෙනෙක්‌ විය යුතුයි. නැතිනම් ඉතා සූක්‍ෂම දෙබිඩි චරිතයක්‌ විය යුතුයි. කුමාර් සංගක්‌කාර අයිති මින් මොන ගොඩටද යන්න තීරණය කිරීම කියවන ඔබට බාරයි.
කින්නියා සුනාමි අනාථ කඳවුරේදී තමන්ගේ දුක – සැප විමසූ අසරණ මිනිසුන් ගැන කියෑවෙන විස්‌තරයෙන් පසු සිය දේශනයේදී සංගක්‌කාර මෙසේ කියයි.
“මම මේ සියල්ල අත්දැක්‌කෙමි. ඉන්පසු එම මිනිසුන් මට දී ඇති වරප්‍රසාදය කිසිවිටෙක වරදෙහි නොයොදන බවට මටම සපථ කර ගතිමි” එය එසේම සිදු වේද?
ක්‍රිකට්‌ ක්‍රීඩාව ලෝක මට්‌ටමෙන් ආගාධයට යන ගමන නැවැත්වීමේ අරගලය මෙරට පරිපාලනය සුද්ද කිරීමට වඩා බරපතළ බව කිව යුතුය. මෙම සමස්‌ත අර්බුදය හමුවේ “විශ්වසනීය ප්‍රේක්‍ෂකයා” ක්‍රිකට්‌වලින් ඉවත්වීම වළකනු ලැබීමට වඩා කැපවූ, වඩා එඩිතර, වඩා දැනුවත් හා අවංක නායකයකු, ගැලවුම්කරුවකු මතුවී ආයුතු පසුබිමක්‌ දැන් නිමවී තිබේ. සංගක්‌කාර නම් ත්‍රිත්ව ආදි සිසුවාට එහිදී රණතුංග නම් ආනන්දීය කැරළිකරුගෙන් උගත යුතු බොහෝ පාඩම් තිබෙන බව නම් පැහැදිලිය. සිය මනරම් දේශනය වෙනුවෙන් කුමාර් සංගක්‌කාර වෙත හිස නමා ආචාර කරන ගමන්ම මෙයද කිව යුතුය. අප ලෝක මට්‌ටමෙන් මුහුණ දී ඇති සැබෑ ක්‍රිකට්‌ අර්බුදයට සාර්ථක ලෙස මුහුණදීමට නම් මෙම “ත්‍රිත්වානන්ද” සීමාවෙන්ද එහාට යන නායකයකු (මඟ පෙන්වන්නකු) අවශ්‍යය යන්නයි. සංගක්‌කාරට එය කළ හැකිද?

Labels:

0 Comments:

Post a Comment

ලිපිය කියෙවුවට ස්තූති...ඔබ දමන කමෙන්ට් එක මට ගොඩක් වටිනවා...ඔබේ අදහස කෙලින්ම කියලා යන්න..! බැනලා හරි කමෙන්ට් එකක් දානවා නම් කැමති....

Subscribe to Post Comments [Atom]

<< Home