කටින් එන දුගඳ නැතිකරගන්න

අපෝ මට මිසිස් පෙරේරා එකක් කරපූ කතාව කොයි වෙලේද ඉවරවෙන්නේ කියලා මං හිටියේ"

මිසිස් පෙරේරා ගියපූ හැටියේ මගේ මිතුරියක් කියපූ කතාවයි ඒ. මං ඇහැව්වා ඒකට හේතු මොකද කියලා. නෑ එයාගේ කටෙන් කතා කරනකොට එන්නේ මහ පූදුම උෂ්ණයක්නේ කියලා මගේ මිතුරිය මට උත්තර දුන්නා.

ඇත්තටම මිසිස් පෙරේරාලා වගේ උදවිය අපේ රටෙ ඕනෑතරම් ඉන්න පූළුවන් කතා කරන කොට කටෙි දුඟදක් හමන එක සාමාන්‍යයි. ඕනෑම නිරෝගී කෙනෙකුගේ කලාතුරකින් මූවින් දුඟදක් ඒම සාමාන්‍ය දෙයක්. ඒත් නිතරම ඒ දුඟද එනවානම් හොඳ දෙයක් නෙවෙයි. කටෙි දුඟද අවම කරගන්න අපට මොනවගේ දේවල් කරන්න පූළුවන් ද කියලා අපි සොයා බලමූ.


එය අවම කරන්නම් මූලින්ම දුඟද ඇතිවෙන හේතුන් හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යූතු වෙනවා.

සාමාන්‍යයෙන් උදේ අවදිවූ පසූත් නින්දට යන විටත් දත් සෝදා පිරිසිදු කිරීමේ වැදගත්කම කරන කෙනෙකුගේ වූණත් මූවින් දුඟදක් එන්න පූළුවන්. ඒ කැඩූණූ දත් සහ රෝගීවූ දත් කැබලි නිසායි. එවැනි දත් ඇත්නම් පූවක් මූල් ටිකක් ගෙන උණූවතුරට දමා තම්බා ඒ වතුරවලින් උදේ සවස කට සේදීමෙන් මූවින් හමන දුඟද නැති කරගන්නට පූළුවන්.
කට ගඳ ඇතිවෙන්න පූළුවන් තවත් හේතුවක් තමයි නිරාහාරව සිටීම, උදේ ආහාර නොගෙන ඔබ හිස්බඩ සිටීනම් බඩ ඇතුලෙන්ම එන දුඟදක් මූවින් පිටවෙන්න පූළුවන්. ඒ නිසා නිරාහාරව පිරිසක් මැදට ගොස් කතා කරන්නට පෙර දෙවරක් සිතන්න.

කටින් එන දුගඳ නැතිකරගන්න අපේ පැරැන්නන් බූලත් විට කෑ බව පේනවා. ඒත් අද වන විට බූලත්විටට එකතු කරගන්නා ඇතැම් ද්‍රව්‍ය නිසා (හූණූ, දුම්කොළ, පූවක් වැන දේ නිසා) ශරීරයට අහිතකර වන්නට පූළුවන්. නමූත් බූලත්විටට එක්කරගත් සාදික්කා, වසාවාසී, කරාබූනැටි, කරදමූංගු වැනි දේවල් වලින් මූව සූවඳවත් කරන බව රහසක් නොවේ. මේවායින් අඩූවැඩියක් පාවිච්චි කිරීම අපටත් හොඳයි.

අප හොඳ දේවල් තෝරාගන්නේ නම් ජීවිතය මොන තරම් සූන්දර වෙනවාද?








Devamını oku...

රාජා ඇතාගේ ඇසේ කඳුළු තැබූ හැටි

ලංකාදීප පත්තරේන් උපුටාගැනීමකි
 පරණ ලිපියට
මියගිය රාජාට පණ දුන් හැටි  - 1
මියගිය රාජාට පණ දුන් හැටි - 2


මියගිය රාජාට පණ දුන් හැටි - 3
2012 පෙබරවාරි මස 19 12:20:24 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
හමුදා රැකවරණ මධ්‍යයේ කොළඹට ගෙන ආ රාජාගේ සිරුරේ කොටස්වලින් සම වෙන්කැර ගැනීම අතිශය බැරෑරුම් කාර්යයකි.
‘‘මේ වෙනකොට හම ඉවත්කරන්න ඉතිරිවෙලා තියෙන්නේ අමාරුම කොටස් කිහිපයේ. ඇස් අසල, කන් සහ තොල්වල සම ඉතාමත්ම ප‍්‍රවේශමෙන් ඉවත් කරන්න  ඕන. ඒ වගේම සම්පූර්ණ හිසෙහි සම ඉවත් කිරීමත් පහසු දෙයක් නොවෙයි. පාදයේ නියපොතු ආසන්නය වෙන්කිරීමත් අතිශය බැරෑරුම් කර්තව්‍යයක්. අපි රාජා ඇතා හදන්නේ වියළි සංරක්ෂණ ක‍්‍රමයට. ඒ නිසා හම වියළාගැනීමේ අවශ්‍යතාව තිබෙනවා. මේ තරම් විශාල සමක් සංරක්ෂණය කිරීම ගැටලූ සහගතයි. නමුත් අපි ඒ අභියෝගය ජයගත්තා.’’
ගාමිණී කුමාරවිතාන මහතා පවසන්නේ පොටෑසියම් ඇලූමිනියම් සල්ෆේට් නමැති රසායනය මේ සඳහා අවශ්‍ය බවයි. නමුත් රාජා ඇතා තරම් සුවිසල් සත්වයකුගේ හමක් සංරක්ෂණයට ප‍්‍රමාණවත් තරම් එම රසායනය කෞතුගාකාරය සතුව තිබී නැත. මේ අවස්ථාවේ පිහිටට පැමිණ ඇත්තේ කොළඹ නගරයේ ජලාපවහන මණ්ඩලයයි. ඔවුන් සතුව ඇති පොටෑසියම් ඇලූමිනියම් සල්ෆේට් සංචිතයෙන් කොටසක් ලබාදීමට කොළඹ හිටපු නගරාධිපති දිවංගත රත්නසිරි රාජපක්ෂ මහතා යුහුසුළු වූවේය.
තෙල්මා ගුණවර්ධන මහත්මියගේ ඉල්ලීමකට අනුව ඉක්මණින්ම කි‍්‍රයාත්මක වූ නගරාධිපතිවරයා අවශ්‍ය සියළු රසායනික ද්‍රව්‍යයන් සැපයීම ගාමිණීගේත් පාලිතගේත් සැනසිල්ලට හේතුවක් වී තිබිණි.
‘‘හම ඉවත් කළාට පසසේ මේ හමේ අපිට අනවශ්‍ය මේද ප‍්‍රමාණයකුත් රැඳිල තිබුණා. ඊළග කාර්යය වුණේ මේ වැඩිපුර ඇති මේද කොටස් ඉතා සියුම් ලෙස ඉවත් කිරීම. එම කොටස් ඉවත් කළාට පසු හම කොටස් කිහිපයකට කපා පොටෑසියම් ඇලූමිනියම් සල්ෆේට් ද්‍රාවණයක බහා තබන්න අවශ්‍ය වුණා. මෙහිදී සිදුවන්නේ පැය 48 ක පමණ කාලයක් තිබීමේ දී හමේ ඇති ජලය එළියට විත් මේ රසායනිකය හම ඇතුළට කා වැදීමයි. මේ කාර්යය සඳහා සෝඩියම් ක්ලෝරයිඞ් සහ ෆීනෝල් කියන රසායනික ද්‍රව්‍යයත් අවශ්‍ය කරනවා.’’
කුමාර විතාන මහතා පවසන්නේ හිස කොටසේ හම වෙන්කැර ගැනීම සඳහා දින දෙක තුනක කාලයක් ගතවූ බවයි. කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොදැමුවද එහි මස් කුණු නොවී පැවතීම පුදුමයට කරුණක් බව ද ඔහු සිහිපත් කළේය.
ජාතික කෞතුකාගාර භූමිය පුරාම යම් දුගඳක් හමමින් තිබිණි. ගැලවූ හම වියළී හැකිලෙමින් තිබේ. කෞතුකාගාරායේ තිබූ විදුලි පංකා අතිවිශාල ප‍්‍රමාණයක් රාජා ඇතාගේ සම සකසන ස්ථානයට ගෙනවිත් කි‍්‍රයාත්මක කැර තිබෙන්නේ හම ඉක්මනින් වෙලාගැනීමේ අපේක්ෂාවෙනි. රසායනික ද්‍රව්‍ය හේතුවෙන් රාජාගේ සම අළු පැහැ ගැන්වෙමින් තිබේ. මේ අතර දළ දෙක වෙන්කැරගත් හිස කෞතුකාගාර භූමියේ තෝරාගත් ස්ථානයක මිහිදන් කළේ ඇතා සංරක්ෂණය කිරීමේදී හිස් කබල යළි ලබාගැනීමේ අපේක්ෂාවෙනි. කුමාරවිතනා මහතා පවසන්නේ රාජා ඇතාගේ හිස දින තුනක් පමණ වැළලීමට පෙර තිබුණ ද එය නරක් නොවූ බවයි.
‘‘මේ දින කිහිපයේ අපි නින්දක් නැතිව නොනවත්වා වැඩ කළා. ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මියගෙන් ලැබුණු සහයෝගය නොවන්නට මේ කාර්යය සාර්ථක කැරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇයත් අප සමග උරෙන් උර ගැටී අප‍්‍රමාණ වැඩකොටසක් සිදුකළා.’’
රාජා ඇතාගේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර නුවර දළදා මාලිගාවට ගිය මේ පිරිස තමන් ආරම්භකරන කාර්යය සාර්ථක වේවායැයි ප‍්‍රාර්ථනා කරමින් භාරයක් වී තිබේ. රාජා ඇතා යළි සංරක්ෂණය කිරීමේ කාර්යය අවසන් වූ පසු මාලිගාවට පැමිණ නෙළුම් මල් පූජාවක් කරන බව ඔවුන් දළදා සමිඳුන් ඉදිරියේ භාරවූ බව ගාමිණී කුමාරවිතාන මහතා කීවේය.
රාජා ඇතාගේ සම වෙන්කොට මාස අටක් පමණ ගතවූ පසු රාජාගේ අනුරුව ඉදිකිරීම ආරම්භ කැරුණි.
‘‘අපි සතාගේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප අතිවිශාල සංඛ්‍යාවක් බැලූවා. රාජා ඇතා මියයන විට යම් කෙසග තත්ත්වයකට පත්ව සිටි නිසා දියවඩන නිලමේතුමා අපෙන් ඉල්ලීමක් කළා රාජා ඇතාගේ අනුරුව හදද්දී නිරෝගී තරුණ ඇතා සිටි ආකාරයට හදන්න කියලා.’’
එවකට කොළඹ ජාතික කෞතුකාගාරයේ චර්ම ශිල්පියා වූ ගාමිණී කුමාරවිතාන මහතා, සංරක්ෂණ නිලධාරි පාලිත සමරප්පෙරුම මහතා, මෙන්ම නිර්මාණ ශිල්පීන් වන පේ‍්‍රමනාත් ජයසේකර මහතා එල්.ආර්. විජේපාල මහතා සහ එල්.පී. මහින්ද මහතා ඇතුළු කණ්ඩායමක් රාජා ඇතාගේ සම රැගෙන මහනුවර දළදා මාලිගයට ගියහ. දළදා මාලිගාවේ පසෙක ඇති කුටියක රාජාගේ අනුරුව සැකසීමේ කාර්යය ආරම්භ කැරුණි. ඊට පෙර දළදා හිමියන්ට මල් පහන් පුදා යළි භාරයක් වීමට ද මේ පිරිස අමතක කළේ නැත.
පාදස්ථ ඵලකය ඉක්මණින්ම ගොඩනැගිණි. ඉන් පසු පාදස්ථ ඵලකය මත යකඩ හා ලී භාවිතා කරමින් මූලික සැලැස්ම සකස් කැරුණි. අනතුරුව සිදුවූයේ ජීවානුහරණය කරන ලද කොහු එලා ඒවා ලණුවලින් බඳිමින් රාජාගේ සජීවී ප‍්‍රමාණය සහ හැඩයට අනුව ඇතාගේ සිරුර සකස් කිරීමයි.
‘‘මේ කාලයේ භීෂණය හිස ඔසවා තිබුණා. රාජා ඇතා සැකසීම ඉතාමත්ම ආශ්චර්යමත් දෙයක් කියා මම පුවත්පතකට දැනුම් දීමත් සමගම මට එක්තරා සන්නද්ධ කල්ලියකින් ලිපියක් ලැබුණා රාජා ඇතා සකස් කිරීම නවතා දමන්න කියා. ඔවුන් කියා තිබුණේ අලියා එක්සත් ජාතික පක්ෂයේ ලකුණ නිසා මෙය සෑදීමට ඉඩදිය නොහැකි බවයි. නමුත් අපි මේ දේවල්වලින් අධෛර්යමත් වුණේ නැහැ’’ කුමාරවිතාන මහතා එසේ කීවේය.
ඔහු පවසන්නේ අනුරුව සකසමින් සිටියදී ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා එම ස්ථානයට පැමිණ වැඩකටයුතු අධීක්ෂණය කළ බවයි. ජනාධිපතිවරයා පැමිණෙන විට ඇතාගේ එක් පැත්තක් පමණක් පෙනෙන ආකාරයෙන් අනුරුව සකසමින් තිබිණි. ඇතාගේ එක් කන්පෙත්තක හටගත් තුවාලයක් හේතුවෙන් ශල්‍යකර්මයකින් එහි කොටසක් ඉවත්කරන්නට සිදුව තිබිණි. මේ කන නරඹන්නන්හට දැකිය නොහැකි ආකාරයෙන් ඇතා එක් පැත්තකට හැරී සිටින ලෙස සැකසීම මේ නිර්මාණ ශිල්පීන්ගේ අදහසයි. නමුත් ජනාධිපති පේ‍්‍රමදාස මහතා කියා සිටියේ ඇතා ඉදිරිය බලාගෙන සිටින ආකාරයෙන් සෑදීම වඩාත් සුදුසු බවයි.
ඇතාගේ අනුරුව සැකසීම සඳහා ඇස්බැස්ටස් මිල් බෝඞ් නමැති සංයෝගයත්, ගම් සහ ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා ගැනුණි. දිවා රෑ නොබලා රාජාගේ අනුරුව සැකසීම සිදුකැරිණි. රාජා ඇතා ඒ ආකාරයෙන් අඹමින් සිටිය දී ආචාර්ය තෙල්මා ගුණවර්ධන මහත්මිය කිහිපවිටක් එම ස්ථානයට පැමිණ අවශ්‍ය උපදෙස් ලබාදුන්නාය. නෙරංජන් විජේරත්න දියවඩන නිලමේතුමා නිතිපතා එහි පැමිණ අවශ්‍යතා විමසීමට අමතක කළේ නැත.
ශරීරයේ ඇඹීම් කටයුතු අවසන් වෙමින් තිබියදී කොළඹ සිට හිස්කබල ගෙනවිත් එහි සවිකැරිණි. අනතුරුව හිස්කබල ද සකසා අඹන ලද රාජාගේ අනුරුව කළු පැහැති තීන්ත ආලේපයක් ගැල්වීමට ඔවුහු කටයුතු කළහ.
‘‘ඇතාගේ හම සංරක්ෂණය කරද්දී එහි තැන තැන පුංචි කඩතොළු තිබුණා. අපි ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා සෑදු අනුරුව සුදු පැහැති වුවහොත් ඒ සුදු පාට හමට යටින් පෙනෙන නිසා තමයි මේ විදියට කළේ. අනතුරුව අපි සකස් කළ අනුරුවට රාජාගේ සැබෑ හම පෙරෙව්වා.’’
විතාන මහතා පවසන්නේ ඇතාගේ ඇස්වලට ගැළපෙන කෘති‍්‍රම ඇස් මෙරට නොවූ බවයි. ඒ හේතුවෙන් විනිවිදක ප්ලාස්ටික් යොදා ඇස් සකස් කොට දළදා මාලිගාවේ ඇත් පන්තියේ සිටින වෙනත් ඇතුන්ගේ ඇස් පරීක්ෂා කරමින් විනිවිදක ප්ලාස්ටික් ඇස් වර්ණ ගැන්වීමට සිදුවූ බව ද හෙතෙම කීවේය.
‘‘අපි ඇස් සකස් කරමින් සිටියදී දියවඩන නිලමේතුමා ඇවිත් අපූරු ඉල්ලීමක් කළා. එතුමා කිව්වා රාජා ඇතා අවසන් වරට දළදා පෙරහැරට සහභාගී වූ අවස්ථාවේ දියකපන මංගල්‍යයය අවසන් කරලා ඇවිත් දළදා වහන්සේට ආචාර කරලා ටික වෙලාවක් මාලිගාව ඉදිරිපිට ඇස්වල කඳුළු පුරවගෙන හිටියා කියා. තමන් දළදා පෙරහරට සහභාගි වූ අවසන් අවස්ථාව මේ යැයි මේ සතාට දැනෙන්න ඇති කියලා තමයි දියවඩන නිලමේතුමාගේ විශ්වාසය වුණේ. ඒ නිසා එතුමා ඉල්ලා සිටියා මේ ඇතා ඇස්වල කඳුළු පුරවගෙන ඉන්න ආකාරයට නිර්මාණය කරන්න කියලා. නමුත් අපිට මෙය කරන්න පුළුවන් දෙයක් වුණේ නැහැ.’’
ඇතාගේ හම මේ වනවිට තිබෙන්නේ අළු පැහැයෙනි. එය රසායනිකයන් නිසා දුර්වර්ණ වී තිබේ. එහි නියමිත වර්ණය ගැනීම සඳහා අවර්ණ වාර්නිෂ් ගෙන නියමිත වර්ණය සාදා එය හමට ස්පේ‍්‍ර කිරීම සිදුකැර තිබේ. මේ වාර්නිෂ් බඳුනක් වැරදීමකින් රාජාගේ හම මත පෙරලී ගියේය. වහාම කි‍්‍රයාත්මක වූ පිරිස එය රෙදි කැබලිවලින් පිසදා දැමූහ. පසුදා ඔවුන් දුටුවේ හැලූනු වාර්නිෂ් තැන තැන බිඳිති වශයෙන් මිදී ඇති ආකාරයයි.
‘‘දියවඩන නිලමේතුමාගේ ඉල්ලීම ඉටුකරන්න පුළුවන් බව මේ සමගම තේරුම් ගියා. අපි පැය ගණනාවක් මහන්සි වෙලා ඇසෙන් කඳුළු බිඳු කිහිපයක් කඩා වැටෙන විදියට සකස් කළා. මේ ආකාරයෙන් තමයි ඇතාගේ කඳුළු බිඳු නිර්මාණය වුණේ’’
ඇතාගේ සියුම් කන්පෙති නිසි පරිදි සැකසීම අපහසු කාර්යයක් වෙද්දී එයට පිහිටට ආවේ එක්සේ රේ කොළ කිහිපයකි. ඒවා කන් පෙති සෘජුව සැකසීමට මහෝපකාරී විය. හිසට දළ සවිකොට රාජා ඇතාගේ අනුරුව සම්පූර්ණයෙන්ම නිමා කරන ලදී. එය මහජන ප‍්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට ඇත්තේ දින කිහිපයකි. ටිකෙන් ටික ඇතාගේ හිස පහත්වන බවක් පෙනෙන්නට තිබේ. හිස් කබලේ සහ දළ යුගලේ බරට මෙලෙස හිස පහත් වෙමින් ඇත.
‘‘ඇතැම් අය යෝජනා කළා දළ දෙකට මුක්කු දෙකක් ගහමු කියලා. නමුත් ඒ දේ කළොත් අපි මේ තරම් මහන්සිවූ කාර්යය සාර්ථක වන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දි පිහිටට ආවේ ඇතාගේ සද්ධන්ත කුලයේ ලක්ෂණ. අපි දන්නවා සද්දන්ත කුලයේ ඇතකුගේ හොඩය ඇතුළු ස්ථාන හතක් පොළොවේ ස්පර්ශ වනවා. ඒ නිසා අපි හො`ඩයේ වක‍්‍රතාවය තිබෙන විදියට යකඩ කූරක් යොදා හිසට ආධාරකයක් දුන්නා. ඉන් පසු එය නොපෙනෙන ආකාරයට හො`ඩය පෙරෙව්වා. දැන් ඉතාමත්ම සාර්ථක නිර්මාණයක් දක්නට ලැබෙනවා.’’
ගාමිණී කුමාරවිතාන මහතා පවසන්නේ තම වෘත්තීය ජීවිතයේ ඉතාමත්ම කීර්තියක් අත්කරදුන් මෙහෙවර ලෙස රාජා ඇතා යළි සැකසීම අවිවාදයෙන් පිළිගන්නා බවයි. පාලිත සමරප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමට මෙන්ම කොළඹ ජාතික කෞතුකාගාරයටත් මෙයින් ඉමහත් කීර්තියක් අත්වූ බව ඔහු පවසයි.
‘‘රාජා ඇතාට බෞද්ධ ජනතාවගේ පුදුම ආදරයක් තිබුණා. මේ ඇතා යළි සැකසූ අපට මුළු රටෙන්ම ගරු බුහුමන් ලැබුණා.’’
ඔවුන් සිදුකළ මෙහෙවර දේශයේ ගෞරවටය පාත‍්‍ර වූයේ ශී‍්‍ර ලංකා ශිඛාමණී පළමු පන්තියේ ජනාධිපති සම්මානයෙන් ගාමිණී කුමාරවිතාන මහතා සහ පාලිත සමරප්පෙරුම මහතා පුද ලැබීමෙනි.
අදට ද මහනුවර දළදා මාලිගාවට යන බොදු ජනතාව සිය ජාතියේ මුදුන් මල්කඩ වන් දළදා හිමියන් වසර ගණනක් වැඩම කරවූ රාජා හස්තියාගේ අනුරුව බලා වැඳ වැටෙන්නේ රටක, ජාතියක, ආගමක ගෞරවයට පාත‍්‍ර වූ මෙවන් සතකු මේ ලෝකයේ නැති බව යළි යළිත් සිහිපත් කරමිනි.
සජීව විජේවීර




රාජා ඇතා යළි සකසන ආකාරය

ගාමිණී කුමාරවිතාන

රාජාගේ අනුරුව තැන්පත් කැර ඇති ආකාරය
Devamını oku...

මංගල මූදුව සෑදීම

ඈත අතීතයේ මංගල මූදුව සෑදීම සඳහා විවිධ ලෝහ වර්ග යොදා ගනූ ලැබූවා. නමූත් නූතනයේදී මංගල මූදුව සඳහා රත්තරං යොදා ගැනීම සිදුවනවා. එයට හේතුව ලෙස දකින්නේ එම ලෝහයේ තිබෙන වටිනාකම, කිරණ ඇද ගැනීමේ ශක්තිය සහ පරාවර්ථනය කිරීම, ඖෂධීය වටිනාකම යන මේ කරුණූ සැලකිල්ලට ගැනීමයි. ඒ නිසා වර්තමානයේදී මංගල මූදුව රත්තරං වලින් සෑදීමට සෑම දෙනාම වගේ යොමූවී තිබෙනවා.

මංගල මූදුව නිර්මාණය කිරීමේදී විශේෂ සැලකිල්ලක් දක්වනවා. පිරිමියාගේ මූදුව හරියටම සමචතුරශ්‍රාකාරී විය යූතු අතර කාන්තාවක මූදුව එකම ආකාරයේ රවූම් හැඩයෙන් යූක්ත විය යූතුයි කියල. මංගල මූදුව සෑදීමේදී විවිධ හැඩයන්ගෙන් නොයූතු, කඩතොළු භාවිතයෙන් තොරව සෑදිය යූතුයි. ඒක තමයි අතීතයේ සිට පැවත එන සම්මතය වන්නේ. පැරැන්නන්ගේ විශ්වාසයක් තිබූණා කඩතොළු වූ මංගල මූදුවක් පිරිමියෙකු හෝ ගැහැනියකු පැළඳ සිටීමෙන් ඔවූන්ගේ විවාහ ජීවිතයද අවූල් වී කැඩීයන බව මංගල මූදුවෙන් විශාල බලපෑමක් පිරිමියාට සහ ගැහැනියට සිදුවන බව. පූරාණයේ සිට විශ්වාසයක් තිබූණා. ඒ වගේම පැරැන්නන් විවාහයක් සිදුවූ බව විශ්වාස කෙරුවේ විවාහයක් පිළිගත්තේ චාරිත්‍රාණූකූලව පෝරුවෙහිදී මංගල මූදුව පැලන්දුව විවාහයක් පමණයි.



මංගල මූදුව කඩතොළුවලින් තොර මූදුවක් ලෙස සෑදිය යූතු බව අප ඉහත සඳහන් කළා. ඒ වගේම මංගල මූදුවට මැණික් ගල් ඇල්ලීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමූත් ඒ අල්ලන මැණික් ගල අදාළ මනාලියගේ හෝ මනාලයාගේ කේන්ද්‍රයේ බලවත් ග්‍රහයකුට අයිති මැණික් වර්ගයක් වගේම කේන්ද්‍රයේ හත්වැන්නාධිපතිට අයත් වන මැණික් වර්ගයක් විය යූතුයි. ඒ වගේම ඔබ තෝරාගන්න මැණික පළුදු නොවූ, විකෘති නොවූ පිරිසිදු මැණිකක් වියයූතුයි.



මංගල මූදුව පළඳින්නේ වෙදගිල්ලේ. එයටත් හේතුවක් තිබෙනවා. එනම් වෙදගිල්ලේ සිට එන නහරයක් හදවතට සම්බන්ධයි යන මතයක් පැරැන්නන්ගේ තිබීමයි. එයින් යම් බලපෑමක් විවාහ වූ දෙදෙනාට ඇතිවන බව පැරැන්නන් විශ්වාස කරන්නට ඇති.

Devamını oku...